Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 13, 2008

රට අභ්‍යන්තරේ යුද්ධයක් තිබියදීත් ජනපති සංවර්ධනයට විශාල මුදලක් වෙන්කළා -ඇමැති ගාමිණී තිලකසිරි

රාවතාවත්ත සමූහ රෝහන ද සිල්වා
මේ රටේ හිටපු කිසිම නායකයෙක් එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට අතගැසුවේ නැහැ. ඔවුන් සිතුවේ මෙම කුරිරු ත‍්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමට බැහැ කියලයි.
නමුත් අද අපේ ජනාධිපතිතුමා එම කතාවල් සියල්ලම බොරු කරමින් මානුෂික මෙහෙයුම් හරහා කොටි සංවිධානය පරාජයේ අවසාන මොහොත වෙත ළඟකාර තිබෙනවා යැයි, බස්නාහිර පළාත් සභාවේ කී‍්‍රඩා, යෞවන කටයුතු, ග‍්‍රාම සංවර්ධන හා කර්මාන්ත ඇමැති ගාමිණී තිලකසිරි මහතා පැවැසීය.
ඒ මහතා එසේ පවසා සිටියේ, මොරටුව ඉඳිබැද්දේ, සුධර්මාරත්න පටුමගේ, අතුරු මාර්ගයක් සම්පූර්ණයෙන්ම කොන්කී‍්‍රට් අතුරා සකස් කොට ප‍්‍රදේශයේ ජනතාවට පැවරීමේ උත්සවයේදීය. එහිදී තවදුරටත් කතා කළ ගාමිණී තිලකසිරි මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.
ලෝකයේ කිසිම රටක යුද්ධයක් කෙරීගෙන යද්දී රටේ සංවර්ධන කටයුතු කරන්නේ නැහැ. නමුත් රටේ අභ්‍යන්තරයේ යුදමය වාතාවරණයක් තිබියදී අනෙකුත් සංවර්ධන කටයුතු අඩාල නොකොට එම සංවර්ධන කටයුතු නොනවත්වා කරගෙන යෑම සඳහා ජනාධිපතිතුමා විශාල මුදලක් වෙන්කොට තිබෙනවා. මෙම පාරට කොන්කී‍්‍රට් දැමීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මා විසින් ලබාදුන්නා.
මෙවැනි ව්‍යාපෘති කිහිපයක්ම මා මේ වනවිට මොරටුව ප‍්‍රදේශයට ලබාදී තිබෙනවා. මගේ ඡන්ද කොට්ඨාසය හෝමාගම. එය විශාල ප‍්‍රදේශයක්. ග‍්‍රාම සේවා නිලධාරි කොට්ඨාස 91 ක් එහි තිබෙනවා. විශාල වශයෙන් සංවර්ධන කටයුතු රාශියක් එහි කි‍්‍රයාත්මක වෙනවා. මම දේශපාලනය පටන් ගත්තේ කැස්බෑවෙන්.
කැස්බෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන්, එම ඡන්ද කොට්ඨාසයටත් මා ලක්ෂ 100 ක් සංවර්ධන කටයුතු සඳහා වියදම් කර තිබෙනවා. ඔබලාගේ මොරටුව කොට්ඨාසය සඳහාද මේ වනවිට ලක්ෂ 75 කට අධික මුදලක් ලබාදී තිබෙනවා. ලබන වසරේ මීට වඩා වැඩි මුදලක් මොරටුවේ පාරවල් සෑදීම සඳහා වෙන්කර දෙනවා. මහනගර සභාව සතුව විශාල ප‍්‍රතිපාදන නැහැ. එම නිසා මන්තී‍්‍රවරුන්ට සහයෝගය දීම මගේ යුතුකමක්.
මොරටුව නියෝජ්‍ය නගරාධිපති මොරිස් විජයරත්න මහතා, මොරටුව මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් වන තිලකසිරි ප‍්‍රනාන්දු සහ ලක්මාල් කුමාර ප‍්‍රනාන්දු උත්සව සභාව ඇමතූ අතර මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතා සමග ප‍්‍රියනාත් මෙන්දිස්, රොහාන් දිමුතු කුමාර ප‍්‍රනාන්දු යන මන්තී‍්‍රවරුන්ද සහභාගි වූහ.

No comments: