Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 6, 2008

ආර්ථික අර්බුදවලට එකම විසැඳුම රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමයි - ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා හා ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර

අනුර පෙ‍්‍ර්මලාල්
ලෝකයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදවලට විසැඳුම් ලබාගත හැක්කේ රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමෙන් පමණක් යැයි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා හා ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා පවසයි.
ඇමැතිවරයා මෙසේ ප‍්‍රකාශ කළේ සේවක අර්ථ සාධක අරමුදල් අයිතිය දිනා ගැනීමේ අරගලයට වසර පනහක් පිරීම නිමිත්තෙන් වෘත්තීය සම්මේලන ශාලාවේදී පැවැති සම්මන්ත‍්‍රණයේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ඩිව් ගුණසේකර මහතා මෙසේද පැවසීය.
එ. ජා. ප. රජය සමයේ මහජන බැංකුව හා ලංකා බැංකුව පෞද්ගලී කරණය කරන්න පිඹුරු පත් සකස් කළා. ඒවා සාර්ථක වුණා නම් අද ලංකාවේ ආර්ථිකය ඉවරයි. එය වළක්වා ගැනීමට ලංකා බැංකු සේවක සංගමය ඉටු කළ සේවය විශිෂ්ටයි.
වසර 1958 දී රුපියල් මිලියන දොළහකින් ආරම්භ කළ සේවක අර්ථ සාධක අරමුදල අද වන විට රුපියල් මිලියන පන්සීය ඉක්මවා තිබෙනවා. මීට වාර්ෂිකව රුපියල් මිලියන හතළිහක දායකත්වයක් ලැබෙනවා.
මේ අරමුදලට වාර්ෂිකව රුපියල් මිලියන 59 ක් එකතු වන අතර මෙහි සාමාජිකත්වය ලක්ෂ 21 ක් වෙනවා. ලංකාවේ තිබෙන විශාලම අරමුදල මෙයයි.
රජය අය වැය ලේඛනය සඳහාත් එදිනෙදා කටයුතු වෙනුවෙනුත් මුදල් ලබා ගන්නා ප‍්‍රධාන අරමුදල වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. ශ‍්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව පත්වූ අවස්ථාවේ එහි කම්කරු ඇමැතිවරයාවූ එම්. ඩී. බණ්ඩා මහකතා වෙත බලපෑම් කරමින් පාර්ලිමේන්තුවේ සේවක අර්ථ සාධක අරමුදල ගැන අදහස් ඇති කෙළේ පීටර් කෙනමන් සහෝදරයයි.
එවකට සේනානායක රජය මුදල් නැති බව පවසමින් සේවක අර්ථ සාධක අරමුදල් පනත පැත්තකට දැම්මා.
අනතුරුව 1956 දී පත්වූ රජයට වෘත්තීය සමිති අදහස් දැක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස සේවක අර්ථ සාධක අරමුදල බිහි වුණා. එවකට අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මේ අයිතිය සියලු සේවකයන්ට ලබා දිය යුතුයි යන අදහස පළ කරමින් ජාතික වශයෙන් මේ අරමුදල ස්ථාපිත කළේය.
ඒ අනුව මේ රටේ කම්කරුවන්ගේ දායකත්වයෙන් ගොඩනැගුණු විශාලතම අරමුදල බිහි වුණා. එදා ඊට විරුද්ධ වු පිරිසක් පසුව මේ අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය ලබා ගත්තා.
එදා වෘත්තීය සමිති අරගලයකින් ලබාගත් ජයග‍්‍රහණ වත්මන් වෘත්තීය සමිති ව්‍යාපාරයට ආදර්ශයක්. මේ වන විට අප රටේ වෘත්තීය සමිති ඉතා පහත් තත්ත්වයකට වැටිලා. මෙයින් වාසි ලබන්නේ හාම් පුතුන් හා රජයන්.
ප‍්‍රජාතාන්ති‍්‍රක වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මෙහිදී ලංකා සම සමාජ පක්ෂයේ මහ ලේකම් විමලසිරි ද මෙල් හා ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ ඩී. ඩබ්ලිව්. සුබසිංහ මහත්වරුද කථා කළහ.

No comments: