Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 5, 2008

දරුවකු සමඟ බසයෙන් ගිය කතගේ ගමන් මල්ලේ C-4 පුපුරන ද්‍රව්‍ය ඉරට්ටපෙරියකුලම මාර්ග බාධකයේ දී අල්ලයි

විජයානි එදිරිසිංහ සහ වවුනියාව උතුර සමූහ
වවුනියාව සිට මැදවච්චිය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක දරුවකු වඩාගෙන ගමන් කළ මවකගේ ගමන් මල්ලේ තිබි අධිබලැති සී 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර ප‍්‍රකාශ කෙළේ ඉරට්ටපෙරියකුලම මාර්ග බාධකයේදී මගීන් පරීක්ෂා කළ අවස්ථාවේ මෙම කාන්තාව ළඟ තිබී පුපුරන ද්‍රව්‍ය සොයාගත් බවයි.
අවුරුද්දයි මාස හයක් වන කුඩා දරුවකු වඩාගෙන සිටි ඇගේ ගමන් මල්ලේ අඛිබලැති සී 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය ග‍්‍රෑම් 450 ක් බැටරියක්, ඩෙටනේටරයක් ඇතුළු උපකරණ කිහිපයක් තිබී සොයාගෙන ඇත. ඇය ආර්. විජිතා නම් වූ ද්‍රවිඩ කතකි.

No comments: