Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 4, 2008

ගෑස් මිල අඩුවෙයි ලාෆ් රු. 180කින් - ෂෙල් රු. 78කින් බසී මිල සූත‍්‍රයට අනුව පාරිභෝගිකයාට වාසිය ලබා දුන්නා - ඇමැති බන්දුල ගුණවර්ධන

සමන්මලී පි‍්‍රයශාන්ති
ඊයේ (31) මධ්‍යම රාති‍්‍රයේ සිට බලපැවැත්වෙන පරිදි ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 180 කින් හා ෂෙල් ගෑස් සිලින්ඩරයක් රුපියල් 78කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව අද (01) සිට කිලෝග‍්‍රෑම් 12.5ක ෂෙල් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1785ක් වන අතර ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1679කි.
ඉකුත් අගෝස්තු හා සැප්තැම්බර් මාසවල ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉතා පහළ මට්ටමක පැවැති බැවින් ගෑස් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමේ අරමුණෙන් රජය මෙම නව මිල සංශෝධනය සිදු කළ බව වෙළඳ, අලෙවි සංවර්ධන, සමූපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ෂෙල් සමාගම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 59කින් වැඩි කරන ලෙසත් ලාෆ්ස් සමාගම 179කින් අඩු කරන ලෙසත් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබූ බව පැවසූ ඇමැතිවරයා සුපුරුදු පරිදි මෙවරද ගෑස් මිල තීරණය කරනු ලැබූවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත වූ මිල සූත‍්‍රයට අනුව යැයි ද කීවේය.
ගෑස් මිල සූත‍්‍රය ඇරඹූ දා සිට රජයට අධිකාරියට හා වෙළඳ අමාත්‍යාංශයට දැවැන්ත අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවූ අතර ගෑස් මිල වැඩිවන විට විශාල අනුපාතයකින් වැඩිවන බවටත් අඩු වන විට කුඩා අනුපාතයක් ගන්නා බවටත් චෝදනා එල්ල වූ බවද ඒ මහතා පැවසීය.
තමන්ට කුමන චෝදනා එල්ල වුවත් ගෑස් මිල අඩු වැඩි කිරීමේ කාර්යය කෘතීමව සිදු කළ නොහැකි බව කී ඇමැතිවරයා මේ වන විට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 821ක් දක්වා අඩුවී තිබෙන බවත් කීවේය.
ලාෆ්ස් හා ෂෙල් සමාගම් සඳහා මිල සූත‍්‍ර දෙකක් කි‍්‍රයාත්මක වන බව පැහැදිලි කළ ඇමැතිවරයා ලාෆ්ස් ගෑස් සමාගම දේශීය ගෑස් ලබා ගන්නා බැවින් නැව් ගාස්තු සඳහා වැයවීමක් සිදුවන්නේ නැති බවද කීවේය.
නමුත් ෂෙල් ගෑස් සමාගම පිටරටින් ගෑස් ආනයනය කරන බැවින් නැව් ගාස්තු ද ගණනය කිරීමෙන් අනතුරුව මිල සංශෝධනය සිදු කිරීමට සිදු වූ බවත් පැවසීය.
මේ නිසා ලාෆ්ස් ගෑස් රුපියල් 180කින් හා ෂෙල් ගෑස් රුපියල් 78කින් අඩුකර පාරිභෝගිකයාට ලෝක වෙළඳපොළේ ගෑස් මිල අඩුවීමේ වාසිය ලබාදීමට තීරණය කළ බවද ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

No comments: