Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, November 14, 2008

ශී‍්‍ර ලංකාව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් කරලීමට මෙවර අයවැය ඉවහල් වෙනවා- ඇමැති දිනේෂ් ගුණවර්ධන

දයා පෙරේරා , දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
ලෝක ආර්ථිකයේ සිදුවන වෙනස්වීම් දෙස ද අවධානය යොමු කරමින් ඉදිරිපත් කරන ලද මෙම අයවැය යෝජනාවලිය ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට අප රට පත් කිරීම සඳහා ඉවහල් වනු ඇතැයි නාගරික හා පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක් වෙමින් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (13) පෙරවරු 9.30 ට රැස්විය.
නිවේදන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාර්තා හා ලිපි ලේඛනාදිය පිළිගැන්විණි. මන්තී‍්‍රවරුන් පිළිගන්වන ලද මහජන පෙත්සම්, පෙත්සම් කාරක සභාවට යොමු කරන ලදී.
වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසන ලද ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබා දුන්හ.
විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය) පිළිබඳව කල් තබනු ලැබූ විවාදය පස්වැනි දිනයට ආරම්භ විය.
අයවැය විවාදය ඊයේ (13) දින අරඹමින් කතා කළ මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා (එ.ජා.ප )-වැට් බද්ද සියයට 15 සිට 12 දක්වා අඩු කළ බව අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා කිව්වා.
එහෙත් වෙනත් බදු පැනවීම නිසා මේ බැට් බද්ද අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබෙන්නේ නැහැ. අනෙක් අතට රජයට ලැබෙන බදු ආදායම රුපියල් කෝටි 3100 කින් වැඩි වී තිබෙනවා. බද්ද අඩු කළා නම් බදු ආදායම වැඩි වෙන්නේ කොහොමද?
අද ආණ්ඩුවට මුදල් නොමැති ප‍්‍රශ්නයකට මුහුණ පා තිබෙනවා. පසුගිය සති අට ඇතුළත මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය සියයට 30කින් අඩු වී තිබෙනවා.
ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට යයි කියමින් ගෙනැවිත් තිබෙන මේ අයවැයෙන් උත්සහ කරන්නේ රජයේ මුදල් හිඟයට පිළියම් සෙවීමටයි. දේශීය ආර්ථිකය ගොඩ නැගිය යුතු නම් මේ බදු පැනවිය යුතුව තිබුණේ 2005 දී ඉදිරිපත් කළ අයවැයේ එහෙත් 2005 අයවැයේ එවැන්නක් සඳහන් වුණේ නෑ.
නාගරික හා පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා - රජයේ වැඩ කටයුතු විවේචනය කළාට කමක් නැහැ. එහෙත් ඒ සහේතුකවයි. හේතු රහිතව අසත්‍ය කරණු මත පදනම්ව විවේචන ඉදිරිපත් කිරීම අසාධාරණයි.
නැගෙනහිර පළාතේ ත‍්‍රස්තවාදය පරාජය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කොට තිබෙනවා. ඒ ප‍්‍රදේශයේ ආයුධ අත දරාගෙන ත‍්‍රස්තවාදී කි‍්‍රයාවල යෙදී සිටි පිරිස් පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුගත වෙලා.
ආරක්‍ෂාව සඳහා මුදල් වියදම් කිරීම අනවශ්‍ය බව කිරිඇල්ල මන්තී‍්‍රතුමා මොහොතකට පෙර කිව්වා. එහෙත් ආරක්‍ෂක අංශයට වෙන් කළ මුදල්වලින් අපි දැන් නැගෙනහිර පළාතේ ප‍්‍රතිඵල නෙලාගෙන තිබෙනවා. ඒ නිසා මා කණගාටු වෙනවා. මෙවැනි ප‍්‍රකාශ කිරීම ගැන.
අද උතුරේ කටයුතු විවේචනය කරන අය එදා නැගෙනහිර මුදා ගැනීමේ කටයුතුද දැඩි ලෙස විවේචනය කළා. ත‍්‍රස්තවාදීන්ට උත්තේජන ඇතිවන අයුරින් කතා කළා. එහෙත් අද ඔවුන්ගේ මේ විවේචන පුස්සක් බවට පත් වී තිබෙනවා.
අද ලෝක ආර්ථිකයේ විශාල වෙනස්වීම් සිදු වෙනවා. ලෝක බල තුලනයේ වෙනස මීට හේතු වී තිබෙනවා. ලෝක ආර්ථිකයේ සහ දේශපාලනයේ සිදුවන මේ වෙනස එක්සත් ජාතික පක්‍ෂය තේරුම් ගෙන නෑ. ආර්ථික බලය කේන්ද්‍ර වී ඇත්තේ එකම තැනක නොවේ. මේ බව තේරුම් ගත යුතුයි.
ලෝක ආර්ථිකයේ මේ වෙනස තේරුම් ගෙනයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය කටයුතු කරන්නේ. මෙවර අයවැය ඉදිරිපත් කළෙත් ඒ අවබෝධය ඇතිවයි. දේශීය නිෂ්පාදනය නගා සිටුවීම පදනම් කරගෙන මේ අයවැය යෝජනා සකස් කර තිබෙනවා.
තිරිඟු පිටි මත පැනවූ බද්දෙන් සිදු වන්නේ කුමක්ද ? දේශීය සහල් නිෂ්පාදනය ඉහළ නැංවීමයි. දේශීය කර්මාන්ත නගා සිටුවීමට මේ අයවැයේ යෝජනා රැසක් තිබේ. දේශීය කර්මාන්තකරුවන්ට ලබා දී මේ රුකුල ඵලදායී ලෙස යොදා ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
අපේ යටිතල පහසුකම් නැංවීමටද මේ අයවැයේ නිසි අවධානය යොමු කර තිබෙනවා.
( නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය. )
දිනේෂ් ගුණවර්ධන මහතා - යටිතල පහසුකම් කඩා නොවැටීම සඳහා ජල සම්පාදනය , විදුලිය , ඉඳිකිරීම් ඇතුළු අංශවලට විශාල වශයෙන් මුදල් වෙන් කර තිබෙනවා. මේ යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ ප‍්‍රතිලාබ ලබන්නේ මේ රටේ පොදු ජනතාවයි.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්ති‍්‍ර බිමල් රත්නායක මහතා (ජ.වි.පෙ) - මේ අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ අය කියන්නෙ මේ අයවැය දේශිය ආර්ථිකය ගොඩනැගීම සඳහා ඉදිරිපත් කළ අයවැයක් බවයි.
කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපගේ මතය, තර්කය බවට පත් වුනෙත් රටේ ආර්ථිකය, දේශීයත්වය මත පදනම් විය යුතු වෙයි. අපගේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ මතය වුනේත් මෙරට ආර්ථිකය දේශීය නිෂ්පාදනය මත පදනම් විය යුතුයි.
අදට වසර දහනවයකට පෙර මියගිය රෝහණ විජේවීර සහෝදරයා මෙන්ම ඝාතනයට ලක් වූ හැටදහසකගේ අදහස වුනෙත් මෙරට ආර්ථිකය දේශීය නිෂ්පාදනය මත පදනම් විය යුතු බවයි.
මෙවර අයවැයෙන් විශාල බදු ප‍්‍රමාණයක් පනවා තිබෙනවා. දේශීය කර්මාන්ත ආරක්‍ෂා කර ගැනීමට නම් විදේශයන්ගෙන ගේන භාණ්ඩවලට බදු පැනවිය යුතුයි. ඒකේ තර්කයක් නැහැ.
නමුත් අපි දේශීය රෙදිපිළි කර්මාන්තය දියුණු කරන්නට වැඩපිළිවෙළක් නැතිව පිට රටින්ගේන රෙදිවලට බදු පනවල වැඩක් නැහැ. දේශීය කර්මාන්ත ආරක්‍ෂා කර ගැනීමට නම් රාජ්‍ය හා පෞද්ගලික අංශය එක් විය යුතුයි.
(නියෝජ්‍ය කරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මූලාසනයට පැමිණියේය.)
උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා - සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට මම ස්තුතිවන්ත වෙනවා.
විශේෂයෙන්ම ලෝක ආර්ථික අර්බුදයක් තිබුන වෙලාවකයි මේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නෙ. ලෝක ආර්ථික අර්බුදය රටක් ලෙස අපටත් බලපෑම් එල්ල කළා.
ලෝකයේ ප‍්‍රමුඛ මූල්‍ය සමාගම කඩා වැටෙන තත්ත්වයට පත්වුනා පසුගිය කාලෙදි. ලෝක ආර්ථික අර්බුදය ඇති වූයේ දිගු කාලීන කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයක් ලෙසයි. මෙවැනි පසුබිමකයි අපගේ රජය අයවැය ඉදිරිපත් කළේ.
මෙවර අයවැය සංවර්ධනාත්මකයි. බොහෝ දෙනා සිතන ආකාරයට අයවැයක් ඉදිරිපත් කිරීම සහ සකස් කිරීම පහසු නැහැ. විශේෂයෙන්ම මෙවර අයවැයෙන් සාමය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.
විරැකියාව අඩුකර ගැනීමටත්, ආර්ථික වර්ධනය වේගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට රජයට හැකි වී තිබෙනවා. විශේෂයෙන්ම එවැනි ජයග‍්‍රහණ අප වැනි කුඩා රටකට සුළු ජයග‍්‍රහණ නෙවෙයි.
රටක නිවැරදි සංවර්ධනයක් අපේක්‍ෂා කරනව නම් රටේ කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම මෙවර අයවැයෙන් කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් සඳහා පොහොර සහනාධාරය ලබාදීම වෙනුවෙන් රජය වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. කුඩා තේ වතු හිමියන්ටත් පොහොර සහනාධාරය ලබා දීම අතිශය වැදගත්.
කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අංශ ගණනාවක් යටතේ රජය අවධානය යොමුකර තිබෙනවා. පොහොර සහනාධාරය ලබාදීම , පශු සම්පත ප‍්‍රවර්ධනය, ගෙවතු වගාවට වැඩි අවධානයක් යොමු කිරීම.
දරුවන්ට දියර කිරි ලබාදීම, ධාන්‍ය භෝග වැඩි වශයෙන් වගා කිරීම කෙරෙහි ජනතාව නැඹුරු කිරීම ආදිය අතිශය වැදගත්. ඉන්දියාව, චීනය වගේ රටවල් අද වෙනකොට වැඩි අවධානයක් යොමුකර තිබෙනවා කෘෂිකර්මාන්තය කෙරෙහි.
විශේෂයෙන්ම කෘෂිකර්මාන්ත විෂය කෙරෙහි විවිධ පර්යේෂණ විශ්වවිද්‍යාල මට්ටමින් වැඩි වැඩියෙන් සිදුකිරීම කෙරෙහිත් අවධානය යොමුකර තිබෙනවා.
ඒ වගේම කෘෂිකර්මාන්තය දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ රජයේ අලුත් වැඩපිළිවෙළක් නෙවෙයි. මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළත් මෙම වැඩපිළිවෙළ අන්තර්ගතයි.
එමෙන්ම මෙවර අයවැයෙන් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. විශ්වවිද්‍යාල සඳහා නව පාඨමාලාවන් ඇති කිරීම ද්විතියික උපාධි පාඨමාලාවන් නව විෂයයන් යටතේ පුළුල් කිරීම, අධ්‍යයන අනධ්‍යයන සේවක සේවිකාවන්ට අවශ්‍ය පහසුකම් වැඩි කිරීම ආදිය ඒ අතර ප‍්‍රධාන වෙනවා.
මඩකළපුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. කනකසබෛයි මහතා ( ද්‍ර.ජා.ස) - වන්නියේ සිදුවන යුදමය කි‍්‍රයාවලිය නිසා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්වෙලා . ඔවුන් මානසික ලෙස පීඩාවට පත්වෙලා.
රජය කියනවා මේ ප‍්‍රශ්නය සාකච්ඡාවෙන් විසදාගන්නට සූදානම් කියලා. එහෙම නම් මම රජයට කියනවා. රජය වහාම සටන් විරාමයකට ගොස් සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්නය ෂසදා ගැනීමට කටයුතු කරන ලෙස.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා - උද්ධමනය සියයට 20 කට පමණ පාලනය කර ගැනීම ඉතා අභියෝගාත්මක කාර්යයක්.
රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව නඟා සිටුවීම ඉතා වැදගත්. කුමන ජාතික හා ජාත්‍යන්තර අභියෝග තිබුනත් මේ ආර්ථිකය අපේ පාලනය යටතේ තිබීම සුවිශේෂයි.
මේ අයවැය උපකරණයක් හා මඟ පෙන්වීමක් පමණයි. යථාර්ථවාදී, ප‍්‍රායෝගික හා විද්‍යාත්මකවීමට උත්සාහ කළා. මෙහිදී බොහෝ දෙනා අය වැය ගැන කළ විවේචන පදනම් විරහිතයි.
අපේ රටේ ආර්ථිකය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන තිබෙනවා. නිදහසින් පසු පැවැති තත්ත්වය එයයි. 2005 න් පසු ප‍්‍රාදේශීය සංවර්ධනය, ග‍්‍රාමීය සංවර්ධනය හා කුඩා හා මධ්‍යම පරිමාන නිෂ්පාදකයන් ගැන අවධානය යොමු කළා.
වියදම ගැන පමණක් කතා කරන එහෙත් ලැබෙන ආදායම් ගැන කතා නොකරන පාර්ලිමේන්තුවක් මේක. නව ලිබරල්වාදී ආර්ථිකය ආරක්‍ෂා කිරීමට ලෝකයේ අද කවුරුත් නැහැ.
ඇමෙරිකාවේ ආර්ථිකය අද දැඩි සත්කාරක ඒකකයේ. පළමු හා දෙවැනි ලෝක යුද්ධවලදී සෙසු රටවල ආධාරයට අමෙරිකාව සිටියා. අද ඔහුට අර්බුදයට පත්වෙලා. ඒ රටට ආධාර දෙන්න රටක් නැහැ.
21 වැනි ශතවර්ෂය අයිති ආසියා මහාද්වීපයටයි. අපේ විපක්ෂය ඒ ගැන සළකන්නෙ නැහැ. අමෙරිකාවේ ජනපති තරගයෙන් ජයගත් බැරක් ඔබාමා මුලින්ම කීවේ කුමක්ද? මේ ආර්ථික අර්බුදය කෙසේ ඇති වූවක් දැයි නොදන්නා බවත් එය එහි ම ව්‍යුහයෙන් ජානගතව පැනගුණු දෙයක් බවත් ඔහූ කීවා.
මහජන බැංකුව හා ලංකා බැංකුව පෞද්ගලීකරණයට පිඹුරුපත් සැකසෙමින් තිබුණා. එහිදී ලංකා බැංකු සේවක සංගමය ගත් කි‍්‍රයාමාර්ග නිසා එය වැළකුණා. අද මේ ආර්ථික අර්බුදයට අප මුහුණ දීමට හැකිවී තිබෙන්නේ මෙම බැංකු දෙක රජය සතුව පවතින නිසයි.
(උඩවත්තේ නන්ද හිමියෝ මුලසුනට පැමිණියහ.)
ගුණසේකර මහතා - ජනාධිපතිතුමා අයවැයක් ඉදිරිපත් කළවිට විපක්ෂ නායකයාට සදාචාරාත්මක අයිතියක් තිබෙනවා විවාදය ආරම්භ කිරීමට. නමුත් ඒක කළේ වෙනත් අයෙක්.
නිදහසින් පසු අයවැය විවාදය ආරම්භ කළේ විපක්ෂ නායකයායි. නමුත් රනිල් වික‍්‍රමසිංහ විපක්ෂනායක වූ පසු කවදාවත් එහෙම කළේ නැහැ. විවාදය වෙනත් අයට පැවරුවා.
විවාදය ආරම්භ කළ රවි කරුණානායක මන්තී‍්‍රතුමාගේ මුළු කතාවම අවලාදයක් වුණා. කිසිම ආර්ථික විග‍්‍රහයක් කළේ නැහැ. අප බලාපොරොත්තු වුනා එවැනි විග‍්‍රහයක්.
එහෙම කළා නම් එය අපට ප‍්‍රයෝජනයක්. මේ අයවැය විවාදයට නායකත්වය දෙන්න විපක්ෂ නායකවරයාට බැරිනම්, ඔහු රටට නායකත්වයක් දෙන්නේ කොහොමද?
මෙය සරළව සැළකිය යුතු අර්බුදයක් නොවේ. හුදෙක් පුද්ගලයෙක් නිර්මාණය කළ ණය ගනුදෙනු පදනම් කරගෙන බැංකු ප‍්‍රධානීන් නිසා ඇතිවූවක් යැයි සළකන්න එපා. අප පොතේ ගුරාලා වෙන්න හොඳ නැහැ. ප‍්‍රායෝගිකව කටයුතු කරන්නැයි මා ජ.වි.පෙ. මන්තී‍්‍රවරුන්ගෙනුත් ඉල්ලනවා.
පත්කළ මන්තී‍්‍ර මුසාමිල් මොහොමඩ් මහතා (ජා.නි.පෙ.) -නව ලිබරල්වාදී ආර්ථික ක‍්‍රමයට දැන් අභියෝගයක් ඇතිවෙලා. මීට පෙර බොහෝ දෙනා සාකච්ඡා කළේ ගෝලීය වශයෙන් තවත් ආර්ථිකය විවෘත කිරීම ගැනයි. ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා ලෝකයේ දැන් වටපිටාවක් ;ගාඩ නැගී තිබෙනවා.
හැම අවුරුද්දකම අයවැය ගැන බලාපොරොත්තු ඇතිකර ගනිමින් සාකච්ඡා කර තිබෙනවා. පුළුල් හා විවෘත මනසකින් ප‍්‍රතිපත්තිමය දැක්මකින් යුතුව අයවැය දෙස බැලිය යුතුයි. අයවැය ගැන බොහෝ විවේචන තිබෙනවා.
මෙහි බොහෝ ගුණාත්මක දේ තිබෙනවා. ඉදිරියේදී කළ යුතු දේ තිබෙනවා. අප මේ අයවැය දෙස බලන්නේ විවෘත මනසකින්. කුහකත්වයකින් දකින්න නොවේ උත්සාහ කරන්නේ.
එජාපය බලයේ සිටියානම් අද කි‍්‍රයාත්මක වන්නේ යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩපිළිවෙළයි. මේ වැඩපිළිවෙළේ අංක එකේම තිබුණේ ප‍්‍රතිව්‍යුහගතකරණයයි. ප‍්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් විකුණා දැමීම හෙවත් ඈවර කිරීමයි.
මේ ජාතික විපතින් රට බේරාගැනීමට එදා අපි කටයුතු කළා. ඒ ආර්ථික ප‍්‍රතිපත්තිය සමඟ බලනවිට මේ රජයේ අයවැය ප‍්‍රකාශය පිළිබඳ අපට දැඩි ප‍්‍රතිවිරෝධතා නැහැ.
සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා - මම මේ සහභාගි වන්නේ 13 වැනි අයවැය විවාදයටයි. හැමදා විපක්ෂය කළේ කොතරම් හොඳ යෝජනා තිබුණත් අයවැයට විරෝධය පෑමයි.
ඒ අනුව තමයි අද විපක්ෂයත් කටයුතු කරන්නේ. එහෙත් අද මේ ඉදිරිපත් කරලා තියෙන්නේ දේශීය ආර්ථිකය නඟාසිටුවීම සඳහා හොඳම අයවැයයි.
ලෝක ආර්ථිකයේ අද ඇති වී තිබෙන තත්ත්වය අප හැමදෙනා දන්නවා. අපි මේ අයවැය ලේඛනය සකස් කළේ එම ලෝක තත්ත්වය හමුවේ බව විපක්ෂයට අමතක වෙලා. ලෝක ආර්ථික අවපාතය වෙනස් අතකට ගෙන ඒමට අපට බැහැ.
කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයට දියහැකි ඉහළම සහන මේ අයවැයෙන් සලසා තිබෙනවා. තේ කර්මාන්තය මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩ ඒමට යම් යම් යෝජනා තිබෙනවා. කසල තේ අලෙවිය තේ කර්මාන්තය මුහුණ පා ඇති බරපතළම අර්බුදයයි. මේ අර්බුදයෙන් තේ කර්මාන්තය මුදාගත යුතුයි.
මෙතෙක් කල් අපේ රට සුරැකී තිබුණේ අපේ කෘෂිකාර්මික නිෂ්පාදන නිසයි. දේශීය නිෂ්පාදනය මත පදනම්වූ ආර්ථිකයක් තමයි අපට තිබෙන්නේ. මේ නිසා තමයි දේශීය නිෂ්පාදන නගාසිටුවීමේ වැදගත්කම අපට වඩාත්ම දැනෙන්නේ.
අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය කෙරෙහි අයවැය යෝජනා සකස් කිරීමේදී දක්වා ඇති අවධානය පිළිබඳ හැමට සතුටු විය හැකියි. අධ්‍යාපනය තමයි හැම දෙයකටම වැඩියෙන් වටින්නේ.
පරිගණක අධ්‍යාපනය නගාසිටුවීමට වෙන් කළ ප‍්‍රතිපාදන විශාල අනාගත ආයෝජනයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීමටත් විශාල මුදලක් වෙන්කර තිබෙනවා.
පෞද්ගලික අංශයෙන් රටේ සංවර්ධනයට බලාපොරොත්තු වු මට්ටමේ සහයක් ලැබෙන්නේ නෑ. වතු සමාගම්වල කි‍්‍රයාකාරිත්වය මීට හොඳම නිදසුනයි. මේ සමාගම් ඉඩම් විනාශ කරනවා.
ඒත් ඒ ඉඩම් නැවත රජයට ගන්නත් බෑ. මොකද එ.ජා.ප. කාලයේ මේ වතු සමාගම්වලට ඉඩම් දුන් ප‍්‍රතිපත්තියේ ස්වභාවය නිසා. පසුගියදා වෝර්ටස් ඒජ් සමාගමට එරෙහිව දුන් අධිකරණ තීන්දුව අප අගය කරන්නේ මේ නිසයි.
පත්කළ මන්තී‍්‍ර රාවුෆ් හකීම් මහතා (ශ‍්‍රී.ල.මු.කො.) - මේ අයවැයේ අයවැය හිඟය පියවීමට ක‍්‍රමවේදයක් නැහැ. රුපියල් මිලියන 339 ක අතිවිශාල අයවැය හිඟයක් පියවීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.
ලෝක ආර්ථිකයේ ස්වභාවය අනුව මෙය තවත් අසීරු වෙනවා. දීර්ඝකාලීන ණය ගෙවීම සඳහා කෙටිකාලීන ණය ගැනීම මේ ආර්ථික අර්බුදයට හේතුවයි.
විදුලිබල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා - විරුද්ධ පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන් මේ අයවැය වාර්තාවේ කිසිදු හොඳක් දකින්නේ නෑ.
හකීම් මහතාත් ඒ වගේමයි. බලය බෙදීම ගැනත් එතුමා කතා කළා. බලය බෙදීම දැන් අතහැරලාද ඇහුවා. ඒක වැරදියි. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිවම කිව්වා මේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව.
ත‍්‍රස්තවාදීන් අවි බිම තබන තෙක් දේශපාලන විසඳුමක් සඳහා සාකච්ඡා කළ නොහැකියි. එල්.ටී.ටී.ඊ.ය අවි බිම තබා එනවා නම් සාකච්ඡාවලට සූදානම් බව ජනාධිපතිතුමා කිව්වා.
මෙය ජාතික ආර්ථිකය දියුණු කිරීමට ඉදිරිපත් කළ අයවැයක්. අපි සේවා අංශයට විශාල වශයෙන් සහන සලසනවා. විදුලි බලය ගනිමු. අපි ජනතාවට විදුලිය විකුණන්නේ ඉතා අඩු මිලකට අපි ඛනිජතෙල් සංස්ථාවට බිලියන 40 ක් ණයයි. අපිට මේ ණය වෙන්න සිදුවුණේ ජනතාවට අඩු මිලට විදුලිය ලබාදීමටයි.
තේ වෙළෙඳපොළ තුළ යම් යම් අර්බුද තිබෙනවා. කෙන්යාව කියන්නේ තත්ත්වයෙන් උසස් තේ නිෂ්පාදනය කරන රටක්. කෙන්යාව වැනි රටවල් සමඟ සමාන්තරව තරග කළේ නැත්නම් අපේ තේ වෙළෙඳපොළෙන් ප‍්‍රතික්ෂේප වීමේ අවදානමක් තිබෙනවා.
කුඩා තේ හිමියට තිබුණ බරපතළ ගැටලුවක් තමයි පොහොර මිල. නමුත් මෙවර අයවැයෙන් තේ ගොවියාට පොහොර සහනාධාරය ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. එය ඉතා හොඳ ප‍්‍රවණතාවක්.
ශ‍්‍රීලනිපය හැමදාම ගරු කළේ මිශ‍්‍ර ආර්ථිකයකට. ඒ වගේම දේශීය ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් ඉදිරිපත් කළ මහින්ද රාජපක්ෂ රජයේ හතරවැනි අයවැයට මගේ ප‍්‍රණාමය හිමිවෙනවා.
පත්කළ මන්තී‍්‍ර කේ. එන්. චොක්සි මහතා (එ.ජා.ප.) - මෙවර අයවැයේ අංශ ගණනාවක් කෙරෙහි අවධානය යොමුකළ යුතුයි. ආර්ථිකය සංවර්ධනය කරන්නේ මොන ආකාරයටද යන්න මෙවර අයවැයෙන් දක්වා නැහැ.
හැම රජයකම වගකීමක් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. බඩු මිල ඉහළ යාමට තෙල් මිල ඉහළ යාම බලපෑ බවයි රජයේ මතය. නමුත් එහි කිසිදු සාධාරණත්වයක් නෑ. එක්සත් ජාතික පක්ෂ පාලන කාලවලදීත් ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා.
කාන්තා අභිවෘද්ධි හා ළමා සංවර්ධන ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය - මෙවැනි වූ වැදගත් වූ අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබියදීත් විරුද්ධවාදීන් විවිධ අර්ථකතන ඉදිරිපත් කරනවා. මෙවර අයවැය දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා ඉදිරිපත් කළ ශක්තිමත් අයවැයක්.
ග‍්‍රාමීය මට්ටමේ ජීවත්වන ජනතාවගේ සිට සෑම ක්ෂේත‍්‍රයක්ම ආවරණය වන සේ මෙවර අයවැයෙන් සහන ලබාදී තිබෙනවා. ඒ වගේම ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගැනීම සඳහා මෙහෙයුම් සිදුකරන මොහොතක් මේක.
අදත් ප‍්‍රභාකරන් ත‍්‍රස්තවාදයෙන් ඈත්වීමට මානසිකත්වයක් නැති බව අපට පෙනෙනවා. 2002 ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ.ය තවත් ශක්තිමත් වුණා මිස අපේ රටට අත්වූ සෙතක් නැහැ.
අයවැය යෝජනාවල දෝෂයක් වරදක් ඉදිරිපත් කළ නොහැකියි. යෝජනා කි‍්‍රයාවට නැංවීමට බැරි බැව් කිසිවකුට කියන්න බැහැ. දේශීය නිෂ්පාදකයා නංවන යෝජනා තිබෙනවා.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීමට විශාල මුදලක් වැය කරන්න සිදුවුණා. අද දේශීය නිෂ්පාදකයා දිරිගන්වන යෝජනා මෙහි තිබෙනවා. පුරන් කුඹුරු වගාව සඳහා ඇළවේලී පවා සකස්කර දෙනවා.
අද අමෙරිකාව ඇතුළු දියුණු රටවල ආර්ථිකය කඩා වැටෙනවා. අද අපි වවමු රට නගමු වැඩසටහන යටතේ දේශීය නිෂ්පාදනය වැඩිකිරීමට යෝජනා තිබෙනවා.
පොහොර සහනාධාරය දිගටම කි‍්‍රයාත්මකයි. වී සඳහා පවතින මිල ගැන ගොවියා අපට සතුට පළකර තිබෙනවා. පොහොර රුපියල් 350/= ට ලබාදෙනවා. රටේ තත්ත්වය අනුව බලනවිට පොහොර මිටිය රුපියල් දහසක් වූවාට කමක් නැති බව ගොවියෝ අපට කියනවා. රටේ තත්ත්වය සැබැවින් තේරුම්ගත් අය එහෙම කියනවා.
එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉදිරිපත් කළ වැඩසටහන ඉදිරියට ගෙනාවා නම් අපේ රට මෙහෙම නැහැ. පෝලිම් ආදිය ගැන කියමින් ඒ වැඩපිළිවෙළ කඩා දැම්මා.
ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා (එ.ජා.ප.) - මෙය පෙ‍්‍ර¤ඩාකාරී අයවැයක්. සියලුදේටම බදු ගසා ජනතාව තලා පෙලා දමන අයවැයක්. සමෘද්ධිලාභීන් ලක්ෂ විස්සක් මෙයින් අමතක කරලා. රාජ්‍ය සේවක වැටුප වැඩි කළේ නැහැ. ජීවන අංක දීමනාව වශයෙන් රුපියල් 250/= ක සොච්චමක් පමණයි ලැබුණේ.
සීනි කිලෝවට රුපියල් දෙකක බදු පනවා තිබෙනවා. කිරිපිටි සඳහා රුපියල් 15/=ක බද්දක් පනවා තිබෙනවා. එසේ නම් බඩු මිල වැඩි නොවන්නේ කෙසේද? ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අසීමිතව ඉහළ යනවිට තෙල් මිල හා බඩු මිල වැඩිවීම පාලනය කළ නොහැකි බව ආණ්ඩුව කීවා.
අද තෙල් බැරලයේ මිල අඩුවීමේ වාසිය අපේ ජනතාවට ලබාදී නැහැ.
ග‍්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමැති පෙ‍්‍ර්මලාල් ජයසේකර මහතා - 2001 දී ඔය කියූ ආකාරයට කටයුතු කළා නම් අවුරුදු දෙකකින් ආණ්ඩුව අපට බාරදෙන්න වෙන්නෙ නැහැ. ඒ ගමන ගියා නම් අද අපට රටක් නැහැ.
මේ අය පමණක් නොව හැම අයවැයක්ම එ.ජා.පය දැක්කෙ නරක විදිටයි. ගම නැගුම, මඟ නැගුම, වැනි සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම වැරදිද?
ඒ වගේම අපේ රටේ පවතින මේ ජාතික ගැටළුවට දශක ගණනාවක් තිසසේ විසඳුම් සෙව්වා. අපේ රජය දැන් අවසන් විසඳුමක් කරා ගමන් කරමින් සිටිනවා.
මේ අයවැය විවේචනය කරන අය ලබා දී ඇති සහන දකින්නේ නැහැ. ඛණිජතෙල් මිල අඩු කොට තිබෙනවා. විදුලිබිල, ජල බිල අඩු කර තිබෙනවා. මේවා ජනතාවට ලැබෙන සහන නොවේද? තේ පොහොර රුපියල් 1000 ට දෙන්න රජය තීරණය කර තිබෙනවා.
දේශීය වෛද්‍ය ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා - ඕනෑම ආණ්ඩුවක් සිය අයවැය යෝජනාවලින් බලන්නේ ජනතාවට උපරිමයෙන් සහන සැලසීමයි.
අපේ රජයත් සද්භාවයෙන් යුක්තව මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා. කොයිතරම් සද්භාවයෙන් අයවැය ඉදිරිපත් කළත් විපක්ෂය එය විවේචනය කරනවා. ඒ වගේම ගමකින් පැමිණි නායකයකුගේ චින්තනය මේ රටේ කි‍්‍රයාත්මක වනවාට ඇතැම් අය බයයි. ඒ නිසා තමයි මේ කකුලෙන් අදින්නේ.
විපක්ෂ නායකතුමා අගමැතිව සිටියදී එතුමාටත් දර්ශනයක් තිබුණා. එතුමා තරුණයන්ට ඩෙනිම් අඳින්න, චුයින්ගම් කන්න, බේස්ලට් දාන්න යෝජනා කළා. ඒ තමයි එතුමාගේ චින්තනය. මේ රටේ එකම තරුණයකුටවත් රැකියා දෙන්න ඒ අයට බැරි වුණා.
ඒ වගේම එදා උතුරු නැඟෙනහිර තත්ත්වය අපිට මතකයි. එදා සටන් විරාම ගිවිසුම හරහා තමයි ත‍්‍රස්තවාදීන් සන්නද්ධ වුණේ. අද කුරුම්බැට්ටි යානා ගැන කතා කරන්නේ එදා ඒවා මෙරටට ගෙන ඒමට උපකාරී වූ අයයි.
(ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනයට පැමිණියේය)
අවිගත් ත‍්‍රස්තවාදීන් පිරිසක් නිසා තමයි මේ රටේ බරපතල ප‍්‍රශ්නයක් ඇති වී තිබෙන්නේ. ත‍්‍රස්තවාදයක් නොතිබුණා නම් මේ රටේ කිසිම බරපතල ප‍්‍රශ්නයක් නෑ. අපි එකම රටක ජනතාවක්.
ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කේ. තුරෙයිරත්නසිංහම් මහතා (දෙ.ජා.ස.) - මෙය මේ රටේ ජනතාව මුලාකරන අයවැයක්. යුද්ධය සඳහා විතරයි ප‍්‍රමාණවත් මුදලක් වෙන් කරලා තියෙන්නේ.
ලුණු ඇටයේ සිට සෑම දෙයකටම බදු පනවා තිබෙනවා. සාම්පූර් තාප විදුලිබලාගාරය පිහිටුවීම පිළිබඳ තවදුරටත් සොයා බලන්න.
ජාතිය ගොඩනැගීමේ ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා - මෙවර අයවැය ගැන විපක්ෂයේ මන්තී‍්‍රවරු අදහස් දැක්වූයේ විවේචනාත්මකවයි. නමුත් මෙවර අයවැය ඉතා සාර්ථක එකක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ මේ රටේ ජනතාව පිළිගත්තේ මීට වසර තුනකට පෙරයි.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වකවානුවේදී කොටි ත‍්‍රස්තවාදීන් සමග සටන් විරාම ගිවිසුමක් අස්සන්කර තිබුණා. එවැනි ඊනියා ගිවිසුමක් කි‍්‍රයාත්මක වූ වකවානුවකයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වුණේ. එවැනි වටපිටාවක් සහිතව බලයට පත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ සමස්ත ජනතාවට සාමය උදාකර දීම වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම මාවිල්ආරු සිද්ධියත් සමඟයි මේ මෙහෙයුම් ආරම්භ වුණේ. විශේෂයෙන්ම මෙවර අයවැය දේශීය ආර්ථිකය මත පදනම් වූ අයවැයක්. ජාතියක් ලෙස මෙතෙක් කළක් අපට දෙපයින් නැගී සිටින්නට බැරිවුණේ මේ රටේ ත‍්‍රස්තවාදය නිසයි. ඒ බව මේ රටේ කුඩා දරුවා පවා දන්නවා.
අද අපේ රණවිරුවන් අද ත‍්‍රස්තවාදියා සමඟ මුහුණට මුහුණ ලා සටන් කරනවා. මේ රටේ රණවිරුවා අමරණීයයි. ශ්‍රේෂ්ඨයි. අතීතයේ අප ජීවත් වුනේ සාම කඩතුරාවෙන් වැසී ගිය සමාජයක.
ඊනියා සටන් විරාම ගිවිසුම් නිසා අපේ රණවිරුවන් මානසිකව පවා ඇද වැටී සිටියා. මහින්ද රාජපක්ෂ යනු ජීවිතය පරදුවට තබා රටේ ඒකීය භාවය වෙනුවෙන් කැපවී කටයුතු කරන නායකයෙක්.
ආරක්ෂක සේනාධිනායකයනුත් ඒ වගේමයි. ඉතා ඉක්මනින් මේ රටට සාමය උදාවෙන බව විශ්වාසයි. නැගෙනහිර පළාතේ ජනතාවට අද වෙන කොට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට අපගේ රජය කටයුතු කර තිබෙනවා.
නැඟෙනහිර පළාතේ පාලම්, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, මාර්ග පද්ධතිය අද දියුණු වෙනවා.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජයලත් ජයවර්ධන මහතා (එජාප) - අපේ රටේ ජාතික ගැටළුවට සදාකාලිකව විසඳුමක් ලබාදෙන තෙක් ;මහි අවසානයක් නෑ. අපි යුදවාදී වෙලා මේ ප‍්‍රශ්නය විසඳන්නට බෑ.
ජනාධිපතිවරයා සර්ව පාක්ෂික කමිටුව හරහා දේශපාලන විසඳුමක් සාකච්ඡා කරනවා. මේ යුද්ධය නිසා වන්නියේ ජනතාව පීඩාවට පත්වෙලා. වන්නියේ ජනතාව පීඩාවට පත්වෙනව කියල කියනකොට රජය කියන්නෙ ජයලත් ජයවර්ධන කොටියා කියලා.
හුසේන් බයිලා මහතා - ඒ අයගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහායි ඔවුන් ඉවත්කිරීමට පියවර ගන්නෙ.
ජයවර්ධන මහතා - කිලිනොච්චියේ ජනතාවට ආහාරත් නෑ.
රෝහිත අබේගුණවර්ධන මහතා - අපි අපේක්ෂා කරන ආකාරයේ රතු පලස් කිලිනොච්චියේ නැහැ. නමුත් කිලිනොච්චියේ මුදා නොගත් ප‍්‍රදේශවලට පවා දිසාපති කාර්යාල මගින් ආහාර බෙදා දීමට රජය කටයුතු කර තිබෙනවා.
ජයවර්ධන මහතා - ඉන්දියාව බල කරනවා දහතුන් වැනි සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබාදෙන්න කියලා.
සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා - දහතුන්වන සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබා දීම පිළිබඳව අපි සර්ව පාක්ෂික කමිටුවේදී හෝ වෙනත් තැනකදී කිසිම සාකච්ඡාවක් කරල නැහැ.
ඒ නිසා ඒකාබද්ධ ප‍්‍රකාශනය පිළිබඳව මම හෙට උදේ අදහස් ප‍්‍රකාශ කරන්නම්. තමුන්නාන්සේ ජිනීවා ගිහිල්ල කොටි ගුබ්බෑයම්වල ලැගපු හැටි ගැන මගෙන් අහගන්න එපා. එජාපයේ අනික් මන්තී‍්‍රවරු දෙදෙනා එක හෝටලයේ ඉන්නත් බය වුණා.
ජයලත් ජයවර්ධන මහතා - මම කොටි හිතවාදියෙක් නම් රටේ නීතිය අනුව කටයුතු කරන්න.
සුසිල් පෙ‍්‍ර්මජයන්ත් මහතා - ජයලත් ජයවර්ධන මහතා සභාව නොමඟ යවන ආකාරයෙන් මා සම්බන්ධයෙන් පැවසූ දේවල් ඉවත් කරන්න. මම තෛ‍්‍රයිනිකායික භික්ෂූන් වහන්සේලාට අපහාස කළේ නෑ.
නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති පී. රාධකි‍්‍රෂ්ණන් මහතා - ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා ඉදිරිපත් කළ එකක්.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය)
රාධකි‍්‍රෂ්ණන් මහතා - ආනයනය කරන ධාන්‍ය භෝග වලට සෙස් බද්දක් පනවා තිබෙනවා. නමුත් අතීතයේ දී අපි ධාන්‍ය භෝග අපනයනය කළා. මේ බදු පැනවීමත් සමඟ අතීතයේදී වගේ නැවත අපනයන තත්ත්වයට ආ හැකියි.
විශේෂයෙන්ම තිරිඟු පිටි වලටත් බද්දක් පනවා තිබෙනවා. තිරිඟු පිටි මත පැනවූ මේ බද්ද වතුකරයට යම් බලපෑමක් තිබෙනවා අපේ රටේ සහල් පරිභෝජනය ඉහළ නැංවීම හොඳ දෙයක්.
ඛණිජ තෙල් හා ඛණිජ සම්පත් සංවර්ධන ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා - ජයලත් ජයවර්ධන මහතා කිසිම පදනමක් නැතිවයි අයවැය විවේචනය කළේ’ ජනපතිතුමන්ට මගේ සුභාශිංසනය පුදකරනවා.
යථාර්ථවාදී අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳ ඇමෙරිකාව ආර්ථිකයේ පතාක යෝධයෙක්. මේ පතාක යෝධයාත් කඩා වැටී තිබෙන කාලයක අපගේ ආර්ථිකයට බලපෑම් වන බව ස්වාභාවිකයි.
මේ අයවැය ඉතා ප‍්‍රායෝගික එකක්. සාමකාමී රටක් ගැන සිහින මවන සැමට සතුටු විය හැකි අයවැයක්. හැම දෙනාම එක අම්මගේ දරුවෝ කියලා හිතන්න ඕන.
අපේ මාතෘ භූමිය සංවර්ධනය කිරීමට පියවර ගනිමින් ඉදිරියට යමු. අපේ ජනාධිපතිªමා මේ රටේ සියලු ජනතාවගේ ජනාධිපතිවරයායි. එතුමා තීන්දු තීරණ ගැනීමේදී මේ ගැන හොඳින් සිතා බලනවා.
මේ අයවැයෙන් පෙනෙන්නෙත් ඒ කාරණයයි. කොයිතරම් බැරෑරුම් තත්ත්වයක් යටතේ වුවත් සැමට සහන සලසා තිබෙනවා.
විවාදය අද (14) දිනට කල් තැබිණි.
(පාර්ලිමේන්තුව අද (14) උදේ 9.30 ට රැස්වේ.)

No comments: