Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 13, 2008

කොටි ‘වන්කාලන්’ බළකායේ කෙරුමෙක් අත්අඩංගුවේ

ඩබ්ලිව්. සී. පී. ප‍්‍රනාන්දු
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වන්කාලන් බළකායේ ප‍්‍රබලයකු ඇතුªළු කොටි සාමාජිකයන් තිදෙනකු මාරවිල තල්විල ප‍්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පුත්තලම දිසා ඒකකය තල්විල ධීවර ගම්මානයේ පෙරේදා (11) සවස කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මොවුන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මෙම මෙහෙයුමේදී 23 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිසෙන් 12 දෙනකු ප‍්‍රශ්න කර මුදාහැර ඇත.
කොටි සංවිධානයේ වන්කාලන් බළකායේ ප‍්‍රබලයකු බවට හඳුනාගෙන ඇති නාදලිංගම් සිවනාදන් නමැත්තා වන්නියේ තී‍්‍ර ශිලන් කඳවුරේ ජයශීලන් නමැති කොටි නායකයකු යටතේ සන්නද්ධ පුහුණුව ලබා ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකර ගෙන තිබේ.
වසර 2005දී වැලිඔය හමුදා කඳවුරට එල්ල කළ ප‍්‍රහාරයටද මොහු සම්බන්ධව සිටි බවට ද තොරතුරු හෙළි වී තිබේ.
වාකරේ මාන්කර්නි ප‍්‍රදේශයේ පදිංචි මෙම එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

No comments: