Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, November 14, 2008

දමිළ සහෝදරවරුන් සුරැකීමට මා වගකීමෙන් බැඳී සිටිනවාජනාධිපති නවදිල්ලි නුවර දී කියයි

ශී‍්‍ර ලංකාවේ දෙමළ සහෝදරවරුන් ආරක්‍ෂා කිරීම තම වගකීම බවත් උතුරේ නැඟෙනහිර දෙමළ ජනතාවගේ මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා රජය විශේෂ අවධානය යොමු කැර ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නවදිල්ලියේ දී ප‍්‍රකාශ කෙළේය.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා සමඟ නවදිල්ලි නුවරදී ඊයේ (13) පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් පසු ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේය.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කැර දීම සඳහා තම රජය කැපවී කි‍්‍රයා කරන බවත් ත‍්‍රස්තවාදයට යට වී සිටි නැඟෙනහිර තරුණ තරුණියන් අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැලඳ ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.
නැඟෙනහිර සිටි ප‍්‍රමුඛ පෙළේ ත‍්‍රස්තවාදී නායකයකු අද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වී සිටින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ආයුධ බිම තබන්නේ නම් පමණක් ඕනෑම වේලාවක එල්.ටී.ටී.ඊ.ය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වූවත් රටේ සියලු ජනතාව එකම ජනතාවක් සේ සළකා කටයුතු කරන බවත්, ත‍්‍රස්තවාදය පරාජය කර සියලු ජාතීන්ට එකට එක්ව ජීවත්විය හැකි සාමකාමී රටක් ගොඩ නැගීම තම ප‍්‍රමුඛ අභිලාෂය බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ප‍්‍රකාශ කෙළේය.
නැඟෙනහිර ජනතාව ත‍්‍රස්තවාදයෙන් මුදාගත්තා සේම නුදුරේදීම උතුරේ ජනතාවද ත‍්‍රස්තවාදයෙන් මුදාගන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා ත‍්‍රස්තවාදයට එරෙහි සටන කිසිදු වෙනසකින් තොරව ඉදිරියටම ගෙනයන බව සඳහන් කළේය.
විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප‍්‍රසාද් කාරියවසම් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

No comments: