Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 13, 2008

කාන්තාවන් ශක්තිමත් කිරීම තුළින් රටට වැඩදායක විශිෂ්ටයන් බිහිවෙනවා-ඇමැති ජීවන් කුමාරතුංග

රාවතාවත්ත සමූහ රෝහන ද සිල්වා
කාන්තාව ශක්තිමත් කිරීම සඳහා ගන්නා පියවරවල් මගින් රටට වැඩදායක විශිෂ්ට කාන්තාවන් බිහිකිරීමට අවස්ථාවක් උදා වී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ප‍්‍රකාශ කර සිටියේය.
ඒ මහතා එසේ ප‍්‍රකාශ කර සිටියේ පසුගියදා මොරටුව විල්ලෝරාවත්ත මාතෘ හා ළමා සායනය සහ කාන්තා සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන දේශනය පවත්වමිනි. මොරටුව නගරාධිපති දේශබන්දු සමන්ලාල් ප‍්‍රනාන්දු මහතාගේ ඉල්ලීම මත රුපියල් ලක්‍ෂ සියයක කැනේඩියානු ආධාර මෙම ව්‍යාපෘතිය සඳහා වියදම් කොට ඇත.
ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය හා කැනඩාවේ බීඩ් පදනම ලබා දුන් අතර සෙවනත නාගරික සම්පත් මධ්‍යස්ථානය විසින් සම්බන්ධීකරණ කටයුතු කරන ලදී. විල්ලෝරාවත්ත කිතලන්දළුවේ විල්ලෝරාවත්ත ප‍්‍රජාශාලාව පිහිටා ඇති ගොඩනැගිල්ල නවීකරණය කොට මෙම මාතෘ හා ළමා සුබසාධන සායනය හා කාන්තා සම්පත් මධ්‍යස්ථානය ඉදිකොට ඇත.
මෙහිදී තවදුරටත් කතා කළ ජීවන් කුමාරතුංග මහතා මෙසේද ප‍්‍රකාශ කර සිටියේය. කාන්තාවන්ගේ ශක්තිය මේ රටට අවශ්‍යයි. විශේෂයෙන් ම මොරටුව වැනි නාගරික කොට්ඨාසයක කාන්තාවන්ගේ යහපත සඳහා කාන්තා සම්පත් මධ්‍යස්ථානයක් බිහිවීම ඉතාමත් යහපත් කටයුත්තක්.
මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු කිහිපදෙනෙක් ම මෙහිදී කතා කළහ.
මේ උත්සවය සඳහා මොරටුව නියෝජ්‍ය නගරාධිපති මොරිස් විජයරත්න, මොරටුව ප‍්‍රාදේශීය ලේකම් ස්වර්ණා විමලවීර, මොරටුව මහ නගර සභා මන්තී‍්‍රවරුන් වන පි‍්‍රයනාත් මෙන්ඩිස්, ඇලෙක්ස් ශී‍්‍ර රංජන් කුරේ, අතුල පීරිස්, අජිත් චන්ද්‍රසෝම, සුජිත් පුෂ්පකුමාර, මනෝජ් මෙන්දිස්, රොහාන් ප‍්‍රදීප් කුමාර, රන් අරුණළු කාන්තා සමිතියේ සභාපති චන්ද්‍රිකා කුමුදිනී, කාන්තා බැංකුවේ සභාපතිනී රූපා මානෙල්, මොරටුව නාගරික කොමසාරිස් වී. සී. වර්ණකුලසූරිය යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

No comments: