Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 20, 2008

පළාත් සභා 5ක් විසුරුවන්න රජයේ අවධානය

ධනුෂ්ක ගොඩකුඹුර
බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණ පළාත් සභා එකවර විසුරුවා හැර ලබන වසර මුල දී ඡන්දයක් පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
ලබන ජනවාරියේ දී පළාත් සභා විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.
රජයේ වැඩපිළිවෙළ පිළිබඳ රටේ ජනතාව විශ්වාසය තබා ඇති මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමෙන් පළාත් සභා පහෙන්ම සියයට හැටකට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ද රජයට හිමි වේ යැයි සමීක්‍ෂණ වාර්තා මගින් පෙන්වා දී ඇත.
එම නිසා පළාත් සභා වෙන වෙනම විසුරුවා නොහැර එක් වර ඡන්ද විමසීමට රජයේ අවධානය යොමු වී තිබේ.
අයවැය දෙවැනි වර කියවීමේ දී වැඩි ඡන්ද 42 කින් රජය ජයග‍්‍රහණය කළ බව පැවසූ ඇමැතිවරයා එවැනි බහුතරයක් තිබිය දී මහ මැතිවරණයක් පැවැත්වීම නුසුදුසු යැයි රජයට සහය පළ කරන දේශපාලන පක්ෂ පෙන්වා දී ඇතැයි ද කීවේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සිංහල, දෙමළ, මුස්ලිම් පක්‍ෂ බහුතරයක සහාය රජයට හිමි වී ඇති බැවින් මැතිවරණය පහසුවෙන් ජය ගත හැකි වෙතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කෙළේය. ජනමාධ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කෙළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී ය.
රජය මේ වන විට පළාත් සභා ඡන්ද විමසීමකට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවත්, හෙතෙම කීය.
මහ මැතිවරණයක් නොපවත්වන නමුත්, රජය ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයකට සූදානම් බව පැවසූ ඇමැතිවරයා, එසේ වුවහොත් පසුගිය මහ මැතිවරණයට වඩා වැඩි බහුතරයකින් මෙවර ජය ගැනීම ස්ථිර යැයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙළේය.

No comments: