චන්ද්‍රිකා පෙරේරා සහ මහින්ද කුලතුංග
ඒ-9 මාර්ගයේ මාන්කුලම් සසහ පනික්කන්කුලම් නගර දෙක ඊයේ (17) සවස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නා ලදී. මේ නගර දෙක අයත් වන්නේ මුලතිව් දිස්ති්රක්කයටය.
මේ ප්‍රදේශ දෙක අතර දුර කිලෝමීටර් 10 ක් පමණ වෙයි. මාන්කුලමට උතුරින් ගුවන් නියමුවන් නිරීක්ෂණය කර තිබේ. ඒ ආසන්නයේම තිබූ ත්රස්තවාදීන්ට අවි ආයුධ හා පිරිස සපයන මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ලකර ඇති අතර එම ස්ථානයට රැස්කරනු ලබන ත්‍රස්තවාදී පිරිස හමුදා බළඇණි වෙත ප්‍රහාර එල්ලකිරීම සඳහා යොදවමින් තිබූ බවට බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.
ම් අනුව නිවැරැදි ඉලක්ක වෙත පහරදීම් සිදුකළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවසුවේය. මේ අතර අක්කරයාන්කුලම් සිට කිලෝමීටර් දහයක් පමණ නැඟෙනහිර දෙසින් සිට ආරක්ෂක බළ ඇණි වෙත පහර දෙමින් ත්‍රස්තවාදී සැඟව සිටි ස්ථානයකට ඊයේ (17) දහවල් එම්.අයි.24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මගින් පහරදී තිබේ. 57 වැනි සේනාංක භටපිරිස් වලට සහාය ලෙස මෙම පහරදීම සිදුකළ බව ගුවන් හමුදාව සඳහන් කරයි.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment