Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 20, 2008

කොටි නායක ‘ස්වර්ණම්’ ගේ භූගත බංකරය හමුදා අතේ

කාන්තා ඇඳුම් හා භාණ්ඩ රැසක් සොයාගනී
විජයානි එදිරිසිංහ
කොටි සංවිධානයේ මුල් පෙළේ නායකයකු වන ‘ස්වර්ණම්’ නමැත්තා මාන්කුලම් ප‍්‍රදේශයේ සැඟවී සිටි භූගත බංකරයක් යුද හමුදාව අල්ලා ගෙන තිබේ.
මේ අතර පෙරේදා යුද හමුදාව කොටි නායකයෙකු ගමන් කළ කැබ් රථයකට ප‍්‍රහාර එල්ලකර ඇත. එහිදී රථයේ සිටි කොටි නායකයා තුවාල ලබා හෝ මිය ගොස් ඇති අතර, ඔහු රැගෙන අනෙක් පිරිස පළා ගොස් තිබේ. මෙම කොටි නායකයා ස්වර්ණම් යැයි හමුදාව විශ්වාස කරයි.
මොහු සැඟවී සිටි භූගත බංකරය විශාල නුග ගසක් යට සකසා ඇත. එම ස්ථානයේ එවැනි විශාල බංකරයක් ඇතැයි පිටතට නොපෙනෙන ආකාරයට තේක්ක කොටන් දමා තට්ටු දෙකක් සිටින සේ එය සකසා තිබී ඇත. කොටි නායකයා සමඟ එම බංකරය තුළ තිබී කාන්තා ඇඳුම් සනීපාරක්‍ෂක තුවාද හමුවී තිබේ. භූගත බංකරයේ සිටි කොටි නායකයා සමඟ කාන්තාවක්ද සිටින්නට ඇතැයි හමුදාව පවසයි.
විශාල ප‍්‍රමාණයේ යකඩ ඇඳක්, මේසයක්, ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහෝ දේ මේ බංකරය තුළ තිබී ඇත.
කොටි නායක ස්වර්ණම් නැඟෙනහිර පළාතේ හිටපු කොටි සන්නද්ධ අංශ නායකයාය. නැඟෙනහිර කොටි බලය අහිමිවීමත් සමඟ ඔහු උතුරට පලාගියේය.

No comments: