Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 10, 2008

කිලිනොච්චි පුනරින් රැක ගැනීමට නොහැකිව කොටි දැඩි අර්බුදයක

මුදා ප‍්‍රහාර දැඩිවීමත් සමඟ රැකගත යුත්තේ කුමන ඉසව්වද යන්න පිළිබඳව කොටි සංවිධානය අන්දමන්ද වී ඇත.
ත‍්‍රස්තවාදීන් විවිධ උපක‍්‍රම යොදා ගනිමින් ති‍්‍රවිධ හමුදාවට ප‍්‍රහාර එල්ල කළත් ඔවුන්ට හිමි වන්නේ ජයග‍්‍රහණය වෙනුවට පරාජයයි. ඊට හේතුවී ඇත්තේ මේ වනවිට කොටින්ගේ සියලු උපක‍්‍රම අභිබවා යන්නට ති‍්‍රවිධ හමුදාව සමත්වීමයි.
කොටි ඔවුන්ගේ ගුවන් ශක්තිය යොදා ගනිමින් කැලණිතිස්ස බලාගාරයට සහ තල්ලඩි කඳවුරට ගුවන් ප‍්‍රහාර එල්ල කර දින දෙකක් ගතවීමට පෙර යුද හමුදාවෝ නච්චිකුඩා ඉදිරි ප‍්‍රදේශය අත්පත් කර ගත්හ.
එහි ගෞරවය හිමිවන්නේ 58 වැනි සේනාංකයේ හමුදා භට පිරිස්වලටය. එතැනින් නොනැවතුණු යුද හමුදාවෝ ඉකුත් 05 දා කොටින්ගේ ප‍්‍රබලම ප‍්‍රදේශයක් වන අක්කරායන්කුලම් ප‍්‍රදේශය අත්පත් කරගත්හ.
එහිදී 57 වැනි සේනාංකය කොටින්ට දැඩි තර්ජන එල්ල කරමින් ජය ගත්හ. කොටි ත‍්‍රස්තයන් ගුවන් ප‍්‍රහාර එල්ලකර, හමුදා ගමන ආපස්සට හැරවීමට ගත් උත්සාහය සම්පූර්ණයෙන්ම පරාජය වූ බව මින් පැහැදිලි වේ.
තමිල්නාඩුව හරහා ඉන්දියානු රජයට බලපෑම් එල්ල කර උතුරේ මානුෂීය මෙහෙයුම් නතර කිරීමට උත්සාහ ගත් කොටි ත‍්‍රස්තවාදීහු එයින්ද පරාජය ලැබූහ.
ඉන්දියානු රජය, ශ‍්‍රී ලංකා රජයේ මානුෂීය මෙහෙයුම්වලට හැකි පරිදි සහයෝගය ලබා දෙනවා හැරෙන්නට වෙනත් කිසිදු තීරණයක් වෙත නොයන බව අවධාරණය කෙළේය.
කොටි යෙදූ තවත් උපක‍්‍රමයක් මෙලෙස ව්‍යර්ථ විය. එහෙත් ඉකුත් සතියේ දී ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය නියෝජනය කරන නළු නිළියන් සහ කලාකරුවන් උපවාසයකට ගෙනඒමට කොටි සමත්විය.
උපවාසයේ ප‍්‍රධාන අරමුණ වූයේ ශ‍්‍රී ලංකාවේ උතුරේ කි‍්‍රයාත්මක වන මානුෂීය මෙහෙයුම් නතර කිරීමට බලකිරීමයි.
එහෙත් මේ උත්සාහය ද අසාර්ථක වූ බව කොටින්ට වැටහී ගොස් අවසානය. කොටි ත‍්‍රස්තයන් තවත් මෙවැනිම ක‍්‍රමෝපායන් ඉදිරියේ දී කි‍්‍රයාත්මක කිරීමට අනිවාර්යෙන්ම සැලසුම්කර ඇතැයි සිතිය හැකිය.
වැසියන් ලක්ෂයක මිනිස් පලිහක්
මේ වනවිට කොටි ග‍්‍රහණයේ සිවිල් වැසියෝ ලක්ෂ ගණනක් කොටි ග‍්‍රහණයේ සිටිති. කොටි
ත‍්‍රස්තවාදීන් මේ අහිංසක වැසියන් මේ මොහොත වනවිටත් මිනිස් පළිහක් ලෙස යොදා ගෙන ඇත. එහෙත් ඊළඟ පියවර සඳහා කොටි මෙම වැසියන් කුමන ආකාරයෙන් යොදා ගනීද යන්න අප කා හටවත් කිව නොහැකිය.
එහෙත් බලහත්කාරයෙන් කොටි මෙලෙස රඳවාගෙන සිටින සිවිල් වැසියෝ මේ වනවිට කුඩා පිරිස් වශයෙන් කොටින්ගේ ග‍්‍රහනයෙන් මිදී රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණෙති. සිවිල් වැසියන්ට කොටි මරණ තර්ජන එල්ල කළත් ඔවුන් කොටින්ගේ ග‍්‍රහණයෙන් පලාඒම කොටින්ගේ පරාජයක් ලෙස පෙන්වා දිය හැකියි.
ඉකුත් සතියේ සටන්බිමේ වැදගත් සිදුවීම් රැසක් සිදුවිය. වන්නි සටනේදී කොටි ත‍්‍රස්තවාදීන් බලාපොරොත්තු නොවූ ප‍්‍රහාර රැසකට මුහුණ දෙන්නට කොටින්ට මෙහිදී සිදුවිය.
කොටින්ගේ බළමුළුවලට හමුදාවෙන් දැඩි ප‍්‍රහාර එල්ලවීමත් සමඟ කෙසේ හෝ හමුදාවේ ගමන නතර කිරීම සඳහා කොටි සිය උපරිම ශක්තිය යොදා හමුදාවට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරයි.
එහෙත් ඒ කිසිදු ප‍්‍රහාරයක් සාර්ථක කර ගැනීමට කොටින්ට නොහැකි වී ඇත.
කිලිනොච්චිය වෙත ගමන් අරඹමින් ඉදිරියට ඇදෙන 57 වැනි සේනාංකය කොටින්ගේ ප‍්‍රබලම කඳවුරක් වූ අක්කරායන්කුලම් ඉකුත් 5 වැනිදා අත්පත් කර ගත්තේය.
මෙය 57 වැනි සේනාංකය ලැබූ විශාල ජයග‍්‍රහණයකි.
මීට ඉහත සතියේ දී අක්කරායන්කුලම් කොටි බැම්ම වෙත කඩා වැදුණු 57 වැනි සේනාංකයේ භට පිරිස් සතියක් යාමට පෙර අක්කරායන්කුලම් ගම්මානයේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීම වන්නි මෙහෙයුමේ විශේෂ සිද්ධියකි.
571 වැනි බලසේනාවට අයත් 12 වැනි සිංහ රෙජිමේන්තුවත් 9 වැනි ගජබා රෙජිමේන්තුවත් මෙම මෙහෙයුමට සම්බන්ධ විය.
අක්කරායන්කුලම් ගම්මානයේ නැඟෙනහිර දෙසින් 9 වැනි ගජබා රෙජිමේන්තු සෙබළුන් ප‍්‍රහාරයට එක්වෙද්දී ගම්මානයේ බටහිර දෙසින් 12 වැනි සිංහ රෙජිමේන්තුව කි‍්‍රයාත්මක විය. ප‍්‍රහාර දෙකක් නොසිතූ මොහොතක කොටින්ට එල්ලවිය. කොටි ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනවා වෙනුවට පසු බැස ගියහ.
12 වැනි සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් දින හතරක් එල්ල කළ ප‍්‍රහාරවලින් කොටි ත‍්‍රස්තවාදියෝ තිහකට ආසන්න පිරිසක් මරු වැලැඳ ගත්හ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබිණි.
මෙම රෙජිමේන්තුවේ සෙබළු සිදුකළ සෝදිසි මෙහෙයුමේදී කොටින්ගේ අවි ආයුධ රැසක්ද සොයා ගැනීමට හැකිවිය.
මීට සමගාමීව සටනට එක්වූ 9 වැනි ගජබා රෙජිමේන්තුවේ භටයෝ දින කිහිපයක ප‍්‍රබල සටනකින් කොටි ත‍්‍රස්තයන් හතළිහකට ආසන්න පිරිසක් ඝාතනය කළහ.
ප‍්‍රහාර දෙකක් දෙයාකාරයකින් එල්ලවීම හේතුවෙන් අක්කරායන්කුලම් අත්හැර පලායන ලෙස කොටින්ට නියෝග ලැබිණි.
කොටි මේ ගම්මානයෙන් ඉවත්වීමත් සමඟ කිලෝමීටර් පහක පමණ දුරකට ගමන් කිරීමට රෙජිමේන්තු දෙකේ සෙබළුන්ට හැකිවිය.
ම් අතර අක්කරායන්කුලම් ප‍්‍රදේශයෙන් පලායන කොටි ත‍්‍රස්තවාදීන්ට හමුදාවේ කුඩා කණ්ඩායම්වල ප‍්‍රහාරයන්ටද මුහුණදීමට සිදුවිය. එහිදී කොටි ත‍්‍රස්තවාදීන් කිහිපදෙනෙකු මේ ප‍්‍රහාරවලින් මිය ගියේය.
උපක‍්‍රමශීලීව කි‍්‍රයාත්මක වූ දෙවන කමාන්ඩෝ බළකායේ කුඩා කණ්ඩායම් ඒ 32 මාර්ගයට බටහිර කොටසේ කොටින්ගේ සියලුම සැපයුම් නවතා දැමීමට කටයුතු කළහ.
කොටි ප‍්‍රබල ඉලක්ක කිහිපයක් වෙත සැඟවී සිට ප‍්‍රහාර රැසක් කි‍්‍රයාවට නැංවීය. පුනරින් බටහිර ප‍්‍රදේශයේ ගමන්ගත් ට‍්‍රැක්ටරයකට එල්ල වූ ප‍්‍රහාරයකින් ත‍්‍රස්තයෝ දසදෙනෙක් කොටි සංවිධානයට අහිමි වූහ. මේ ප‍්‍රදේශවලදී කොටින්ට එල්ල වු ප‍්‍රහාර කිහිපයකින් තවත් කොටියෝ දස දෙනෙකුට වැඩි පිරිසක් මරු වැළඳ ගත්හ.
කාර්ය සාධක බලකාය එල්ල කළ ප‍්‍රහාරවලින් ඉකුත් සතියේ කොටි ත‍්‍රස්තයන්ට බරපතළ හානි සිදුවිය. මෙහිදී කොටින්ගේ මළසිරුරු දාහතරක් පමණ සොයා ගැනීමට හැකිවිය.
මෙම බළකාය විසින් කොටින්ට එල්ලවන ප‍්‍රහාර මැඩලීමට කොටි උපරිම ශක්තිය යෙදූ නමුත් ඉන් කිසිදු ප‍්‍රතිඵලයක් අත්නොවීය. මේ අතර සිලාවතුරෙන් මෙහෙයුම් ආරම්භ කළ 58 වැනි සේනාංකය කොටි බලමුළු බිඳදමමින් ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙමින් සිටියි.
මුරඅඩවිය සටහන් තබන (නොවැම්බර් 09) මේ මොහොතේ 58 වැනි සේනාංකයේ සෙබළුන් පුනරින් හන්දියට කිලෝමීටර් හයක් (06) පමණ දුරින් ස්ථානගතව සිටින බව මෙහෙයුමේ නිරත උසස් නිලධාරියෙක් මෙම තීරයට පැවැසීය.
යෝධවැව, මඩු, පාලම්පිඩ්ඩි, පෙරියමඩු, පාලමොඩ්ඩෙයි, අඩම්පන්, වෙඩිතලතිව්, ඉලුප්පුකඩවායි, වෙල්ලන්කුලම, මල්ලාවි, තුනුක්කායි, කළුවිලාන්, උයිලන්කුලම, මුලන්කාවිල්, නාච්චිකුඩා, කිරන්ඩි ඇතුළු ප‍්‍රදේශ රැසක් මේ වනවිට කොටි ග‍්‍රහණයෙන් මුදාගැනීමට 58 වන සේනාංකයේ සෙබළුන් සමත් වූහ.
හමුදා චිත්ත ධෛර්යය ඉහළයි
මේ ප‍්‍රදේශ මුදා ගැනීමේ දී 58 වැනි සේනාංකයේ සෙබළුන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දුන්හ. ඔවුහු විටෙක දින දහය දොළහක් දැඩි වර්ෂාවට ද තවත් විටෙක දැඩි අවි රශ්මියට ද හසු වූහ.
එහෙත් පසුබෑමකට ලක් නොවූ සෙබළු තමාගේ ඉලක්ක කරා පියනගන්නට සමත් වූහ. නච්චිකුඩාවලින් ඉදිරියට ඇදෙන 58 වැනි සේනාංකය මේ සිකුරාදා (7) චැම්පියන්කුන්ඩු විල්ලුවට ආසන්න විය.
මේ සඳහා 11 වැනි පාබල බළඇණිය එක්ව සිටියි. චැම්පියන්කුන්ඩුවිල්ලුව ප‍්‍රදේශය විවෘත ය. මෙහි දී කොටින්ගේ දැඩි ප‍්‍රහාරයක් සෙබළුන්ට එල්ලවනු ඇත.එහෙත් ඒ ඕනෑම ප‍්‍රහාරයකට හමුදාව සුදානම් බව භූමියේ සිටින නිලධාරියෙකු මුර අඩවියට අවධාරණය කළේය.
මේ අතර 11 වැනි පාබල රෙජිමේන්තුවට බටහිරින් අටවැනි ගැමුණු රෙජිමේන්තුව ඉදිරියට ගමන් කරයි. කොටින්ගේ ප‍්‍රධාන ඉලක්ක සොයමින් ඒවාට පහරදිම මේ බළඇණිය විසින් සිදු කරනු ලැබේ. 12 වැනි ගැමුණු රෙජිමේන්තුව ද මීට ආසන්නයෙන් ගමන් කරයි.
ඉකුත් 08 සහ 09 දිනවල 58 වැනි සේනාංකයේ සෙබළුන් කොටින්ට තවත් තර්ජනයක් එල්ල කළහ. ඒ 32 මාර්ගයේ වම් පස සහ දකුණු පස පිහිටි පල්ලියන්කුම්, මුල්ලිකච්චාවිල්, පල්ලියාළුකුලම්, තෙක්කායිකුලම්, කරියාලන්ගම්පත්තු යන ප‍්‍රදේශ සියල්ල හමුදාවෝ අත්පත් කර ගත්හ.
මෙහි දී කොටි ත‍්‍රස්තයන් සියයකට වැඩි පිරිසක් ඝාතනය කර දැමීමට සෙබළුන් සමත් වූහ. ඉකුත් සතියේ 58 වැනි සේනාංකයේ සෙබළු කොටින්ගේ මළ සිරුරු විසි පහක් පමණ සොයා ගත් බව උසස් හමුදා නිලධාරියෙක් මෙම තීරයට පැවසීය.
මේ ප‍්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුම්වල දී කොටින්ගේ අවිආයුධ රැසක් ද සොයා ගැනීමට සෙබළු සමත් වූහ. ‘අපි අපේ මෙහෙයුම් හොඳින් සිදු කරගෙන යනවා.
කොටි ත‍්‍රස්ත‍්‍රයන් නොයෙක් උපක‍්‍රම භාවිතා කරමින් අපගේ ඉදිරි ගමන වළක්වන්නට උත්සහ කරනවා. නමුත් එය සාර්ථක නැහැ.
අපගේ සෙබළුන් හොඳ කායික, මානසික ශක්තියකින් සිටින්නේ. ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉතා ප‍්‍රාණවත්ය.
මේ නිසා අපේ ප‍්‍රහාර හමුවේ කොටින්ට පලායන්නට සිදු වී තිබෙනවා. ඉකුත් දිනවල මේ ප‍්‍රදේශවලට වර්ෂාව දැඩිව පැවැතුණා. මාර්ග සියල්ලම මඩ වගුරු වුණා.
ඒත් අපි ඒ ගැන නොසිතා කොටින්ගේ බලකඳවුරු රැසක් අත්පත්කර ගත්තා යැයි සටන් බිමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඉකුත් සතියේ වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ බි‍්‍රගේඩියර් සත්‍යප‍්‍රිය ලියනගේ යටතේ කි‍්‍රයාත්මක කාර්ය සාධක බළකාය ඉතා ඉක්මනින් තම අණසක පැතිරවීමට කටයුතු කෙළේය.
මාන්කුලම්වලට ඉහළින් කි‍්‍රයාත්මක වූ මෙහි සෙබළු කොටින්ට ප‍්‍රබල තර්ජන එල්ල කරමින් සිටිති.
කොකාවිල් දකුණේ එල්ල වූ ප‍්‍රහාරයකින් කොටි ත‍්‍රස්තවාදීන් පහළොස් දෙනකු ඝාතනය කර දැමීමට මෙම බළකාය සමත් විය. එම ප‍්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමක දී කොටි මළසිරුරු හතක්, ජී. පී. එම්. ඒ අවියක්, ටී. 81 අවි 01, ටී. 56 ගිනි අවි හතක් සහ පතොරම් තොගයක් සොයා ගැනිණි.
මුලතිව් බලා ගමන් කරමින් සිටින බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත මෙහෙය වන 59 වැනි සේනාංකය ද තමන් ගේ ශක්තිය කොටි ත‍්‍රස්තයන්ට අවබෝධ කරමින් සිටිති.
ඉකුත් සතියේ දී කොටින්ට ප‍්‍රබල ප‍්‍රහාර රැසක් එල්ල කිරීමට මේ සේනාංකයේ සෙබළු සමත් වූහ. නයාරු කළපුවට ඉදිරියෙන් ඇදෙන 59 වැනි සේනාංකයේ සෙබළු කුමලමුණේ ප‍්‍රදේශයේ ස්ථානගතව සිටිති.
මේ සේනාංකයට අනුයුක්ත කුඩා කණ්ඩායම් කොටින්ගේ ප‍්‍රදේශවලට ගොස් ප‍්‍රහාර එල්ල කරන අතර කොටින්ට බර අවි ප‍්‍රහාර එල්ල කිරීමට 59 වැනි සේනාංකය වග බලා ගනියි.
මේ මොහොත වන විට වන්නි යුද බිමේ තවත් පිටුවක් පෙරළමින් පවතියි. එය මෙරට ආර්ථිකයට එක ලෙස බලපාන සිද්ධියක් වනවා නිසැකය. රජයට දැරීමට සිදුවන ප‍්‍රවාහන ගාස්තු රැසක් අඩු කර ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙති යැයි අපේක්‍ෂා කළ හැකියි.
වසර විස්සකට පසුව යාපනය කොළඹ අතර ප‍්‍රධාන ගොඩබිම් සැපයුම් මාර්ගයක් නොබෝ දිනකින් විවෘත කර ගැනීමට හැකිවෙනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අපේක්ෂාවයි.
උපාය මාර්ගික වශයෙන් වැදගත් වූ මෙම මාර්ගය විවෘත කර ගැනීමෙන් යාපනයේ සිටින හමුදාවන්ට නිවාඩු යාම සඳහා ගොඩබිම් මාර්ගයක් විවෘත කර ගත හැකිවේ. මේ නිසා යාපනයට ප‍්‍රවාහන සේවයක් සැපයු ගුවන් සහ නාවික මාර්ග වසා දමමින් රජයට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවෙනු ඇත.
ඉන්දියානු සාම සාධක හමුදාව මෙරටින් පිටවූ පසුව පුනරින් ඒ 32 මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට සූදානම් වන්නේ මෙවර ය. පුනරින් හමුදාව අතට පත්වෙනවාත් සමඟ පුනරින් පරන්තන් මාර්ගය ද කොටින්ට අහිමි වෙයි. ඉන් අනතුරුව ඉතා පහසුවෙන් යාපනය සඳහා වූ විකල්ප මාර්ග භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මේ ප‍්‍රදේශය හරහා මාර්ගය විවෘත කිරීමේ වගකීම මේ වන විට පැවරී ඇත්තේ මේජර් ජනරාල් ජගත් ඩයස් මෙහෙය වන 57 වැනි සේනාංකයට සහ බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මෙහෙයවන 58 වැනි සේනාංකයට යි. මේ සේනාංක දෙකේ සහායට කාර්ය සාධක බළකාය 2 සහ කාර්ය සාධක බළකාය 3 ද එක්ව සිටිති.
මේ සේනාංක වල මෙතෙක් පැමිණි ගමන දිහා සලකා බැලීමේ දී කිව හැක්කේ මෙම සේනාංක ඉතා ඉක්මනින් මෙම අභියෝගය ජය ගන්නා බවයි.
පුනරින් අල්ලා ගැනීමත් සමඟම කොටින්ට ඉන්දියාව හරහා අවි ආයුධ ගෙන ඒම වළක්වා ලීමට හැකිවනවා පමණක් නොව මන්නාරම මුහුදු කලාපයෙන් ඉහළට කොටින්ගේ සැපයුම් මාර්ගය සම්පූර්ණයෙන් කොටින්ට අහිමිවනු ඇත.
එය හමුදාව ලබන විශාල ජයග‍්‍රහණයකි. පුනරින් ඉතා ඉක්මනින් අත්පත් කර ගැනීමට හැකිවෙනු ඇතැයි සටන් භªමියේ උසස් නිලධාරියෙක් අවධාරණය කළේය.
පුනරින් සහ කිලිනොච්චි කෙසේ රැකගන්නේ ද යන ගැටලුවට කොටි සංවිධානය මේ වන විට පත්ව ඇත. මෙය එම සංවිධානයේ විශාල අර්බුදයක් ව තිබේ.
මේ සටන් භූමි වල සිටින නායකයන් කොටි සංවිධානයෙන් පැනයාමත් තවත් කොටි සාමාජිකයන් පිරිසක් යුද භූමියේ සිට ඉන්දියාවට පැන ගැනීමත් නිසා කොටින්ගේ අර්බුදය උග‍්‍ර අතට හැරී ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරයි.
මේ අතර පුනරින් බලය කෙසේ හෝ රැක ගන්නැයි ප‍්‍රභාකරන් ප‍්‍රාදේශීය නායකයන්ට නියෝග කර ඇති බවත් පැවසේ. මේ සඳහා විකල්පයක් ලෙස වෙනත් ප‍්‍රදේශවල සිට කොටි ත‍්‍රස්තවාදීන් පුනරින් වෙත කැඳවා ඇතැයි ද සටන් භූමියෙන් තොරතුරු ලැබී ඇත.
පුනරින් අල්ලා ගැනීමට හමුදාව සමත් වනවා සමඟම කොටින් යාපනය ප‍්‍රදේශ කිහිපයකට එල්ල කළ කාලතුවක්කු ප‍්‍රහාර තර්ජනය වැළකී යයි. කොටි ත‍්‍රස්තවාදීහු පුනරින් සිට අවස්ථා ගණනාවක දී යාපනයට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කළහ.
පුනරින් අල්ලා ගැනීමත් සමඟ කොටින්ට කිලිනොච්චි අතහැර දමා යාමට සිදුවන බව හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සඳහන් කරයි. මේ අතර යාපනයේ සිට පහළට ගමන් කරන 55 වැනි සේනාංකයේ සෙබළුන් එල්ල කළ ප‍්‍රහාරයකින් කොටින්ට බංකර් හයක් ඉකුත් සතිය තුළ අහිමි විය.
මෙහි දී කොටි ත‍්‍රස්තවාදීන් දහයකට වැඩි පිරිසක් මියගිය බව ද හමුදාව අනාවරණය කරගෙන ඇත. භූමියේ භට පිරිස්වලට දිගින් දිගට ම සහයෝගය ලබා දෙන ගුවන් හමුදා ප‍්‍රහාරක ජෙට් යානා සහ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඉකුත් සතියේ ප‍්‍රහාර තුනක් එල්ල කෙළේය.
මේ ප‍්‍රහාර තුනෙන් කොටින්ට බරපතළ හානි සිදු වූ බව පසුව අනාවරණය විය. පුනරින් කිලිනොච්චි සහ මුලතිව්වල කොටි ඉලක්ක වෙත ගුවන් හමුදාව මෙලෙස සිය ප‍්‍රහාර කි‍්‍රයාත්මක කෙළේය.
ඉකුත් සතියේ කොටින්ගේ ග‍්‍රහණයේ සිටි සිවිල් වැසියන් පිරිසක් අවස්ථා දෙකකදී කොටි ග‍්‍රහණයෙන් පලාවිත් ආරක්ෂක අංශ වෙත බාර විය. වෙත්තලේකර්නි මුහුදු ප‍්‍රදේශය හරහා 28 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ නාවික හමුදාව වෙත බාර විය.
යාත‍්‍රා මගින් පැමිණි මේ පිරිස කිලිනොච්චියේ පදිංචිව සිට ඇත. සෑම වයස් කොටස්වලම පුද්ගලයෝ ඒ අතර වූහ. කුඩා ළමයින් මෙන් ම කාන්තාවන් ද කොටි ග‍්‍රහණයෙන් මෙලෙස පලාවිත් තිබුණි.
අනෙක් පිරිස අතර කොටි ග‍්‍රහණයෙන් මිදුණු පුද්ගලයන් දහ තුන්දෙනක් වූහ. මොවුන් තිරියාය දෙසින් පැමිණ ආරක්ෂක අංශ වෙත බාර වී තිබුණි.
ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් පැනවිත් මෙලෙස හමුදාව වෙත භාර වූ බව මේ පිරිස ප‍්‍රකාශ කර ඇත. ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව හමුදාව සිදු කරන මානුෂීය මෙහෙයුම් හමුවේ කොටි සංවිධානය දෙදරා ගොස් ඇති බව මොවුන් අවධාරණය කර තිබේ.
කොටි ග‍්‍රහණයේ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන් රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණීමට ප‍්‍රබල උත්සහයක නිරත වෙමින් සිටින බවත් ඔවුහු සඳහන් කළහ. කොටි තමන්ට නොයෙක් වධ හිංසා පැමිණ වූ බවත් ඔව්හු පැවසූහ.
නොයෙක් අයුරින් තම ඉලක්ක වෙත ළඟා වීමට උත්සාහ කරන කොටි ත‍්‍රස්තවාදීන් මේ වන විට කොළඹ නගරය ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල ගැබිණි වෙස් ගත් කාන්තාවන් යොදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ආරක්ෂක බුද්ධි අංශ වෙත තොරතුරු ලැබීමත් සමඟ ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග වහාම කි‍්‍රයාවට නංවා ඇත.
වතුකරයේ කොටි හොල්මන්
කොටි ත‍්‍රස්තයන් සිය සංවිධානයේ කටයුතු වතුකරයේ දිගින් දිගට ම කි‍්‍රයාත්මක කරමින් සිටිති.
වතුකරයේ රැඳී සිටි ප‍්‍රබල කොටි සාමාජිකයන් පිරිසක් ඉකුත් සතියේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමග වතුකරයේ කොටින්ගේ කි‍්‍රයාකාරිත්වය සොයා මෙහෙයුම් රැසක් ඇරැඹීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
කොටි ත‍්‍රස්තවාදීන් දොළොස් දහසක් විනාශ කර, අල්ලාගෙන සිටි භූමි භාගයෙන් සියයට අසූවක ප‍්‍රමාණයක් යළි අත්පත් කර ගැනීමට අපේ හමුදාව සමත් වී ඇතැයි ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මේ වන විට ප‍්‍රධාන භªමියෙන් යාපනය අර්ධද්වීපය වෙන්කරන කිලාලි කළපුවට කිලෝමීටර් හතක් ආසන්නයට ආරක්ෂක හමුදාව ළගා වී ඇති බවද හමුදාපතිවරයා අවධාරණය කළේය.
යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කළ හැකි බවට අපට සහතිකයි. මේ භාර දූර කාර්ය සඳහා දින වකවානු නිකුත් කළ නොහැකි බවද හමුදාපතිවරයා පැවසීය. අනුරාධපුර සාලියපුර පැවති ගජබා රෙජිමේන්තු රජත ජයන්ති උත්සවයට ඉකුත් 3 වැනිදා සහභාගි වෙමින් හමුදාපතිවරයා මේ බැව් අනාවරණය කෙළේය.
යුද හමුදාවට බෙළුන් බදවා ගැනීම මේ දිනවල ආරම්භ කර ඇති අතර ඉකුත් මාස තුන තුළ දස දහසකට වැඩි පිරිසක් සේවයට එක් වී ඇත.
තම රට වෙනුවෙන් තම ජාතිය වෙනුවෙන් තමන්ට හොද සේවාවක් කි්රීමට හැකියාව යුද හමුදාව විසින් තරුණ තරුණියන්ට ලබා දි ඇත. ඒ අවස්ථාව මග නොහැරීමට ඔවුන් මේ මොහොතේ වග බලා ගත යුතු නොවේද?
සටහනභක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්

No comments: