Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 19, 2008

කථිකයන් නෑ: විවාදය කලින් අවසන්

නියමිත කථිකයන් සභා ගැබේ නොසිටීම නිසා පාර්ලිමේන්තුවේ අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ (18) පැයකුත් මිනිත්තු හතළිහකට පෙර අවසන් කැරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන, කම්කරු සබදතා හා මිනිස් බල යන අමාත්‍යංශ තුනේ වැය ශීර්ෂ සඳහා කාරක සභා අවස්ථාවේ සාකච්ඡාව අවසන් වීමට නියමිතව තිබුණේ පස්වරු 5.00 ට ය.
කුරුණෑගල දිස්ති‍්‍රක් ජ. වි. පෙ. මන්තී‍්‍ර බිමල් රත්නායක මහතාගේ කථාවෙන් පසු මුලසුනේ සිටි උඩවත්තේ නන්ද හිමියෝ කථිකයන් කිහිප දෙනකුගේ නම් ඉදිරිපත් කළහ. එහෙත් ඔවුන් කිසිවකු සභා ගැබේ නොසිටි බැවින් විවාදය නිම කිරීමට මුලසුන තීරණය කෙළේය.
අනතුරුව සභාව කල් තැබීමේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කර තිබූ කුරුණෑගල දිස්ති‍්‍රක් එ. ජා. ප. මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා ද සභා ගැබේ නොසිටියේය.
එම විවාදය ද නොපැවැත්වීමට තීරණය කළ මුලසුණ හෙබවූ උඩවත්තේ නන්ද හිමියෝ පාර්ලිමේන්තුවේ කටයුතු පස්වරු 3.20 ට අවසන් කර සභාව අද (19) පෙරවරු 9.30 දක්වා කල් තැබූහ.

No comments: