අමෙරිකානු ඉතිහාසයේ පළමු වන කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඩිමොක‍්‍රැටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක 47 හැවිරිදි බැරැක් හුසේන් ඔබාමා ඊයේ විජයග‍්‍රහණය කළේ ඔහුගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක 72 හැවිරිදි ජෝන් මැකේන් පරාජයට පත් කරමිනි.
එරට වේලාවෙන් රාති‍්‍ර 11.00 ට රූපවාහිනී ජාල මගින් බැරැක් ඔබාමාගේ ජයග‍්‍රහණය ප‍්‍රකාශයට පත් කරත්ම අමෙරිකාව පුරා ඔහුගේ ආධාර කරුවන් සතුටු කඳුළු වගුරුවමින් ප‍්‍රීතියෙන් උද්දාම වූ බව ප‍්‍රකාශ වී තිබේ.
ඉන් අඩ පැයකට පසු ඔබාමා සිය උපන් බිම වන චිකාගෝහි රැස් වූ 125,000 ක පමණ ජනකායක් ඉදිරියේ සිය ජයග‍්‍රාහී කතාව පවත්වමින් අපේක්ෂා කරන ‘වෙනස’ අමෙරිකාව කරා ළඟා වී ඇතැයි කීවේය.
ඉදිරියේ ඇති මග දිගුය. එහිදී මහා කන්දක් නැගීමට අපට සිදුව තිබේ. වසරකින් හෝ වසර 4 කින් වත් එහි මුදුනට ළඟා විය නො හෙනු ඇත. එහෙත් අප හැමට එහි ළඟා විය හැකි යැයි ඔහු කීවේය.
පරාජිත ජෝන් මැකේන් මෙන්ම වත්මන් ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ද වහා ඔහුට සුබ පැතීමට පෙළඹී තිබිණ. පරාජය පිළි ගනිමින් කතා කළ මැකේන් මෙය අප‍්‍රිකානු අමෙරිකානුවන්ට විශේෂ වූ ජයග‍්‍රහණයක් බව කීවේ ඔබාමාට සහාය ලබා දෙන බවට සපථ කරමිනි. මේ පරාජය ඔබේ නොව මගේ පමණක් යැයි ඔහු සිය ආධාරකරුවන්ට කීවේය.
ජනතාව තෝරාගත් ජනාධිපති තුමනි ! මමත් ලෝරාත් ඔබටත් ඔබේ යහපත් මනාලියටත් සුබ පතමු යැයි බුෂ් කීවේය.
ලබා ඇති විජයග‍්‍රහණය මැද බැරැක් ඔබාමා අමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා ලෙස 2009 ජනවාරි 20 දා ධුරයේ වැඩ බාරගනු ඇතැයි පැවසේ.

No comments:
Post a Comment