Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 11, 2008

කොදෙව්-ශ‍්‍රී ලංකා සිවුවැනි තරගය අද

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර දඹුල්ලේ සිට...
ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා එක්දින කි‍්‍රකට් තරගාවලියේ සිවුවැනි තරගය අද (11 දා) කොළඹ ආර්. පෙ‍්‍ර්මදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංනයේදී පැවැත්වේ.
තරග 5 කින් සමන්විත එක් දින තරගාවලිය මේ වන විට 2 – 1 ක් ලෙස ඉදිරියෙන් සිටීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ වේලාසනින්ම තරගාවලිය ජය ගෙන අවසාන තරගයට පීඩනයකින් තොරව මුහුණදීමට සූදානමින් සිටිති.
මේ තරග දෙකම අපි ජය ගන්නවා. පළමු තරගය පරාජය වීම අපිට ආශිර්වාදයක් වුණා. එම තරගයේදී අපි කරන ලද වැරදි සහ දුර්වලතා හඳුනාගෙන නිම වූ තරඟ දෙකට මුහුණ දුන්නා. එය සාර්ථක වුණා. මේ තරගයේදීත් අපි අනුගමනය කරන්නෙ පෙර තරග දෙකේ් කි‍්‍රයාත්මක කළ සැලසුම් ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු චිත‍්‍රාල් මෙන්ඩිස් මහතා පැවසුවේය.
ශ‍්‍රී ලංකා පිලේ තුන් ඉරියව් දක්ෂතා මේ වන විට නිවැරදි දිශාවට පීලිගත කර තිබෙන අතර දැන් කළ යුතුව ඇත්තේ එම දක්ෂතා ඉදිරියටත් ගෙනනඒමය.
පෙර සිටි කණ්ඩායමට තෙවැනි තරගයේදී එක් වූ රොස් ප‍්‍රනාන්දු පන්දු යැවීමේ අංශය තවත් ශක්තිමත් කරනු දක්නට ලැබුණි. දැන් අපි හොඳ සටන්කාමී කණ්ඩායමක් බවට පත් වෙලා ඉවරයි. මේ තත්ත්වය අපි ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි.
නමුත් මෙවැනි තරග අත්දැකීම් අපේ කී‍්‍රඩිකාවන්ට අඩුකම විශාල පාඩුවක්. ලෝක කුසලාන තරගාවලියට ප‍්‍රථම අපිට තවත් විදෙස් කණ්ඩායමක් සමග තරග කරන්න ලැබෙනවා නම් ඒක මේ දක්ෂතා වලට තවත් ආලෝකයක් වේවි. මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසුවේය.
දක්ෂ පිතිකාරිනියක් වන නායිකා නදිනි ජෝර්ජ් මෙම තරගාවලියේ මෙතෙක් අසාර්තක වීම ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට අස්වැසිල්ලක් වී ඇතිවාට කිසිදු සැකයක් නැත.
එහෙත් කී‍්‍රඩා පිටිය තුළ ඇගේ වගකීම් කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රශස්ත මට්ටමක පවතී. අද තරගයේ දී ඔවුන් තරගාවලිය සම කරමින් තීරණාත්මක අවසාන තරගයකට පිවිසීමේ සියලු උත්සාහයන් දරනු ඇත.

No comments: