විජයානි එදිරිසිංහ සහ පුත්තලම සමූහ
කොටි ත්රස්තවාදීන්ට ඔත්තු සපයමින් ඔවුන් සමග සමීප සබඳතාවක් පැවැත්වූ බවට සැක කරන පෞද්ගලික විද්්‍යුත් මාධ්‍ය ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මුස්ලිම් අයෙකු වන මොහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ හැඳුනුම්පතක් සහ ව්‍යාජ හැඳුනුම්පත් තුනක්, ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ.
ව්‍යාජ ගමන් බලපත්‍ර තුනක්, බිල්පත් පහළොවක්, ජංගම දුරකථන වලට යොදන සිම් කාඩ් අටක්, වීඩියෝ පට තුනක්, එන්නත් කටු දොළහක් ව්‍යාජ රබර් මුද්‍රා තුනක් ඒ අතර වෙයි.
එම ජංගම දුරකථන සිම් කාඩ් අතරින් හතරක් උතුරේ ත්රස්තවාදීන් සමග කතා කිරීමට යොදා ගෙන තිබී ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වූ බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා කියයි.
මොහු එම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයේ පුත්තලම ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරු ලෙස කටයුතු කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා මගින් අත් අඩංගුවට ගෙන මොහු කල්පිටිය පොලිසියට බාරදී ඇත.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment