Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 17, 2008

ඊලාම් සිහින රාජ්‍යයේ 90%ක් දැන් හමුදා අතේ

විජයානි එදිරිසිංහ
කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සිහින ඊලාම් රාජ්‍යයේ සියයට අනුවක්ම දැන් ආරක්ෂක හමුදා යටතට පත්කරගෙන අවසන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා පැවැසීය.
පුනරීන් අත්පත් කර ගැනීමේ ජයග‍්‍රහණය පිළිබඳව ‘දිනමිණ’ යුද හමුදාපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ එසේ ප‍්‍රකාශ කළේය.
මේ අතරින් පුනරීන් අත්පත් කර ගැනීමත් සමඟම ආරක්ෂක බළ සේනාවෝ ඒ – 9 මාර්ගය ඔස්සේ පරන්තන් කිලිනොච්චි මාන්කුලම් ප‍්‍රදේශ අත්පත් කර ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බව ද ඔහු පැවැසීය.
කොටි සාමාජිකයන් උපක‍්‍රමිකව පුනරීන් ප‍්‍රදේශයෙන් පසුබැස ගිය බවට ප‍්‍රභාකරන් කර ඇති ප‍්‍රකාශය සම්බන්ධව විමසූ අවස්ථාවේ හමුදාපතිවරයා පැවැසුවේ මේ වනවිට උතුරේ ආරක්ෂක හමුදා අත්පත් කරගත් ප‍්‍රදේශ සියල්ලෙන්මත් වන් ෆෝ බේස් අත්පත් කරගත් පසු එයිනුත් උපක‍්‍රමිකව ඉවත් වූවා නම් ඉතිරි ප‍්‍රදේශ අත්පත් කරගන්නා විට උපක‍්‍රමිකව පසුබැස ගොස් මුහුදට බැස දිවි බේරා ගන්නට සිදුවන බව කීය.
උතුරේ සෑම ප‍්‍රදේශයකම සිදුවන මෙහෙයුම්වල දුෂ්කරතාව එක හා සමාන බව පවසන හමුදාපතිවරයා ආරක්ෂක හමුදාවල ශක්තිය ඉහළම මට්ටමක පවතින අතර සම්පූර්ණ උතුරම ජයග‍්‍රහණය කරන තෙක් මේ මානුෂික මෙහෙයුම සාර්ථකව සිදුවන බවද කීය.

No comments: