Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, November 14, 2008

වොලිබෝල් නව වාර්තාවක් පිහිටුවූ මේමලේ දෙමළ විදුහලට විශේෂ තෑග්ගක් 16න්, 12න් හා 18න් පහළ පාසල් වොලිබෝල් අවසන් තරග අද

ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අධ්‍යාපන අමාත්‍යාංශයේ කී‍්‍රඩා අංශය හා පාසල් වොලිබෝල් සංගමය ඩී.එස්.අයි.සමාගමේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල් තරගමාලාවේ අවසන් මහා තරග අද කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පෙරවරු 9.00ට 16න් පහළ බාලක අවසන් තරගය පැවැත්වෙන අතර නාත්තන්ඩිය ධම්මිස්සර හා මාදම්පේ සේනානායක තරග වදී. පෙරවරු 10.00ට 12න් පහළ බාලිකා අවසන් තරගයට බුත්තල දුටුගැමුණු හා පොල්ගහවෙල ශාන්ත බර්නාදෙන් කණ්ඩායම් තරග වදින අතර එහි බාලක අවසන් තරගයට සීනිගම විමලබුද්ධි හා තොටගමුව විජයබා විදුහල් තරග වදිති.
18න් පහල බාලිකා අවසන් තරගය අද පස්වරු 1.00ට ආරම්භ වන අතර මාදම්පේ සේනානායක හා ආනමඩුව සෙන්ට‍්‍රල් තරග වදී. එහි බාලක අවසන් තරගය පස්වරු 3.00ට පැවැත්වෙන අතර නාත්තන්ඩිය ධම්මිස්සර හා සීදූව දිවිසමර තරගවදී.
මෙවර තරගමාලාවේදී නව පාසල් වොලිබෝල් වාර්තාවක් බිහිවූ අතර බදුල්ල ස්ප‍්‍රිංවැලි මේමලේ දෙමළ මහා විද්‍යාලය විසින් රදාවාන මහගමසේකර මහා විදුහල අවසන් පූර්ව වටයේ තරගයකදී එක් තරගවටයක් ලකුණු 15 – 0 කින් පරාජය කිරීම එම වාර්තාවයි.
මෙතෙක් රැලි ක‍්‍රමය අනුව ශ‍්‍රී ලංකාවේ වොලිබෝල් තරගයකදී වැඩි දක්ෂතාවයක් දක්වා නොතිබුණි. එහෙයින් මේමලේ දෙමළ මහා විදුහල් වොලිබෝල් පිලට විශේෂ ත්‍යාගයක් ඩී.එස්.අයි. සමාගමෙන් පිරිනැමීමට තීරණය වී ඇත.

No comments: