Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 18, 2008

ඇඟලුම්වලට ජී.එස්.පී සහන ඉල්ලන රනිල්ගේ යෝජනාවට අප එකඟ නෑ- අගමැති රත්නසිරි වික‍්‍රමනායක

දයා පෙරේරා දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
ඇඟලුම් කර්මාන්තය සඳහා ජී.එස්. පී. සහනය ලබාගැනීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාව පිළිගැනීමට රජය කිසිසේත් සූදානම් නැති බව අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) ප‍්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නා වූ තීන්දුවකට විදේශ රටක අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීම විපක්ෂ නායකවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ඉදිරිපත් කරන යෝජනා බවත් අගමැතිවරයා කීවේය.
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප‍්‍රිවි කවුන්සලයට අභියාචනා කිරීමට තිබූ නීතිය අප අහෝසිකර තිබෙනවා යැයිද අගමැතිවරයා අවධාරණය කෙළේය.
අගමැතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අවසානයේ පිළිතුරු කථාව කරමිණි.
රටට හානියක් නොවන පරිදි යමක් වෙනවා නම් අප කැමැති යැයිද අගමැතිවරයා කීවේය.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (17) පෙරවරු 9.30 ට රැස්වීය.
වාර්තා පිළිගැන්වීමෙන් පසු මන්තී‍්‍රවරුන් විසින් පිළිගන්වන ලද මහජන පෙත්සම්, පෙත්සම්කාරක සභාවට යොමුකරන ලදී.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබා දුන්හ.
අයවැය තුන්වැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව කාරක සභාව වශයෙන් රැස්විය.
ප‍්‍රභාකරන් මාලිගාවක හැංගිලාදෙමළ ජනතාව බිල්ලට දෙනවා
- ඩග්ලස් දේවානන්ද
ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලය, විපක්ෂනායක කාර්යාලය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව, රාජ්‍ය සේවා කොමිෂම, අධිකරණ සේවා කොමිෂම, ජාතික පොලිස් කොමිෂම, පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම, මැතිවරණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය, මුදල් කොමිෂම, ජාතික අධ්‍යාපන කොමිෂම, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යන වැය ශීර්ෂ විවාදයට ගැනිනි.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝෂප් මයිකල් පෙරේරා මහතා (එ.ජා.ප.),
වැය ශීර්ෂවලින් රුපියල් දහය බැගින් කපා දැමීමට යෝජනා කරමින් මෙසේ පැවැසීය.
දහතුන් වැනි සංශෝධනය ගැන කතා කරන්නයි මා අදහස් කරන්නේ.
කතානායක,
මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙනවා නේද? ඊට අදාළ කරුණු නැතිව කතා කරන්න.
පෙරේරා මහතා,
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දිව්රුම් දුන්නාට පසු එම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හා ඒ අනුව කටයුතු කිරීමට අප බැඳී සිටිනවා. අගමැතිතුමා, විපක්ෂ නායක දෙදෙනා මේ සභාවේ නියෝජිතයන් පස්දෙනා පත් කිරීමේ වගකීමෙන් බැහැරව තිබෙනවාද?
ස්වාධීන මැතිවරණ කොමිෂම හා ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂමක් මහජනතාව ඉල්ලා සිටියා.
ජනතාව පාර්ලිමේන්තුවකෙරෙහි කිසිදු ගෞරවයක් නෑ
- ලක්ෂ්මන් කිරිඇල්ල
මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
විපක්ෂ නායකතුමාගේ වැය ශීර්ෂයත් අද විවාදයට ගන්නවා. මේ සභාවට අදවත් එතුමා එනවාද?
පෙරේරා මහතා,
මා එතුමාගෙන් අහලා කියන්නම්.
ආචාර්ය මර්වින් සිල්වා මහතා,
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙනවා; මේ ගැන.
කතානායක,
මා ඒ ගැන හොඳ අවධානයකින් ඉන්නේ.
ආචාර්ය මර්වින් සිල්වා මහතා,
ඔබතුමා හිටපු කතානායකවරයෙක්. ඒ නිසා ඔබතුමා මීට වඩා බුද්ධිමත් වන්නැයි මා ඉල්ලනවා.
පෙරේරා මහතා,
ආනමඩුවේදී වගේ බුද්ධිමත් වෙමු.
රනිල්ගේ වැරැදිවලින් එජාපයටගෙදර යන්න සිද්ධ වුණා
- රෝහිත අබේගුණවර්ධන
වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමට හෝ එයින් රුපියල් දහයක් කපන්න යෝජනා කරන්න හෝ බැහැ.
දැන් රටපුරා සමහර තැන්වල මිනිස් ඝාතන සිදුවෙනවා.
ලලිත් දිසානායක මහතා,
89 දීත් ඝාතන කළා.
පෙරේරා මහතා,
89 වගේම 71 දීත් එහෙම සිදුවුණා.
දිසානායක මහතා,
හැත්තෑ එකේදී බණ්ඩාරනායක මැතිණිය තරුණයන් පුනරුත්ථාපනය කළා.
පෙරේරා මහතා,
ංවිධායකතුමා අපි මේ විවාදය හරියට කරමු.
දිනේෂ් ගුණවර්ධන මහතා,
මුලසුනේ ඉන්නේ කතානායකතුමයි. මා නොවේ.
පෙරේරා මහතා,
ඒක ඇත්ත. නමුත් පක්ෂය මෙහෙයවන්නේ තමුන්නාන්සෙනේ. මේ පැත්තෙන් යමක් වෙනවා නම් මා මෙහෙයවා ගන්නම්.
අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා,
ලබන වසරේ ඇත්ත වියදමදැනගත්තාම රජයට තරු පෙනෙයි
- රේණුකා හේරත්
විරුද්ධ පක්ෂ ප‍්‍රධාන සංවිධායකතුමා 17 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විමසා සිිටියා. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පිළිබඳ යම්කිසි නඩුවක් තිබෙනවා. සංයුතිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමුකර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිතුමාටත්, විපක්ෂ නායකතුමාටත් මටත් එකතුව මේ පිළිබඳ සාකච්ඡා කොට අදාළ සංයුතිය සකසා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මගපෙන්වීම අනුව අපි කටයුතු කරගෙන යනවා. මේ පිළිබඳ අප ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.
ව්‍යවස්ථාදායක සභාවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් පැන නැගුන බාධාවක් ඉවත් කිරීමට ඉතාම සුහදශීලීව මේ වනවිට අප කටයුතු කරගෙන යනවා. ව්‍යවස්ථාදායක සභාව කි‍්‍රයාත්මක නොවූ කාලයකුත් තිබුණා. එහෙත් දැන් එහෙම නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟපෙන්වීම මත අප මේ කටයුත්තට අත ගසා තිබෙනවා.
ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් පසුව තමයි අනෙක් ස්වාධීන ආයතන සකී‍්‍රය වන්නේ. මේ නිසා අප මුලින්ම ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම සම්බන්ධ ප‍්‍රශ්නය විසඳ්‍රගත යුතුයි. මේ කටයුත්තට දැන් අප තිදෙනා මූලික වී කටයුතු කරනවා. මේ සම්බන්ධ අදහස් ප‍්‍රකාශ කිරීමේදී ඉතා සැලකිලිමත්ව සිදුකරන ලෙස මා ඉල්ලා සිටිනවා. නැගෙනහිර මහඇමැතිගේ ලේකම් ඝාතනය කළේ එල්.ටී.ටී.ඊ. නොවේ යැයි කියන්නේ කුමන පදනමකින්ද?
නීතිය හා සාමය රැක ගැනීමට අප සැම දෙනාටම වගකීමක් තිබෙනවා. මේ රටේ ජීවත්වන සෑමදෙනාටම නිදහසේ ජීවත්වීමට ඉඩකඩ තිබිය යුතුය. මෙරට ජීවත්වන ඕනෑම කෙනෙකුට තමා කැමති රැකියාවක් කිරීමේ අයිතිය තමන් කැමැති අයුරින් ජීවත්වීමේ අයිතිය තිබෙනවා.
උතුරේ යම් මෙහෙයුමක් කි‍්‍රයාත්මක වෙනවා. ත‍්‍රස්තවාදයට එරෙහිවයි මේ මෙහෙයුම කි‍්‍රයාත්මක වෙන්නේ.
ඕනෑම කෙනෙකුට තමන් කැමති වෘත්තියක යෙදීමට අයිතිය තිබෙන බව මා කිව්වා. එහෙත් රජයේ ඉංග‍්‍රීසි ගුරුපත්වීමක් ලද එක්තරා කාන්තාවක් එල්.ටී.ටී.ඊ.යට සේවය කළ සිද්ධියක් පසුගියදා අනාවරණය වුණා. අප කටයුතු කරන්නේ මෙවැනි කි‍්‍රයා වැළැක්වීමටයි. නැගෙනහිර ජනතාවට හිමිකර දුන් සාමකාමී පරිසරය උතුරේ ජනතාවටත් තව නොබෝ දිනකින් ලබා දෙනවා.
මෙම වැය ශීර්ෂයට සහයෝගය දීමටත් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ කටයුතු කරගෙන යෑමට සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටිනවා.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙන බව අගමැතිතුමා කිව්වා. ඒත් මේ නඩුව තවම විභාගයට ගෙන නෑ. විභාග නොවන නඩුවක් ගැන සාකච්ඡා කිරීමට බාධාවක් නැහැ.
අග‍්‍රාමාත්‍යතුමා,
මම කොයි වෙලාවකවත් කිව්වේ නෑ මේක සාකච්ඡා කරන්නේ නෑ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟපෙන්වීමට අනුව කටයුතු කරන බවයි කිව්වේ.
කතානායකතුමා,
ක්ෂ්මන් කිරිඇල්ල මහතා මතුවී නොමැති ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් කතා කරනවා. අවශ්‍ය අවස්ථාවකදී මේ ගැන කතා කරමු.
ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා,
ගනපූර්ණයක් ගැන ප‍්‍රශ්න නොකරන බවටත් ඡන්ද විමසීමක් පවත්වන්නේ නම් ඒ බව ඊට පෙර දින දැනුම් දෙන බවටත් එකඟතාවයක් තිබෙනවා.
කතානායක,
විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමා නැති නිසා ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා එය සටහන් කර ගනිවී.
කිරිඇල්ල මහතා,
අප එකඟතාවයට අනුව කටයුතු කරනවා.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී රත්නායක මහතා (ජ.වි.පෙ.),
අයවැය හිඟය අතිවිශාලයි. මේ පරතරය පියවන්නේ කොහොමද?
(ආණ්ඩු පක්ෂයෙන් බාධා)
දිනේෂ් ගුණවර්ධන මහතා,
කොටින්ගේ හඬයි මේ පිටවෙන්නේ. ලැජ්ජාවක් නැහැ. අයවැය පරද්දවන්න කොටිත් එක්ක හවුල් වෙලා ඉන්නේ ජ.වි.පෙ.යි.
කතානායකවරයා,
මේකද ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ඒ මන්තී‍්‍රවරයාට කතා කරන්න ඉඩදෙන්න.
බිමල් රත්නායක මහතා,
මේ සභාව පාලනය කරගන්නට බැරිනම් ඔබතුමාම සභාව කල් තබන්න.
දිනේෂ් ගුණවර්ධන මහතා,
ජනාධිපතිතුමාව නමින් විවේචනය කරන්නට දෙන්න බැහැ. ඔහුගේ ප‍්‍රතිපත්ති විවේචනය කරන්න.
කතානායකවරයා,
ස්ථාවර නියෝගවලට පටහැනිව යමක් ප‍්‍රකාශ වී තිබෙනවානම් ඒවා සියල්ල ඉවත් කරනවා හැන්සාඩ් එකෙන්. සංවිධානාත්මකව බාධා කරන්න එපා කල්ලි ගැහිලා. මේ වැය ශීර්ෂ සම්මත කළ යුතුයි.
ගාමිණී රත්නායක මහතා,
මම ජනාධිපතිවරයාට පෞද්ගලිකව පහර දුන්නේ නෑ. මම කතා කළේ අයවැය හිඟය ගැන. නිදහසින් පස්සේ ඉදිරිපත් කළ විශාලතම අයවැය හිඟය සහිත අයවැය මේක. වැය ශීර්ෂයට විශාල මුදලක් වෙන්කරලා ජනතාවගෙන් කැපකිරීම් ඉල්ලා සිටිනවා. අපි රණවිරුවන්ගේ කැපකිරීම් අගය කරනවා.
සමාජ සේවා හා සමාජ සුභසාධන ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා,
මම කිසිම දේකට ඇස් වසාගෙන සහය දෙන්නෙකු හෝ අන්ධානුකූලව කටයුතු කරන කෙනෙක් නෙවෙයි. මම බොහෝ දේවල් පිළිබඳ තීරණවලට එළැඹෙන්නේ ඇස් දෙකෙන් බලා යම් යම් විනිශ්චයන්ට එළඹීමෙන්. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය පිළිබඳව විනිශ්චයකට එළඹීමේදී ඒ අනුවමයි. මම මේ අයවැය දෙස බලන්නෙත් පවතින තත්ත්වයන්ට අනුකූලවයි.
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා මූලාසනයට පැමිණියේය.
දේවානන්ද මහතා,
දෙමළ ජනතාවට විමුක්තිය ලබාදීම වෙනුවෙන් අවි දැරූ කෙනෙක් මම. නමුත් ඉන්දීය සාම සාධක හමුදාව පැමිණීමත් සමඟ ඒ තීරණය මම වෙනස් කළා. දෙමළ ජනතාවට අවිවලින් විමුක්තිය ලබාදිය නොහැකි බව මට තේරුණා. පැවැති රජයන් කොටින් සමඟ වරින්වර සාකච්ඡා කළා. නමුත් සාර්ථක වුණේ නෑ. සාකච්ඡාවලට රට රටවලට ගිය කොටි දෙමළ ජනතාවට ගෙනාවේ මොනවද? ගෙනාපු දෙයක් නැහැ.
ඔවුන් ගෙනාවා නම් ගෙනාවේ පවුල්වලට සුඛෝපභෝගි භාණ්ඩ හා සංවිධානයට මුදල් විතරයි. සාකච්ඡාවලට ගිය හැම වෙලාවකම කොටි මොනවා හෝ කොන්දේසි ඉදිරිපත් කළා. ප‍්‍රභාකරන්ට යුද්ධය නැතිව ජීවත්වෙන්න බැහැ. ඔවුන්ම සටන් ආරම්භ කරලා ඔවුන්ම සටන් විරාම ඉල්ලනවා. අද වෙනකොට හමුදාව වන්නියට ළඟා වෙලා. ප‍්‍රභාකරන් මාලිගාවක් තුළ හැංගිලා. දෙමළ ජනතාව බිලි දෙනවා. ජනාධිපතිවරයා බලයට පත් වූ සැනින් කොටින්ට ආරාධනා කළා සාකච්ඡා වෙනුවෙන්. ප‍්‍රභාකරන්ට වගේ මුහුණු දෙකක් සහ අරමුණු දෙකක් නෑ. අපි හැමදාම පෙනී සිටියේ දෙමළ ජනතාව වෙනුවෙන්. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය සැබෑ ලෙස හඳුනා ගත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. ප‍්‍රභාකරන් වෙනස් කරන්නට බෑ. හරියට බලු වළිගය කෙලින් කරන්නට බැහැ වගේ.
පි අපේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙස කටයුතු කරනවා. කොටි නායකත්වය විමතියට පත්වෙන මේ දේශපාලනය අපේ ජනතාව දන්නවා. කොටි නායක ප‍්‍රභාකරන් එකයි එකයි තුනයි කීවොත් පිළිගන්නා කොටි සංවිධානයට පක්ෂපාත මන්තී‍්‍රවරුන් ඉන්නවා. කොටි නායකත්වය අපේ ම ජනතාව ඝාතනය කළා. මේ කොටි නායකයෝ ළමයින් ඉදිරියේ තම පියා ඝාතනය කළා. සටන්විරාම ඉල්ලන්නේ ජනතාව ආරක්ෂා කිරීමට නැතිනම් ප‍්‍රභාකරන් රැකීමටද. ලෝකයේ කිසිම ත‍්‍රස්තවාදී සංවිධානයක් නොකළ කෘර කි‍්‍රයා කොටි ත‍්‍රස්තයන් සිදුකර තිබෙනවා. ඉන්දු – ලංකා ගිවිසුම කාලෙට පසු කොටි සංවිධානය තම සාමාජිකයන් විසි දෙදහසකට වැඩි දෙනෙක් විනාශ කර තිබෙනවා. ප‍්‍රභාකරන් ද්‍රවිඩ ජාතියේ ද්‍රෝහියා යැයි කීම සත්‍යයයි. ඔහු මුළු මිනිස් තුලානේ ම ද්‍රෝහියෙක් බවයි ලොව පිළිගැනීම. ඔහු ඝාතනය කළ යුතුයි. ඔහු බලය හා විනාශය සඳහා පමණයි සිය ආයුධය පාවිච්චි කළේ. තමා කළ දෙයයි, ප‍්‍රභාකරන් භªක්ති විඳින්නේ. උතුරු නැගෙනහිර ප‍්‍රදේශයට උදාවන්නේ වසන්තයයි. යාපනයේ ජනතාව අනෙක් ප‍්‍රදේශ ජනතාවගෙන් වෙන්කර තිබූ පුනරීන් මාර්ගය දැන් කොටින්ගෙන් වෙන්කර තිබෙනවා. ඉක්මනින්ම මේ මාර්ගය ජනතාවට විවෘත කර දෙනවා.
ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා (දෙ.ජා.සං.),
දෙමළ ජනතාව 1956 සිට ස්වයං නායකත්වය ගැන පෙනී සිටියා. බලය විමධ්‍යගත කිරීම ෆෙඩරල් පක්ෂයේ ඉල්ලීමයි. දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් හා දේශපාලන අයිතිය දශක කිහිපයක් පුරා විවිධ හේතු නිසා වැසී තිබුණා.
දිනේෂ් ගුණවර්ධන මහතා,
ඔබ කලින් කී දේට පටහැනිව කතා කරනවා.
ජාතිය ගොඩනැගීමේ ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා,
එදා පළාත්සභාවලට ඡන්දය දුන් අයගේ අතපය කැපූ අතීතයක් තිබෙන ඒ අතීතයෙන් අදත් ඉවත්වෙන්න බැරි ගාමිණී රත්නායක මන්තී‍්‍රතුමා ගොවිජන සේවා මධ්‍යස්ථාන, බස්, පැක්ටරි විනාශ කළ හැටි, විද්වතුන් ඇතුළු අහිංසක ජනතාව මරා දැමූ හැටි අමතක වෙලා වගේ අද කතා කරනවා. මහින්ද චින්තනය හදලා ජනාධිපතිතුමා බලයට පත්කර එතුමා අතරමං කරන්න හැදූ නිසා තමයි අප අද එතුමාට සහයෝගය දක්වන්නේ. ඒක වැරදිද? ඔය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන අයට තව මාස කිහිපයකින් මොකද වෙන්නේ කියලා බලමු.
(ජ.වි.පෙ. මන්තී‍්‍රවරු බාධා කරති)
පුංචි නිලමේ මහතා,
අපි මහින්ද චින්තනය ශක්තිමත් කරනවාට තමුන්නාන්සේලා විරුද්ධයි.
දැන් නැඟෙනහිර ඊචලන්පත්තුවටම විදුලිය දීලා අවසන්. නැගෙනහිර පළාතේ ජාතීන් තුනටම අප එක හා සමානව සළකනවා. මොනවා කරන්නත් ත‍්‍රස්තවාදය නැති කරන්න ඕනෑ. මා ජ.වි.පෙ. ත‍්‍රස්තවාදයෙන් ඉවත්වී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආවා. අප එය ගරු කරනවා. පිල්ලෙයාන් ඇමැතිතුමා, කරුණා අම්මාන් මන්තී‍්‍රතුමා අද ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව කටයුතු කරනවා. ජාතීන් තුනටම එක හා සමානව සළකන්නැයි අපට ජනාධිපතිතුමා, හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා අපට උපදෙස් දීලා තිබෙනවා.
නැගෙනහිර භූමියට ගිහින් කතා කරන්න මන්තී‍්‍රතුමෝ. අප භූමියට ගිහිල්ලා වැඩ කරනවා. මුස්ලිම්වරුන් වැඩිපුර සිටින කින්නියාවටත් අප වැඩියෙන්ම මුදල් වෙන්කර තිබෙනවා.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පියසිරි විජේනායක මහතා (ජා.නි.පෙ.),
පුනරීන් මුදාගත් වීරෝදාර රණවිරුවන්ට ප‍්‍රණාමය පුදකරමින් මා කතාව අරඹනවා.
(පූජ්‍ය උඩවත්තේ නන්ද හිමියෝ මුලසුනට වැඩම කළහ.)
පියසිරි විජේනායක මහතා,
රාජ්‍ය සේවා කොමිෂම වැනි ආයතන මේ පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. ජාතිය ගොඩනැගීමේ ඇමැති සාලින්ද දිසානායක මහතා,
ග‍්‍රාමීය සංවර්ධනය අද ඉතා ඉහළ තැනකට ගෙන ඒමට අද අපේ රජයට හැකිවී තිබෙනවා. මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නවරත්න බණ්ඩාර මහතා (ජ.වි.පෙ.),
පාර්ලිමේන්තුව කියන්නේ රටේ මූල්‍ය කටයුතු පාලනය කරන ප‍්‍රධාන ආයතනයයි.
ජගත් පුෂ්පකුමාර මහතා,
නෑ ඒක වැරදියි. සියයට 70 ක් වැය කර තිබුණා. තමුන්නාන්සේලාගේ කාලයේ වසර අවසන් වනතෙක් එක වැවක්වත් හැදුවේ නෑ. ඒත් මුදල් වෙන්කරලා තිබුණා.
ජාතිය ගොඩනැගීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා,
අද උදේ මහින්ද චින්තනයට එරෙහිව කතා කළ ජනතා විමුක්ති පෙරමුණ මේ මහින්ද චින්තන වැඩපිළිවෙළ සකස් කරන්නටත් දායක වුණා.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (එ.ජා.ප.),
අපේ රටේ බොහෝ ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන නැහැ. ;ජ¤න්පුල්ලේ මහතාගේ නිවසට ගිනි තැබීම පිළිබඳව තවම නිවැරදි පරීක්ෂණයක් නැහැ.
ජගත් පුෂ්පකුමාර මහතා,
අධිකරණයෙහි විභාග වන නඩු කටයුත්තක් ගැන මෙහෙම කතා කරන්න බැහැ.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
ජනතාව තුළ අද වෙනකොට පාර්ලිමේන්තුව කෙරෙහි කිසිදු ගෞරවයක්, විශ්වාසයක් නැහැ. නමුත් අතීතයේ දී පාර්ලිමේන්තු ක‍්‍රමය, පාර්ලිමේන්තුව කෙරෙහි අතීතයේ දී ගෞරවයක් තිබුණා. යුද්ධය මුවාවෙන් මානව හිමිකම් කඩකිරීම් සිදුනොවිය යුතුයි. ස්වාධීන කොමිෂන් සභාවල ඉන්න නිලධාරින්ට අපි දොස් කියන්නේ නෑ. මේ නිලධාරින් හොඳයි. ඒ අයට වෙලා තියෙන්නේ තනි තීරණ ගැනීමට නොහැකි වීමයි. පොලිසියේ ඉන්න බහුතර නිලධාරි පිරිසක් හොඳයි.
ආණ්ඩු පක්ෂය,
ඔය කාලේම නේද ඔබතුමා හන්තානේ ඉඩම් පවරා ගත්තේ. නෝනට ඉඩම් ලියලා දුන්නේ.
කිරිඇල්ල මහතා,
ඒ ඉඩම මට හිමිවුණේ නඩු තීන්දුවකින්. මම ගිය අවුරුද්දේ විතරක් ලක්ෂ 25 ක් විතර බදු ගෙව්වා. මහින්දානන්ද කීයක් බදු ගෙව්වද? මෙයාට ගෙවල් නම් කීයක් තිබෙනවාද?
අලුත්ගමගේ මහතා,
ට නාවල ගෙවල් තුනක් තියෙනවා කිව්වා. කිරිඇල්ල මන්තී‍්‍රතුමා, නමුත් මට එහෙම තියෙනවා නම් මට මොනතරම් වාසනාවක්ද? කිරිඇල්ල මන්තී‍්‍රතුමා වගේ මම අම්මගේ මළගමට අමාත්‍යාංශයෙන් බිල ගෙවලා නැහැ.
කිරිඇල්ල මහතා,
බොරු චෝදනා එල්ල කරන්න පෙර දෙවරක් හිතන්න. මම ඉල්ලා සිටිනවා ස්වාධීන කොමිසන් සභා නිවැරදි ලෙස කි‍්‍රයාත්මක කරන්න.
ජාතිය ගොඩනැගීමේ ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා,
කිරිඇල්ල මන්තී‍්‍රතුමා කිව්වා මේ ආණ්ඩුව ඊයේ පෙරේදා ඉඳන් රණවිරුවන්ට ආදරයක් ඇතිවෙලාලු. මේ රජය රණවිරුවාට ආදරය කළේ අද ඊයේ නෙවෙයි. නමුත් අපි හොඳට දන්නවා රනිල් වික‍්‍රමසිංහ රජය රණවිරුවාට ආදරය කරපු හැටි.
එජාප රජය කාලේ දින සියයේ වැඩසටහන නමින් ව්‍යාපෘතියක් නම් කළා. නමුත් ඉටුකරපු සංවර්ධනයක් නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වැරදි කි‍්‍රයා නිසා එජාපයට ගෙදර යන්න වුණා. නමුත් අපේ නායකයාගේ නිවැරදි ප‍්‍රතිපත්තිය නිසා එජාපයට කවදාකවත් බලය ලැබෙන්නේ නෑ.
ජාතිය ගොඩනැගීමේ ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා,
2008 වසර වෙනුවෙන් ජනාධිපති වැය ශීර්ෂයට වෙන් කළ මුදලට වඩා මෙම වසරේ වැයශීර්ෂය වැඩියි. නමුත් මෙම වසර සඳහා ව්‍යාපෘති, විෂයයන් ගණනාවක් වෙනුවෙන් වෙන්කර තිබෙනවා.
ගාමිණී රත්නායක මහතා,
අයි.සී.ටී.ඒ. ආයතනයේ නිලධාරින්ගේ වැටුප් සම්බන්ධයෙන් සියලුම වැටුප් වාර්තා මම හැන්සාඩ් ගත කරනවා.
ජගත් පුෂ්පකුමාර මහතා,
ඇඹිලිපිටිය කඩදාසි කම්හල සම්බන්ධයෙන් ජ.වි.පෙ. විවිධ කටකතා ගෙන යනවා. ජ.වි.පෙ. සාමාජිකයෙක් වූ සිරිපාල අමරසිංහ මහතා ඒක හොඳට කරගෙන යනවා.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකා හේරත් මහත්මිය (එ.ජා.ප)
2003 දී කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ. යේ හයදහසක් සමග අයින් වුණා. ඒ නිසයි අද තමුන්නාන්සේලාට ජයගන්න පුළුවන් වුණේ. ඒකාබද්ධ බැර කළ හැකි රුපියල් මිලියන 1200ක් මේ අයවැයේ තිබෙනවා. මෙය විසර්ජන පනතෙහි සඳහන් වූ මුදලට අමතරව පසුව එකතුකළ දෙයක් ද ? ලබන වසරේ සත්‍ය වියදම දැනගත්තාම රජයට තරු පෙනේවි.
ජාතික අධ්‍යාපන කොමිෂම අධ්‍යාපනය ගැන ජාතික ප‍්‍රතිපත්ති සැකසිය යුතුයි. මා දන්නෙ නැහැ. ඔවැන්නක් හදනවද කියා. පළමුවැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ප‍්‍රතිපත්තිය කෝ?
නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය
වතු යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති මුත්තුසිවලිංගම් මහතා
වතු රෝහල් සියල්ල රජයට පවරා ගත්තා.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතා (එ.ජා.ප)
මානව හිමිකම් උල්ලංඝනය වන විට උපරිමාධිකරණයට යාමට විශාල මුදලක් වැය වෙනවා.
තරුණ කටයුතු ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය
මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට මේ රටේ ජනතාවගේ කැමැත්ත ඛ්ඹ්මි වීම නිසා තමයි මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වයට පත් වුණේ.
ජාතිය ගොඩ නැගීමේ ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා
පසුගිය 2007 වසරේදී ග‍්‍රාමීය සංවර්ධනය සඳහා ජාතිය ගොඩ නැගීමේ අමාත්‍යාංශයට රුපියල් මිලියන පන්දහසක් යෙදවූවා.
කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා
ව්‍යග්ග පජ්ජ සූත‍්‍රයේ තියෙන්නේ ආදායම සහ වියදමයි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ ව්‍යග්ග පජ්ජ සූත‍්‍රය දන්නේ නැහැ.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා
මේ අයවැය ඉදිරිපත් කරමින් කිව්වේ දේශීය ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් මෙය ඉදිරිපත් කරන බවයි. මර්වින් සිල්වා මහතා
අපේ රණ විරුවන් මාන්කුලම් අල්ලලා. අපේ ජනාධිපතිතුමාට ජය වේවා. රණවිරුවන්ට ජය වේවා.
දයාසිරි ජයසේකර මහතා
රණ විරුවන් ලබන ජයග‍්‍රහණ අප අගය කරනවා. එහෙත් මේ යුධ ජයග‍්‍රහණගැන කියන ක‍්‍රමයක් තිබෙනවා. අගමැතිතුමන් මේ සභාවේ ඉන්නවා නේ.
අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා
ජනාධිපතිතුමාගේ නමින් ඇති වැය ශීර්ෂයේ මුදල් වැඩි කළේ එතුමාගේ පෞද්ගලික වියදම සඳහා නොවේ. එතුමා යටතේ ඇති නොයෙක් ආයතන සඳහායි. වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (18) පෙ.ව. 9.30ට යළි රැස්වේ.

No comments: