Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 13, 2008

කොටි පැහැරගත් උපාධිධාරී ගුරුවරිය හමුදාවට එරෙහිව සටනට යවලා

චන්ද්‍රිකා පෙරේරා


අනාරක්ෂිත ප‍්‍රදේශවල වෙසෙන රජයේ දෙපාර්තමේන්තුවල සේවය කරන්නන් ත‍්‍රස්තවාදීන් විසින් පැහැරගනු ලැබ ආරක්ෂක හමුදාවලට එරෙහිව සටන් වැදීම සඳහා ඉදිරියට යවන බව අනාවරණය වී ඇත.
මෙම සේවකයන්ද සටනට එක්වී ඇතැයි පෙරේදා (10) අත්අඩංගුවට පත් කොටි කතක වූ නිලාවේලි (28) පවසා ඇත.
ඇය ඉංග‍්‍රීසි ගුරුවරියක ලෙස රජයේ පාසලක සේවය කර තිබේ. කිලිනොච්චි පාලවී වල්ලයාර්කුට්ටිර්කු මොඩ්ඩායි ප‍්‍රදේශයේදී හමුදා සමඟ සටන් වැදුණ මෙම කාන්තාව ඇතුළු කොටි කතුන් සිවු දෙනකු පළමුවන කාර්ය සාධක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිලාවේලි නමැති කොටි කත අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එක්ව කිලිනොච්චි කලාපයේ ගුරුවරියක ලෙස කටයුතු කරන බවට හෙළි වී ඇති අතර ඇය කෝපායි ඉංග‍්‍රීසි පාසලෙන් උගත් උපාධිධාරිනියක් බවත් ආරක්ෂක අංශ පවසයි.
සිය බාල සහෝදරයන් කොටි සංවිධානය මගින් පැහැරගෙන යාමට උත්සාහ කළ බැවින් තමා සංවිධානයට බැඳුණු බවත් මෙසේ බඳවා ගත් තවත් රජයේ සේවකයන් කොටින් සමඟ සිටින බවත් ඇය පවසා තිබේ.
තමා සමඟ කිලාවෙඩි (18) හා තුරුවේලි (19) යන තරුණියන් දෙදෙනා ද සිටි අතර මේ අය කිලිනොච්චි පරන්තන් හා මල්ලාවි හි පදිංචි අය බව සඳහන් කර ඇත. මෙසේ බලෙන් බඳවා ගන්නා අය පලායන්නට උත්සාහ කළ විට කටුකම්බිවලින් බැඳ වද දෙන බවද පසුව කොටි ඉදිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් සඳහා යොදවන බවද ඇය සඳහන් කැර ඇත.
කොටි ඉදිරි ආරක්ෂක වලල්ලට හමුදා පහරදෙන විට පසු පස සිටින නායකයන් මොවුන් අතහැර දිවි ගලවාගෙන පලායන බවද ඇය පවසා ඇත. මෙසේ ඇය සමඟ අත්අඩංගුවට පත්වූ කොටි කාන්තාවන්ට ආහාර හා වෛද්‍ය ආධාර ලබාදී ආරක්ෂාව ලබාදී ඇති බව යුද හමුදාව සඳහන් කෙළේය.

No comments: