Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 20, 2008

ශ‍්‍රී ලංකා-සිම්බාබ්වේ එක් දින කි‍්‍රකට් තරගමාලාව අද ඇරැඹේ

ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක් දින කි‍්‍රකට් තරග මාලාව අද ආරම්භ වීමත් සමග කරදර වලින් පිරුණු සිම්බාබ්වේ රටට ඉහළම පෙළේ කි‍්‍රකට් කී‍්‍රඩාව යළි පිවිසෙයි.
මීට සිවු වසරකට ඉහතදී සිම්බාබ්වේ රටේ ටෙස්ට් කි‍්‍රකට් තරග අවසන් කෙළේද ශ‍්‍රී ලංකාව වීම දෛවෝපගත සිද්ධියකි.
2004 වසරේදී ඉනිමකින්ද ලකුණු 200 කට වැඩියෙන්ද ටෙස්ට් තරග දෙක ජයග‍්‍රහණය කළ ශ‍්‍රී! ලංකාව සිම්බාබ්වේට එරෙහිව යළි ටෙස්ට් කී‍්‍රඩා නොකරන බවට ප‍්‍රකාශ කළ පළමු වැන්නා විය. ඉන් පසුව එංගලන්තය, නවසිලන්තය හා ඕස්ටේ‍්‍රලියාවද වහාම එය අනුගමනය කෙළේය.
අනතුරුව සිම්බාබ්වේ ජගත් කි‍්‍රකට් කවුන්සලයේ අනෙකුත් පූර්ණ සාමාජිකයන්ට එරෙහිව ඕවර 50 තරග වලටත් කෙන්යාව හා නැමීබියාව වැනි රටවල් සමග සිවු දින තරග වලටත් සීමා විය.
කෙසේ වෙතත් සිම්බාබ්වේ පිල තමන් සිතන තරම් දුර්වල කණ්ඩායමක් නොවන බව ශ‍්‍රී ලංකාවට දැනීමට ඉඩ ඇති ලකුණු පහළ වී තිබේ.
සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ පසුගිය සතියේ බුලවයෝහිදී මහේල ජයවර්ධනගේ කණ්ඩායම ජය පැරදුමින් තොර තත්ත්වයකට පත් කළ අතර පසුගිය සඳ්‍රදා ඔවුන් ශ‍්‍රී ලකාව නියමිත ඕවර 50 ට අඩුවෙන් ලකුණු 235 කට දවාලූහ.
අවාසනාවකට තද වැසි පතිත වීම නිසා සිම්බාබ්වේ ‘ඒ’ පිලට පිළිතුරු ඉනිම කී‍්‍රඩා කිරීමට අවස්ථාව නොලැබිණි.
සිවු දින තරගයේදී කුමාර් සංගක්කාර ලකුණු 174 ක්ද චාමර කපුගෙදර තුවාල ලැබ පිටියෙන් ඉවත් වීමට පෙර ලකුණු 150 ක්ද වාර්තා කළ අතර ශ‍්‍රී ලංකාව කඩුලු 4 කට ලකුණු 567 ක් රැස්කර ගෙන ඉනිම නතර කෙළේය.
සිම්බාබ්වේ ලකුණු 165 ක් හා කඩුලු 5 කට ලකුණු 238 ක් රැස් කළ අතර පිතිකරුවන් තිදෙනකු අර්ධ ශතක ලබා ගනිමින් තරගය බේරා ගත්හ.
දුර්වල එක් දින කී‍්‍රඩාවට හේතුව තරගයට අවධානය යොමු කිරීමේ අඩුකම බව ශ‍්‍රී ලංකා පුහුණුකරු ටෙ‍්‍රවර් බේලිස් පවසා සිටියේය. ‘අපි නැවතත් අපේ ඉහළම දක්‍ෂතා මට්ටමට ඉක්මනින් පැමිණිය යුතුයි.
බ‍්‍රහස්පතින්දා සිට තරග මාලාව වැදගත් මට්ටමට පැමිණි පසුව කරුණු කාරණා බොහෝ වෙනස් වේවි’ ඔහු කීවේය.
තරුණ කී‍්‍රඩකයන්ගෙන්ද සමන්විත ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙසේය. මහේල ජයවර්ධන (නායක), කුමාර් සංගක්කාර, මහේල උඩවත්ත, චාමර කපුගෙදර, ජෙහාන් මුබාරක්, තිලින කන්දම්බි, උපුල් තරංග, ෆාවීස් මහරූෆ්, තිලාන් මිරැන්ඩෝ, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, දිල්හාර ප‍්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන්, ඇන්ජලෝ මැතිව්ස්, ධම්මික ප‍්‍රසාද්
විශාල සංචිතයක් සමග කටයුතු කරමින් සිටින සිම්බාබ්වේ ඊයේ හවස වන විට එය 15 දක්වා අඩු කිරීමට නියමිතව තිබිණි. සිම්බාබ්වේ කි‍්‍රකට් සංගමය සමග බොහෝ කලක් තිස්සේ වැටුප් අර්බුදයකට පැටලී සිටින හිටපු නායක ටටෙන්ඩා ටයිබු කණ්ඩායමට ඇතුළත් නොවීමට බොහෝ දුරට ඉඩ තිබේ.
දෙපිළ අතර තරග පහ මේ මස 20 (අද) 22, 24, 28 හා 30 යන දිනවල පැවැත්වීමට නියමිතය. නොවැම්බර් අග කාලය සාමාන්‍යයෙන් සිම්බාබ්වේ රටේ වාර්ෂික වැසි කාලයයි. එබැවින් කී‍්‍රඩා කාලයෙන් කොටසක් අහිමි වීමට ඉඩ තිබේ.
තරග බිම තෙත් ගතියෙන් යුක්ත වීමට ඉඩ ඇති අතර ඩක්වර්ත් – ලුවිස් ක‍්‍රමය යොදා ගැනීමටද බොහෝ දුරට සිදු වනු ඇත.
හරාරේ ඒ. එෆ්. පී

No comments: