ප්‍රින්ස් ගුණසේකර
ලබන වසරේ දී ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව යටතේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගිවන සියලුම ජාත්‍යන්තර කී‍්‍රඩා තරගාවලි පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධියට පත්කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය පියවරගෙන ඇත.
සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම පළවන පුවත්පත් දැන්වීම් මගින් ජාතික කී‍්‍රඩා සංගම්, පුහුණුකරුවන් හා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කල්වේලා ඇති ව දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ.
එයට අමතරව විදේශ තරග සංචාරවල දී පදක්කම් දිනාගත හැකි මට්ටමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණක් රජයේ මුදල් වැය කිරීමේ යෝජනාවක් ද මෙතුලින් කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තු වේ.
අදාල විදේශ තරග සංචාරයට මාස 2කට කලින් විධිමත් පුහුණු වැඩසටහන්වලින් අනතුරුව ජාතික තේරීම් කමිටුව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වර්ගීකරණයකට යටත් කරයි.
පදක්කම් දිනා ගැනීමට තරම් දක්ෂතාවක් නොමැති එහෙත් ආසන්න සුදුසුකම් සපුරා ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පෞද්ගලිකව අවශ්‍ය වියදම සොයාගැනීමට නියම කෙරේ.
ජාත්‍යන්තර කී‍්‍රඩා තරගාවලි සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ නාම ලේඛණ අදාල කී‍්‍රඩා සංගම් අවසන් මොහොතේ ජාතික ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් සමහර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හා පුහුණුකරුවන්ට පසුගිය කාලයේ සිදු වූ අසාධාරණකම් සම්පූර්ණයෙන් ම මගහරවා ගැනීමට මෙයින් හැකියාව ලැබේ.
ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ යෝජනාවක් අනුව මෙම පියවර ගැනීමට තීරණය කළේ යැයි කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් එස්. ලියනගම මහතා අප කළ විමසුමක දී ප්‍රකාශ කළේය. මේ සඳහා කී‍්‍රඩා අමාත්‍යවරුන්වන ගාමිණී ලොකුගේ හා බන්ධුල බස්නායක යන මහත්වරුන්ගේ ද පූර්ණ අනුමැතිය හිමි වී ඇතැයි ලියනගම මහතා පැවැසීය.
ඉදිරි සතියේ දී ප්‍රසිද්ධියට පත්වන පුවත්පත් දැන්වීමෙන් ලබන අපේර්ල් මාසයේ දී බැංකොන්හී පැවැත්වෙන ආසියානු සටන් කලා කී‍්‍රඩා උළෙල, ජුනි මාසයේ දී සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල, ජූලි මාසයේ දී ලිස්බන් නුවර පැවැත්වෙන ලුසෆෝනියා කී‍්‍රඩා උළෙල, ඔක්තෝම්බර් මාසයේ දී වියට්නාමයේ පැවැත්වෙන ආසියානු ගෘහස්ථ කී‍්‍රඩා උළෙල හා දෙසැම්බර් මාසයේ දී බංගලාදේශයේ පැවැත්වෙන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල ඉලක්ක කෙරෙනු ඇත.
ඉහත ස¼ඳහන් තරගාවලි සඳහා ජාතික කී‍්‍රඩා සංගම්මගින් තෝරා එවීමට අපොහොසත්වන දක්ෂ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට ද කාලයක් ලැබේ. අසාධාරණයක් වූවේ යැයි ලිඛිතව ලැබෙන සියලු පැමිණිලි ජාතික ඔලිම්පික් කමිටුව පත් කරණ අභියාචනා මණ්ඩලයකින් පරීක්ෂාකර අවශ්‍ය විසදුම් නිර්දේශ කෙරේ.
කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් එස්. ලියනගම මහතා ප්‍රකාශ කළේ සියලු ම ප්‍රධාන පෙළේ විදෙස් තරග සංචාරවලට වැය කරන රජයේ මුදල් උපරිම ප්‍රතිඵල ගෙන දෙන ආකාරයට වැය කිරීමට බලාපොරොත්තුවන බවයි. ‘ඉවෙන්ට් කැලැන්ඩරයක් හැදුවාම සියලු දෙනා කල්වේලා ඇති ව තොරතුරු දැනගන්නවා.
කාටවත් හොර කරන්න බෑ. අදාළ ක්ෂේත්රයේ අයට කල්වේලා ඇතිව සුදානම් වෙන්න, අසාධාරණයක් වුන අයට ඇපිල් කරන්න පුළුවන්. සමහර අසාධාරණකම් ගැන පැමිණිලි ලැබෙනකොට තරගාවලිය ඉවරයි. මේ තත්ත්වය නැති කළ යුතුයි. ලියනගම මහතා වැඩිදුරටත් පැවැසීය.
වාර්ෂික විදෙස් තරග සංචාර පිළිබ¼ඳ යෝජනාව ඉදිරිපත් කළ ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවැසුවේ කී‍්‍රඩා අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය මෙම යෝජනාවට ලැබීම යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බවයි. පසුගිය කාලයේ අත්දැකීම් උපයෝගී කරගෙන කී‍්‍රඩා අමාත්‍යවරුන් දෙපලට ම යෝජනා ඉදිරිපත් කළා. රටට යහපත් ප්‍රතිඵල ලැබෙන මාවතක අප ගමන් කළ යුතුයි’ ප්‍රනාන්දු මහතා පැවැසීය.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment