Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 13, 2008

ජාතික තරගාවලිය සුගතදාස තටාකයේ අද ඇරඹෙද්දී ජල කී‍්‍රඩා පරිපාලනය ඇමැති මෛති‍්‍රපාලට බාරවෙයි

පි‍්‍රන්ස් ගුණසේකර
ජාතික ජල කී‍්‍රඩා තරගාවලිය අද සිට 15දා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වීමට නියමිතව තිබියදී ශී‍්‍ර ලංකා ජල කී‍්‍රඩා අතුරු කමිටුවක් පත්කිරීමට කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා තීරණය කොට තිබේ. එම ජල කී‍්‍රඩා අතුරු කමිටුවේ සභාපති ලෙස කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතා නම්කර ඇත. මෙයට වසර ගණනාවකට කළින් ශී‍්‍ර ලංකා ජිම්නාස්ටික් සම්මේලනයේද සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතාට ජල කී‍්‍රඩා පරිපාලනයට එක්වන ලෙස කොළඹ රාජකීය ජල කී‍්‍රඩා සංගමයෙන් කලක සිටම ප‍්‍රබල ඉල්ලීමක් තිබුණි.
පස්දෙනෙකුගෙන් යුත් ජල කී‍්‍රඩා අතුරු කමිටුවේ නම් ලබන සතියේදී ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
මෙම මාසයේදී ජල කී‍්‍රඩා නිලවරණය පැවැත්වීමට කලින් සූදානමක් තිබුණද ජල කී‍්‍රඩා පරිපාලනය විධිමත් කිරීමේ වගකීම මාස කිහිපයකට නව අතුරු කමිටුවට පැවැරූ බව කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ‘දිනමිණ’ට පැවැසීය.
කෙසේ වුවද ලබන වසරේ මාර්තු 31දාට කලින් නිලවරණය පැවැත්වීමට හැකි වෙතැයි ලොකුගේ මහතා විශ්වාසය පළ කළේය. ජල කී‍්‍රඩා අතුරු කමිටුවේ ලේකම් තනතුරට කී‍්‍රඩා අමාත්‍යවරයාගේ උපදේශකයෙකු මෙන්ම ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ද වන කිරාන් අතපත්තු මහතා නම්කර ඇත. කිරාන් අතපත්තු මහතා පසුගිය දිනවල කී‍්‍රඩා අමාත්‍යවරයා පත්කළ කී‍්‍රඩා පරීක්ෂණ කමිටු ගණනාවකම කටයුතු කළ අයෙකි.
විජිත ප‍්‍රනාන්දු මහතා සභාපතිත්වය දැරූ ජල කී‍්‍රඩා සංගමය අත්හිටුවා 2005 සැප්තැම්බර් මාසයේදී නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා ප‍්‍රමුඛ අතුරු කමිටුවක් හිටපු කී‍්‍රඩා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා නම් කළේය. එම කමිටුව මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කටයුතු කළ අතර කී‍්‍රඩා අමාත්‍යවරයාගේ නියෝගයක් අනුව කි‍්‍රයාකාරීත්වය අත්හිටුවිය.
නිමාවූ ඔලිම්පික් තරගාවලියට පිහිනුම් කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව තෝරාගත් ආකාරය පිළිබඳ ප‍්‍රබල විවේචන එම ජල කී‍්‍රඩා අතුරු කමිටුවට එල්ල වී තිබුණි.
අනතුරුව ජල කී‍්‍රඩා පරිපාලන කටයුතු කරගෙන යෑමට ද්විපුද්ගල කමිුවක් පත් කෙරුණු අතර කේ. එන්. අබේසිංහ හා අනුර රත්න යන මහත්වරුන් එම කමිටුවට නම් විය. ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ජාතික ජල කී‍්‍රඩා තරගාවලිය සංවිධානය කිරීම එම කමිටුවට පැවරුණ ප‍්‍රදානතම කාර්ය විය. එම ද්විපුද්ගල කමිටුවේ සංවිධානයෙන් ජාතික ජල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වේ.
නව අතුරු කමිටුවට ජාතික පිහිනුම් පුහුණුකරු ඊ. ජී. විල්සන් මහතා සාමාජිකයෙකු ලෙස නම්වීමත් සමඟ ජාතික පුහුණුකරු තනතුªªරින් ඉල්ලා අස්වීමට සිදුවනු ඇත. ඒ ස¼ඳහා ඒ මහතාගේ කැමැත්ත ද ලැබී ඇතැයි දැනගන්නට ඇත.

No comments: