Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 18, 2008

කොටින්ගේ පතරොම් ගබඩාවක් සැපයුම් කඳවුරක් ගුවනින් වනසයි

චන්ද්‍රිකා පෙරේරා
කිලිනොච්චි පලෙයිහි පිහිටි කොටින්ගේ ජීව පතාරොම් ගබඩාවක් සහිත කඳවුරු පරිශ‍්‍රයක් හා අතරමැදි සැපයුම් කඳවුරක් ගුවන් හමුදාව පෙරේදා (16) රාතී‍්‍ර පහරදී විනාශ කැර තිබේ.
ප‍්‍රහාරක ජෙට්යානා උපයෝගී කර ගනිමින් එදින රාතී‍්‍ර 7.30 ට හා 11.30ට මේ පහරදීම් සිදුකර තිබේ. පලෙයි හන්දියට කිලෝමීටරයක් පමණ ඊසාන ප‍්‍රදේශයේ පතාරොම් ගබඩාව සහිත කොටි කඳවුර පිහිටුවා තිබිණි. එයට එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලදී එම ගබඩාව පුපුරා ගිනිගන්නා අයුරු
පනික්කන්කුලම් පිහිටා තිබේ. යේ උදේ සිට පැවැති දැඩි සටනකින් පසු සවස 2.00 ට පමණ මාන්කුලම් සහ පනික්කන්කුලම යන නගර දෙකම සියතට ගැනීමට යුදහමුදාවෝ සමත්වූහ. මේ ප‍්‍රදේශ අත්පත්කර ගත්තේ දස වසරකට පසුවය.
යුද හමුදාවේ 3 වැනි කාර්ය සාධක බළකාය විසින් මේ නගර දෙක ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගත් අතර ඊට නායකත්වය දී ඇත්තේ බි‍්‍රගේඩියර් සත්‍යප‍්‍රිය ලියනගේ බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය.
ඒ - 9 පාරේ පිහිටි මාන්කුලම් නගරය උතුරේ අතිශය වැදගත් ප‍්‍රධාන නගරයක් වන අතර මාන්කුලමට බටහිරින් වන්නිවිලයන්කුලම් පාරත් මාන්කුලමට නැගෙනහිරින් ඕලුමඩු පාරත් මාන්කුලමට දකුණින් කනකරායන්කුලම් නගරයත් පිහිටා තිබේ.
ත‍්‍රස්තවාදීන්ගේ මරඋගුල් සහ යුද අගල් රැසකින් සමන්විතව බංකර ගණනාවක් සහිතව මාන්කුලම්හි බලය ඔවුන් පවත්වාගෙන ගිය අතර ඉතාමත් සාර්ථකව එම සියලු බාධක මැඩගෙන ඊයේ උදේ සිට දැඩි ප‍්‍රහාර එල්ල කළ යුද හමුදාව ප‍්‍රදේශය අත්පත් කරගෙන තිබේ.

No comments: