Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 5, 2008

ඉන්දු - ශී‍්‍ර ලංකා මිත‍්‍රත්වය පළුදු කිරීමට ඇතැම් පිරිස් කුමන්ත‍්‍රණ කරමින් සිටිනවා -ඇමැති නිමල් සිරිපාල

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පවතින මිත‍්‍රත්වය සහ හොඳ හිත පළුදු කිරීමට ඇතැම් පිරිස් කුªමන්ත‍්‍රණය කරන බව සභානායක සහ සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප‍්‍රකාශ කළේය.
මේ කුමන්ත‍්‍රණ පරදා ත‍්‍රස්තවාදය මර්දනය කොට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කිසිසේත්ම නතර නොකරන බවද ඇමැතිවරයා කීවේය.
හදිසි නීති විවාදයේ පිළිතුරු කතාව කරමින් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේය.
වේත‍්‍රධාරී අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (04) පෙරවරු 9.30 ට රැස්විය.
නිවේදන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිපි ලේඛනාදිය පිළිගන්වන ලදී.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසන ලද ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබාදුන්හ.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝශප් මයිකල් පෙරේරා මහතා (එජාප) විශේෂ ප‍්‍රකාශයක් ඉදිරිපත් කෙළේය.
ධීවර ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා විශේෂ ප‍්‍රකාශයක් ඉදිරිපත් කරනු ලැබීය.
අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා විසින් හදිසි නීතිය මසකින් දීර්ඝ කිරිම පිළිබඳ යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් කතා කෙළේය.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා (එජාප) - ශී‍්‍ර ලංකාවේ ප‍්‍රශ්නය පිළිබඳ ඉන්දීය මැදිහත් වීම ගැන රජය හා විදේශ ඇමතිවරයා විවිධ ප‍්‍රකාශ සිදුකරනවා. නමුත් ඉන්දීය රජය හා ඉන්දීය මාධ්‍ය මඟින් මේ ගැන වාර්තා කරන්නේ වෙනත් ආකාරයට.
තමිල්නාඩු නායකයින් ඉල්ලා සිටිනවා. උතුරේ අවතැන් වූ ජනතාවට ආහාර බෙදාදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් සමඟ ඉන්දීය නියෝජිතයින්ද යෙදවීමට ඉඩ දිය යුතු බව.
ඒ වගේම ඉන්දීය ධීවරයින්ට ශී‍්‍ර ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. නමුත් ඉන්දීය වෙරළ තීරයට ගිහින් අපේ ධීවරයින්ට මසුන් අල්ලන්න දෙන්නේ නැහැ.
ඒ වගේම කොටි සැහැල්ලු ගුවන් යානා කොළඹට ඇවිල්ල ප‍්‍රහාර එල්ල කරලා නිරුපද්‍රිතව ගියා. මේ සැහැල්ලු ගුවන් යානා අට වතාවක් කොළඹට ඇවිත් ප‍්‍රහාර එල්ල කළා.
මේ සිද්ධි අධ්‍යයනය කරන විට ආරක්ෂාවේ යම් හිඩසක් තිබෙන බව පැහැදිලියි. ඒ වගේම මේ ප‍්‍රහාර ගැන යම් යම් ප‍්‍රකාශ සිදුකිරීම නෙවෙයි වැදගත්. මේ ප‍්‍රහාර වළක්වා ගැනීමයි වැදගත්.
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල පාර්ලිමේන්තු පාර වහනවා. ඒ වගේම පාර වහපු වෙලාවේ පයින් ගියා නම් මිනිස්සු කියන ඒවා අහගන්න පුළුවන්. පාරවල් වහල ආරක්ෂාව තර කරන්න බැහැ.
විදුලිබල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා - ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් මෙහෙයුම දක්වා අප පැමිණ සිටිනවා.
නියෝජ්‍ය කතානායක ප‍්‍රියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.
සෙනෙවිරත්න මහතා – ත‍්‍රස්තවාදියා ත‍්‍රස්වාදියාමයි. හොඳ ත‍්‍රස්තවාදියා නරක ත‍්‍රස්තවාදියා කියා වර්ග කරන්නට බැහැ. අපේ පක්ෂයේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තියක් වූයේ ත‍්‍රස්තවාදය අවසන් කර බලය බෙදීම මගින් ස්ථිරසාර විසැඳුමක් ලබාදිය යුතු බවයි.
නමුත් එජාපයට එවැනි වැඩපිළිවෙළක් තිබුණේ නෑ. බලය බෙදීම පිළිබඳව අපි කටයුතු කළ සෑම මොහොතකම එජාපය ඊට පටහැනිවයි කටයුතු කළේ.
කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත‍්‍ර ගණනාවක් තිබෙනවා. එයින් එකක් අසලටයි මේ බෝම්බ ප‍්‍රහාර එල්ල වී තිබුණේ. මෙම ද්විත්ව ජනන යන්ත‍්‍රයේ කොටසකට පමණයි හානි සිදුවුණේ.
මෙම ප‍්‍රහාරයෙන් පැය හතළිස් අටක් ගතවීමටත් පෙර නැවත යන්ත‍්‍රය යථා තත්ත්වයට පත් කිරීමට අපගේ ඉංජිනේරුවන් සමත් වුණා. මෙයින් මෙගාවොට් 110 ක විදුලි ධාරිතාවක් මේ වන විටත් නිෂ්පාදනය කරනවා.
ඒ වගේම අනෙක් බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ සිසිලත යන්ත‍්‍රයක් අසලටයි. ඒ යන්ත‍්‍රයටත් හානි සිදුවූයේ අඩුවෙන්. ඒ වගේම මෙම යන්ත‍්‍රය මගිනුත් මෙගාවොට් 110 ක ධාරිතාවක් නිෂ්පාදනය කරනවා.
කොටි සංවිධානය අරමුණ වූයේ විදුලි බලාගාරයට බරපතළ හානියක් ඇති කිරීමට නම් එය කිසිසේත් සාර්ථක නොවූ බවට පැවසිය යුතුයි.
ඒ වගේම අපගේ වීරෝදාර සෙබළුන් මේ වන විට අසීමිත ලෙස මෙහෙයුම්වල නිරත වෙනවා. ත‍්‍රස්තවාදය අවසන් කරන දිනය වැඩි ඈතක නෙවෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය සෑම මොහොතකම උත්සාහ කරන්නේ සාමාන්‍ය දෙමළ ජනතාවට අවශ්‍ය නිදහස සාමය ලබාදීමටයි. රට එක් සේසත් කිරීමටයි.
රජයේ ආරක්ෂක හමුදා මැනවින් දෙමළ ජනතාව හා ත‍්‍රස්තවාදීන් හඳුනාගෙන තිබෙනවා. නැගෙනහිර මුදා ගැනීමෙන් පසුව එම ප‍්‍රදේශය තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කරනවා. මේ දේවල් පිළිබඳව උතුරේ ජනතාවට පවතින්නේ දැඩි විශ්වාසයක්.
ඉන්දීය රජය ශී‍්‍ර ලංකාවේ ගැටලුව පිළිබඳ දැඩි අවබෝධයකින් ඉන්නේ. ඒ අය අනවශ්‍ය විදිහට ලංකාවේ ප‍්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැහැ.
ඉන්දීය රජය ලබාදුන් ආහාර ටොන් අටසීයය අප භාර ගත්තේ ඉන්දීය රජයට දක්වන කෘතගුණ සැළකීමක් ලෙස එමෙන්ම ඉන්දීය රජය හා ශී‍්‍ර ලංකා රජය එක්ව ගල් අඟුරු බලාගාරයක් ඉදිකරන්නට සූදානම්. මෙය සිදු කරන්නේ දෙරට එක්ව සිදුකරන හවුල් ව්‍යාපාරයක් ලෙසයි.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා (ජවිපෙ) - ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව යම් මැදිහත්වීමක් සිදු කිරිමට උත්සාහ දරනවා.
තමිල්නාඩුවේ මේ භූමිකාව ගැන දෙමළ ජනතාවට අපි පැහැදිලි කළයුතුයි. එදා ජේ. ආර්. රජය යටතේත් ඉන්දියාව මෙවැනි මැදිහත්වීමක් සිදුකළා. ඉන්දියානු රජය අනුග‍්‍රමනය කළ විදේශ ප‍්‍රතිපත්තිය නිසා ඉන්දියාවට බොහෝ දේ අහිමි වුණා.
ජේ. එන්. ඩික්සිත් මහතා එදා හිටපු ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස මේ පිළිබඳව “කොළඹ භූමිකාව“නමින් කෘතියක් ලිව්වා.
මේ මැදිහත්වීම නිසා රජිව් ගාන්ධි මහතා ඝාතනය වුණා කොටින්ගේ අතින්. එක්දහස් පන්සීයයකට අධික ඉන්දීය සාම සාධක සෙබළුන් මියගියා. දෙමළ ජනතාවගේත් දැඩි විරෝධයක් ඉන්දියාවට එල්ල වුණා.
ඒ වගේම වර්තමාන රජයත් යම් තරමකට ඉන්දීය රජයේ බලපෑමට ලක්වෙලයි ඉන්නේ. වත්මන් රජය අතීත යථාර්ථය නිවැරදිව තේරුම් නොගත්තොත් අපට නැවත වතාවක් වන්දි ගෙවන්න සිදුවෙනවා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු හ ජාතික ඒකාබද්ධතා ඇමැති ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර මහතා - ගතවූ දශක හතර තුළ ලෝක ත‍්‍රස්තවාදී සංවිධාන පිළිබඳව කරන ලද පර්යේෂණයක් මම අධ්‍යනය කළා. ලොව පුරා ත‍්‍රස්තවාදී කණ්ඩායම් 624 ලෝකය පුරා කි‍්‍රයාත්මක වී තිබෙනවා. කණ්ඩායම් 268 ක් අතරමඟ නතර වී තිබෙනවා.
තවමත් සංවිධාන 144 ක් ලොව තුළ කි‍්‍රයාත්මක වෙනවා. 40% ක් රහස් ඔත්තු සේවා නිසා විනාශ වී තිබෙනවා. 7% යුදමය කි‍්‍රයාමාර්ග නිසා පරාජය වී තිබෙනවා. 10% ජයගෙන තිබෙනවා.
ත‍්‍රස්තවාදය සදාකාලික නැහැ. එම සංවිධානවලට පැවැත්මත් නෑ. කොටි ත‍්‍රස්තවාදීන්ටත් නොතේරෙන ඇත්ත මෙයයි. ගත වූ කාලය තුළ කොටි සංවිධානය හා රජයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක නොවූයේ කොටි සංවිධානයේ නම්‍යශීලීභාවයක් නොමැති නිසයි.
එදා රජිව් ගාන්ධි ඉන්දියාවේ අගමැතිවරයා එවා තිබූ ලිපියක් ගැන ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තම ඇමැතිවරුන් සහ විපක්ෂයේ නියෝජිතයන්ද සමග සාකච්චා කළා.
එහිදී විපක්ෂය නියෝජිතයන් තිදෙනකු ද සමග ගනු ලැබූ තීරණයක් කඩ කරමින් අගමැතිවරයා පසුදා පාර්ලිමේන්තුවේදී ඉන්දියාව විවේචනය කරමින් කතා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස එදා ඉන්දියාව ගුවනින් අපට පරිප්පු දැම්මා.
රට රැක ගන්නට පෙර කට රැක ගන්නැයි මා එදා අගමැතිට කීවා. එදා මෙන් නොව අද අසල්වාසි රටවල ප‍්‍රශ්නවලට ඉන්දියාව මැදිහත් වේ යැය මා හිතන්නේ නැහැ.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා (ජා.නි.පෙ.) - කොටි සංවිධානයේ පිරිබාහිරන් කිලිනොච්චිය රැක ගන්න දන්න සෙල්ලම් දානවා. අද ඔහුට බාහිර සහයෝගය ඕනෑවී තිබෙනවා.
පිරිබාහිරන්ට කාලය ඉතා වැදගත්. ඒ නිසා ඔහු සියලු ඥාති දේශපාලන වරිගයාගේ උදව් බලාපොරොත්තු වෙනවා. කිලිනොච්චිය අඩු ගණනේ දෙසැම්බර් 8 වැනිදා වනතුරු හෝ අල්ලා ගෙන ඉන්නයි ඔහු අපේක්‍ෂා කරන්නෙ.
බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියාවට ගොස් කළ සාකච්ඡා නිසා ප‍්‍රශ්නය සමථයකට පත්වුණා යැයි අප හිතනවා. ප‍්‍රශ්නය රාජ්‍ය තාන්ති‍්‍රකව සමථයකට පත්වුණා විය හැකියි.
අඬුව තිබෙන කොට අත පුච්චා ගන්නෙ නැහැ. අඬුවෙන් බැරි නම් අත පුච්චා ගෙන හෝ වැඩේ කරන්න එදා රජිව් ගාන්ධි අගමැතිතුමා තීරණය කළා. ඒ අඬුව පාවිච්චි කරන කාලෙ තමයි අද ඇවිත් තියෙන්නේ.
ජෝන් වෙස්බොර්ග් නෝර්වේ හිටපු තානාපති ටාජ් හෝටලයේ 303 කාමරයේ නවාතැන් ගෙන ඉන්නවා. ගිය අය වැය කාලෙ ඔහු මෙහි ආවේ නැද්ද? ඔහු ගෙ බෑගයේ තියෙන්නෙ මොනවාද? වොෂින්ටන් – දිල්ලි මෙහෙයුමක් ඇති බව ජා. නි. පෙ. කලින් ම කීවා. හොඳ පෙර දැක්මක් ඇතිවයි අප දේශපාලනය කරන්නෙ.
ජෝන් වෙස්බෝර්ග් එන කොට අප දන්නවා, ගොනා හැරෙන්නෙ පොල් පැළය කන්න බව ජා. නි. පෙ දන්නවා. ඔළු ගෙඩි සෙල්ලමට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සූදානම් වෙනවා ඇතැයි පිරිබාහිරන් හිතනවා.
පිරිබාහිරන් කිලිනොච්චියට හිරවෙලා ඉන්න අවස්ථාවේ විපක්‍ෂයේ මන්තී‍්‍ර ගණන 113 දක්වා වැඩි කිරීමේ මන්තී‍්‍රවරුන් දහඅටක් සොයා ගැනීමේ දහ අට සන්නිය නටන්න සූදානමින් වෙස්බෝර්ග් මහත්තයා ටාජ් හෝටලයට වෙලා ඉන්නවා.
අනාගත පරපුර වෙනුවෙන් මේ කුමන්ත‍්‍රණ පරාජය කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් අවශ්‍යයි. මිනීමරු ත‍්‍රස්ත බලවේගයකට මේ රට ගොදුරු වෙන්න ඉඩ දෙන්න බැහැ. මේ නටන්න හදන දහඅට සන්නිය කවරාකාරයට හෝ නවත්වන්න ඕනා.
අද ජ.වි.පෙ නායකයන් එ.ජා.ප ය කොටි සංවිධානය ගැන දරන මතයට සමපාත වෙනවා. එහි අරමුණ කුමක් ද? යුද්ධය පිළිබඳ විශ්වාසය බිඳ දැමීමට කි‍්‍රයා කිරීමයි.
දකුණේ ජනතාවගේ උද්යෝගය බිඳ වැට්ටීම ප‍්‍රභාකරන්ගේ උවමනාවයි. ඒ උද්දාමය කඩා බිඳ වට්ටන්නේ කුමකට ද? අට වැනිදා නටන්න හදන දහ අට සන්නියට යි.
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා - ත‍්‍රස්තවාදය, බෙදුම්වාදය පරාජය කළ යුතු බව ජ.වි.පෙ මතයයි. ඒ සඳහා ආරක්‍ෂක හමුදා සිදුකරන සටන නැවැත්වීමට කූඨ උපක‍්‍රම කි‍්‍රයාත්මක වෙනවා. ගංජා කාරයන්ට මේවා තේරෙන්නේ නැහැ. ගංජා කාරයො තමන් කියන්නෙ කරන්නෙ මොනවාද කියා දන්නෙ නැහැ.
ලක්‍ෂමන් කිරිඇල්ල මහතා - මෙතැන මන්තී‍්‍රවරුන් 225 ක් ඉන්නවා. ගංජා කාරයා කියන්නේ කාටදැයි දැන ගන්න ඕනෑ.
චන්ද්‍රසේකරන් මහතා - ඉන්දියාව අපේ ප‍්‍රශ්නයට මැදිහත් වී තිබෙනවා. අපේ නායක විජේවීර මහතා හැත්තෑව දශකයේ පවා ඉන්දියා මැදිහත්වීම ගැන කීවා.
ඉන්දියාවේ ආධිපත්‍ය වියරුව අද ඊයේ නොව 1954 බැන්ඩුං හිදීත් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. එදා ලංකාවේ අගමැති සර් ජෝන් කොතලාවල ගේ කතාව තමාට නොපෙන් වූ බවට ඉන්දියා අගමැති ජවහල්ලාල් නේරු චෝදනා කළා.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ජ.වි.පෙ අත් දෙකම ඔසවා සහයෝගය ලබා දෙනවා. ජනතාවට දෝහිකම් කරන කිසිම දේශපාලඥයෙක් සමඟ ජ.වි.පෙ සම්බන්ධ වෙන්නෙ නැහැ.
උඩවත්තේ නන්ද හිමියෝ මුලසුනට වැඩම කළහ.
සංචාරක නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා - කළු ජුලිය නිසා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පාගා දමන්න එදා පාලකයන් කුමන්ත‍්‍රණකාරීව කි‍්‍රයා කළා. ඒ නිසා දෙමළ ජනතාව ලක්‍ෂ ගණනක් විදේශ ගත වුණා.
දෙමළ ජනතාවට සාමකාමී වාතාවරණයක් නැතැයි විදෙස් රටවල් පිළිගත්තා. ජේ. ආර්. ජයවර්ධන හා ආර්. පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරුන් මේ ප‍්‍රශ්නය අනා ගත්ත හැටි අප දැක්කා.
ඔවුන් බටහිරට ගැති වී ඉන්දියාවට බැන වැදුණා. උපායශීලි රාජ්‍ය තාන්ති‍්‍රක කි‍්‍රයාමාර්ග ගැනීමට ඔවුන්ට බැරිවුණා. ඉන්දු – ලංකා ගිවිසුම බලෙන් ඇති කළ දෙයක්.
තමිල්නාඩුවේ ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට ඇතැම් නායකයන් කි‍්‍රයා කළා. කරුණා අම්මාන් අද රජය සමග ඉන්නවා. ඩග්ලස් දේවානන්ද හා වතුකරයේ දෙමළ පක්‍ෂ රජය සමග ඉන්නවා.
ජනාධිපතිතුමා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ සහ බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ ද සාකච්ඡා කළ ඉන්දියා නායකයන් ඉන්දියාව මේ ප‍්‍රශ්නයට මැදිහත් නොවන බව ප‍්‍රකාශ කර තිබෙනවා.
බදුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා (එ.ජා.ප) - ත‍්‍රස්තවාදය විනාශ කළ යුතුයි. මොන ක‍්‍රමවේදයෙන් හරි ත‍්‍රස්තවාදය විනාශ කළ යුතුයි. සටන් විරාමයක් මගින් ත‍්‍රස්තවාදය විනාශ කළ යුතු බව එදා අප සිතුවා.
එදා ලෝකයේ පැවැති වටා පිටාව, ලෝක බලවතුන්ගේ ඉල්ලීම් අනුව අපට සටන් විරාමයකට යන්න සිදුවුණා. එයින් ලද ප‍්‍රධාන වාසියක් නම් කරුණා අම්මාන් ආණ්ඩුවේ සිටීම හා පිල්ලෙයාන් නැගෙනහිර මහ ඇමැති බවට පත්වීමයි. ත‍්‍රස්තවාදීන් ගෙන් වැඩිය ම බැට කෑවේ එ.ජා.පය යි.
ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා - අපේ ආණ්ඩුව ප‍්‍රතිපත්තියක් වශයෙන් ත‍්‍රස්තවාදය පරාජය කර මේ ප‍්‍රශ්නයට දෙශපාලන විසඳුමක් ගෙන ඒමට කි‍්‍රයා කරනවා. ත‍්‍රස්තවාදය මර්දනය කිරීම දේශපාලන කි‍්‍රයාවලියක් නොවේ. එය යුධ හමුදාවේ කටයුත්තක්.
විද්‍යුත් මාධ්‍ය සඳහා අලුතෙන් හඳුන්වා දුන් රෙගුලාසි පිළිබඳ බොහෝ දෙනෙකුට නිවැරදි අවබෝධයක් නැති බව පේනවා.
විද්‍යුත් මාධ්‍ය නාලිකා සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේ නිසි ක‍්‍රමවේදයක් සැකසීම මේ රෙගුලාසිවල හරයයි. වසර 25 ක් තිස්සේ අපි මේ රටේ රූපවාහිනී නාලිකා සඳහා නිකුත් කොට තිබෙන්නේ තාවකාලික බලපත‍්‍රයි. රූපවාහිනී නාලිකා හෝ ඒවායේ සේවය කරන අයට කිසිදු බලපෑමක් කිරීම අපගේ අරමුණ නොවේ.
රූපවාහිනී නාලිකාවලට බලපත‍්‍ර දීමේ දී යම් වර්ගීකරණයක් කිරීමට කලක සිට අවශ්‍යතාවක් තිබුණා. කිසිම නාලිකාවක තරංග අත්පත් කර ගැනීමේ කිසිම කි‍්‍රයාවක් සිදු වන්නේ නැහැ.
තරංග මාලා අලුත් කිරීමේ ක‍්‍රමවේදයක් මිස තිබෙන තරංග මාලා අහෝසි කිරීමට හෝ වසරින් වසර ඒවායේ වෙනසක් සිදු කිරීමට මෙමගින් කටයුතු කරන්නේ නෑ.
මේ කි‍්‍රයාවලියේදී ඇමැතිවරයාට හිමි බලතල සීමාවීමක් මිස පුළුල්වීමක් සිදු වන්නේ නෑ. යම් යම් තාක්‍ෂණික උපදෙස් මාලාවක් මිස මාධ්‍ය කි‍්‍රයාකාරීත්වයට බලපාන කිසිඳු කි‍්‍රයාකාරකමක් මේ තුළ නැහැ.
අපි මේ රෙගුලාසි සකස් කිරීම සඳහා ලොව අනෙකුත් රටවල කි‍්‍රයාකාරකම් දෙස සුපරීක්‍ෂාකාරීව බැලුවා. බී. බී. සී. වැනි ක‍්‍රමවේද දෙස බලා තමයි මේ රෙගුලාසි අප සකස් කළේ. මේක දේශපාලන කි‍්‍රයාකාරකමක් නොවේ.
අප උත්සාහ කළේ මෙරට විධිමත් බලපත‍්‍ර ක‍්‍රමවේදයක් සකස් කිරීමටයි. මෙය පුළුවන්තරම් දේශපාලන කි‍්‍රයාකාරකම්වලින් තොර කිරීමට අප උත්සාහ කළා. මේ දෙස දේශපාලන කෝණයකින් බැලුවහොත් මෙහි යම් යම් අඩුපාඩුකම් සොයාගත හැකියි. ඒ නිසා කරුණාකර මෙය අධ්‍යයනය කරන්න.
මේ රටේ හොඳ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට අපේ රජය විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. මේ රෙගුලාසි ගෙන ආවෙත් එහි පියවරක් වශයෙන්. මේ නිසා මේ රෙගුලාසි දෙස දේශපාලන දෘෂ්ඨි කෝණයකින් නොබලන ලෙස මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වී. අරියනේත‍්‍රම් මහතා (දෙ. ජා. ස.)
දෙමළ ජනතාවට එරෙහිව සිදුවන කිසිඳු කි‍්‍රයාවකට අප එකඟ වන්නේ නෑ. ඒ අනුව මේ හදිසි නීතියටත් අපි විරුද්ධයි. දෙමළ ජනතාවට එරෙහි කි‍්‍රයාවන් එන්න එන්නම වැඩි වෙනවා. ඇයි දෙමළ ජනතාවට මෙවැනි අසාධාරණකම් සිදු කරන්නේ. ඓතිහාසික වශයෙන් අපත් මේ රටේ ජීවත් වූ පිරිසක්.
පත්කළ මන්තී‍්‍ර පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ (ජා. හෙ. උ.)
ජාතික හෙළ උරුමය දෙසට ඇඟිල්ල දිගු කිරීමට ඕනෑම ප‍්‍රශ්නයක් ඇතිවූ විට ඇතැමුන් කි‍්‍රයා කරනවා. මෙය ඇතැම් පක්‍ෂවලට හැදුන රෝගයක්. ඉංගී‍්‍රසින් මේ රට පාලනය කළ කාලයේදීත් මහා සංඝරත්නය ගැන ඔයවැනි අදහසක් තිබුණා.
ඒ නිසා තමයි එංගලන්තයේ ඉංගී‍්‍රසි ආණ්ඩුවට ඔවුන් ලියා යැව්වේ හිස මුඩු කළ, කහ සිව්රු ඇඳගත් පිරිස් තමන්ගේ වැඩවලට බාධා කරන බව. ඔවුන්ට ජවුසන් නටන්නට ඉඩ නොදෙන බව.
මේ රට සිංහල රටයි. සිංහල රටට සිංහල රට නොකියා වෙන මොකක් කියන්නද? මීට පෙර කතා කළ මන්තී‍්‍රතුමන් මේ ගැන වැරදි අවබෝධයකින් කතා කළේ. ඒ ගැන අපි කණගාටු වෙනවා. දෙමළ ජාතිකයන්ට අපි කොතරම් උදව් කරනවද?
ජාතිවාදය අවුස්සන කතා කියන්න එපා. භික්ෂූන් වහන්සේගේ සිවුරු මගින් රැකවරණය දීලා අන්‍ය ජාතිකයින් ආරක්‍ෂා කරල තියෙනවා. ප‍්‍රභාකරන් කරන්නෙ ජාතිවාදය අවුස්සන එකයි.
සිංහල ජනතාව ජාතිවාදී නැහැ. සිංහලයා ජාතිවාදියි නම් අති බහුතර දෙමළ ජනතාවක් දකුණේ ප‍්‍රදේශවල ජීවත් වෙන්නෙ කොහොමද?
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා මූලාසනයට පැමිණියේය.
හෙළ උරුමය ජාතිවාදය අවුස්සනවා කියල සඳහන් කරමින් නිර්නාමික ලිපියක් එවා තිබෙනවා. අපට ජාතිවාදය අවිස්සීමේ අවශ්‍යතාවයක් නෑ. කිලිනොච්චිය කියන්නෙ අපගේ ජාතික උරුමයක්. ශී‍්‍රමහ බෝධිය වැඩම කරවූයේ කිලිනොච්චිය හරහා.
දිගාමඩුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රාවුෆ් හකීම් මහතා (මු. කො.)
රට පුරා සිදුවන කරුණු මෙම විවාදයේදී අපට අසන්නට ලැබුණා. නමුත් සමහර කරුණු දැන් කතා කර වැඩකුත් නැහැ. කෙසේ උනත් ඇතැම් කාරණා කෙරෙහි අපගේ අවධානය යොමුකළ යුතුයි.
පසුගිය රාමලාන් දිනයේදී දකුණේ මුස්ලිම් පවුල් තුනකට පහරදී තිබෙනවා. නැගෙනහිර පළාතේදීත් මුස්ලිම් ජනතාව විවිධ පීඩාවන්ට ලක්වෙනවා. මට්ටමඩු ප‍්‍රදේශයේදී කුඹුරුවලට ගිය මුස්ලිම් කිහිප දෙනෙක් ඝාතනය වුණා. මේව ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (එ. ජා. ප.)
යුද්ධය පිළිබඳව විවේචනය කිරීම කියන්නෙ ද්‍රෝහි කි‍්‍රයාවක් නෙවෙයි. යුද්ධය පිළිබඳව අඩුපාඩු කීම මගින් ඒ අඩුපාඩු නිවැරදි කරගත හැකියි. යුද්ධයට මුදල් වෙන් කරන්නෙ මේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා මේව ගැන කතා කිරීම විපක්‍ෂයක අයිතියක්.
යුද්ධ කරන්නෙ හමුදාව. ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුවේ එක ඇමැතිවරයෙක්ගෙවත් දරුවො යුද්ධ කරන්නෙ නෑ. යුද්ධ කරන්නෙ ගම්වල අහිංසක දරුවො. ඒ නිසා යුද්ධයට අවශ්‍ය උපකරණ හොඳ ඒවා අරන්දීම රජයේ වගකීමක්.
සර්වපාක්ෂික කමිටුව නියෝජනය කරන්නෙ නෑ බහුතර දෙමළ දේශපාලන පක්‍ෂ. බහුතර දෙමළ ජනතාව කැමැතියි එක්සත් ශී‍්‍ර ලංකාවක ජීවත් වෙන්නට. දෙමළ ජනතාව හා කොටි ත‍්‍රස්තවාදීන් වෙන් කරන හඳුනා ගත යුතුයි.
අලුත් මාධ්‍ය රෙගුලාසි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරයි කියල අපි විශ්වාස කරනවා. මේ ප‍්‍රශ්නයට අදාළව දේශපාලන විසඳුමක් ගේනවනම් සර්වපාක්‍ෂික කමිටුවට දේශපාලන පක්‍ෂ සම්බන්ධ කර ගත යුතුයි.
දිගාමඩුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මොහොමඩ් නව්ෂාඩ් මහතා (මු. කො.)
නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව ගැටළු රැසකට මුහුණපා තිබෙනවා. ඒ වගේම නැගෙනහිර බහුතර මුස්ලිම් ප‍්‍රජාව නිරත වන්නෙ ගොවිතැනෙහි. නමුත් මේ අයට හිමි පාරම්පරික ඉඩම්වල අයිතිය දැන් අහිමි වෙලා. අපි හැමෝම ශී‍්‍ර ලාංකිකයෝ. ඒ නිසා මේ භූමියේ අයිතිය අපි හැමෝටම තිබෙනවා.
යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කේ. කනකසබේ මහතා මූලාසනයට පැමිණියේය.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රවී කරුණානායක මහතා (එ. ජා. ප.)
රජය විටින් විට තම ප‍්‍රතිපත්ති වෙනස් කරනවා. රජයේ විදේශ ප‍්‍රතිපත්තියත් ඒ වගෙයි. ආණ්ඩුවේ බොහෝ දෙනෙක් අද මොනවද වෙන්නේ දන්නේ නැහැ. ඉන්දියාව සමඟ සිදුවන කටයුතු ගැන ඇමැතිවරුන්ගේ දැනුමත් ඒ වගෙයි.
විශේෂ නියෝජිතයකු වශයෙන් රජය ඉන්දියාවට යැව්වේ බැසිල් රාජපක්‍ෂ මහතායි. බැසිල් රාජපක්‍ෂ මහතා සාකච්ඡා කර ආවට පස්සේ කරුණානිධි මහතා ඉතා සතුටට පත්ව සිටිනවා. ඒකට හේතුව කුමක්ද කියලා අපි දන්නේ නෑ.
ඉන්දියාව අපේ හොඳම මිතුරා බවත් ඉන්දියාව අපට අවශ්‍ය බවත් රජය තේරුම් ගෙන තිබීම හොඳයි. එහෙත් මේ සාකච්ඡාවලට යටින් තවත් මොනව හරි තියෙනව නම් ඒවා හෙළි කළයුතුයි.
වැවිලි කර්මාන්ත ඇමැති දි. මු. ජයරත්න මහතා
යුද්ධයෙන් ජනවාර්ගික ප‍්‍රශ්නයක් විසඳන්න බැරි බව ජනාධිපතිතුමාත් රජයත් පිළිගන්නවා. එවැනි ප‍්‍රශ්නයක් යුද්ධයෙන් විසඳ්‍ර නැහැ. රාජාණ්ඩු කාලෙ නම් එවැනි ප‍්‍රශ්න විසඳ්‍ර තිබෙනවා.
මෙය යුද්ධයෙන් ෂසඳන්න බැරි ප‍්‍රශ්නයක් බව විපක්‍ෂයත් පිලිගන්නවා. එසේනම් මෙය නොපිළිගන්නා කෙනෙක් නැහැ. එසේනම් විසඳන්නේ කොහොමද? සාකච්ඡා මගින් විසඳීයයුත්තේ යැයි හැම දෙනාම පිළිගන්නවා.
නමුත් මෙය විසඳන්න තිම්පු සකස්කළා. තායිලන්තය, නෝර්වේ, ජර්මනිය හා ජපානයේ සාකච්ඡා කළා. විසඳන්න බැරිවුණ පසුව සටන් විරාම ගිවිසුමක් අත්සන් කළා. ඒ කාලෙත් යම් යම් යුද තත්ත්ව ඇතිවුණා. විසඳන්න බැරි වුණා. ලෝකයම කියනවා සාකච්ඡාවෙන් විසඳන්න. නමුත් සාකච්ඡා කරන්නේ කා එක්කද?
ඇත්තෙන් ම යුද්ධයක් යන වචනය හරි බව මා හිතන්නෙ නැහැ. කණ්ඩායමක් පරාජය කිරීම සඳහා කි‍්‍රයාමාර්ගයක් ලෙසයි මා කල්පනා කරන්නෙ මගේ ආසනයේ සියයට 22ක් ද්‍රවිඩ ජනතාව ඉන්නවා.
අපි සාකච්ඡාවට යමු. සියලු පාර්ශව ඒ ගැන බලාපොරොත්තුවෙනවා. නමුත් ඒ සඳහා පිවිසීමට බැරිබවයි පෙනෙන්නෙ. සාකච්ඡාවට යොමු කිරීමයි, අපහසුව.
මුස්ලිම් ජනතාවට විශේෂයක් සඳහා රවුෆ් හකීම් මහතා ප‍්‍රභාකරන් සමඟ සාකච්ඡා කර ගිවිසුමක් අත්සන් කළා. නමුත් එහි තිබූ දේ ඉටුවුණේ නැහැ. මෙය කාලයකට උඩදී සිංහල නිජබිම වුණා.
ඒක කාලෙ හැටියට හරි. දැන් සියලු ජාතින්ට පොදු රටක් ලෙස කල්පනා කළ යුතුයි. විජය රජු එන්න පෙර මෙය යක්‍ෂයන්ගේ භූමිය ලෙස හැඳින්වූවා. යුද්ධයෙන් දරුවෝ මැරෙනවා, මිනිස්සු මැරෙනවා, මන්තී‍්‍රවරු මැරෙනවා කියනවා. ඒක වළක්වන්න කතා කරන කොට විහිළුවට ගන්නවා.
විපක්‍ෂයෙන්
(ඝෝෂාවක්)
ජයරත්න මහතා
කුරුණෑගල ජනතාවට කියන්න ඕනෑ, මීට පස්සෙ කෙනෙක් එවනකොට පස්සබලා නගුට බලා එවන්න කියලා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා (එ. ජා. ප.)
ජයග‍්‍රහණ ලබාගත් හමුදාවන්ට අපේ සතුට පළකරනවා. මියගිය හමුදා සෙබලුන් ගණන සභාවට දැන්වූවත් තුවාල ලැබූ ගණන කීවේ නැහැ. හත්වැනි වතාවටත් කොටි ගුවන්යානයක් ඇවිත් ගහලා ගියා.
දහඅටසන්නියට කලින් තව සන්නි තිබෙනවා නටන්න. දැන් දහඅටසන්නි කුමන්ත‍්‍රණයක් ගැන කියන්නෙ. තමන්ගෙ සන්නි දොළහෙ කුමාරවරු විකුණගන්නයි ඔය හදන්නෙ.
දහඅටසන්නියට පෙර යහන් දැක්ම තියෙනවා. ඒකෙදි කුමාරවරුන්ට දොළ දෙනවා. ගොටු දීලා තමයි නටන්නෙ. තමන්ගෙ දොළොස් දෙනාගෙ වටිනාකම ගැන කියන්නයි ඔය කුමන්ත‍්‍රණ කතාව හැදුවෙ.
විද්‍යා හා තාක්‍ෂණ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා
සාමය සඳහා අවශ්‍යතාවට දෙපැත්තම කතා කිරීම ගැන සන්තෝෂයි. සර්වපාක්‍ෂික සමුළුවේ 86 වැනි රැස්වීම ඊයේ පැවැත්වුණා. අපේ එකඟතා මේ මාසය තුළ තවත් පුළුල් කිරීමට හැකිවී තිබෙනවා.
අප රටට ම ආවේනික, ප‍්‍රශ්නය හරියට තේරුම් ගෙන ගැලපෙන විසඳුමක් වැඩි කාලයක් ගතවීමට පෙර ලබාගත හැකි වෙතියි විශ්වාස කරනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ මෙයට ඇතුල්වී කාටත් පිළිගත හැකි විසඳුමක් ලබාදෙන්න අපට හැකිවෙයි.
දෙමළ ජනතාව සෑහීමට පත්වෙන විසඳුමක් කරා අප සර්වපාක්‍ෂික සමුළුව ගමන් ගන්නවා.
ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා
අපේ රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා එක් එක් පක්‍ෂ කි‍්‍රයා කරන ආකාරය එකිනෙකට වෙනස්. රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන්නේ ත‍්‍රස්තවාදියාට විසඳුම් ලබා දීමයි. මහින්ද රාජපක්‍ෂ මහතා විසඳුම් සොයන්නේ ත‍්‍රස්තවාදය පිටුදැකීමටයි. අපේ පක්‍ෂ දෙකේ වෙනස එයයි.
සභානායක සහ සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා :-
පක්‍ෂ විපක්‍ෂ සියලු අදහස්වලට ස්තුතියි. දේශපාලන විසඳුමක් සඳහා වූ රජයේ ස්ථාවරය වෙනස් කොට ඇතැයි තිස්ස අත්තනායක මහතා රජයට චෝදනා කළා. එහෙත් එය වැරදියි.
මහින්ද රාජපක්‍ෂ මහතා කවදාවත් මේ ප‍්‍රශ්නය යුද්ධයෙන් විසදිය යුතු බව කිව්වේ නෑ. අපි බලයට පත් වූ විගසම කළේ ජිනීවා ගොස් එල්. ටී.ටී.ඊ. ය සමග සාම සාකච්ඡා ඇරඹීමයි.
සාම සාකච්ඡා සඳහා කාලය මරමින් සන්නද්ධ වීමට එල්. ටී. ටී. ඊ ය උත්සාහ කළා. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ උගුලට හසු වුණේ නෑ. ඒ නිසා තමයි මාවිල් ආරු ජල ප‍්‍රශ්නය ඇති වූ අවස්ථාවේ ජනපතිතුමන් ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට පෙළඹුණේ.
ත‍්‍රස්තවාදය මර්දනය කර ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමටයි රජය කි‍්‍රයා කරන්නේ. මේ ගමන වළක්වන්න කාටවත් බැහැ. යුද හමුදාව අද විශාල ජයග‍්‍රහණයක් අත්කරගෙන සිටිනවා. මේ කුරුම්බැට්ටි මැෂිමක් ඇවිත් බෝම්බයක් දැම්මා කියා මේ යුද ජයග‍්‍රහණ අවතක්සේරු කරන්න බෑ.
අද ජාත්‍යන්තර වශයෙන් රජයට විශාල සහයෝගයක් ලැබෙනවා. ඉන්දියාව සමග අවබෝධයෙන් යුතුව රජය කටයුතු කරනවා.
ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කරන යුද්ධයට වඩා වැඩි උත්සාහයකින් ජාත්‍යන්තර ප‍්‍රජාවට වැරදි මතයක් ගෙන යාමට ඇතැම් පිරිස් දරන උත්සාහය පැරදවීමට රජය කි‍්‍රයා කරගෙන යනවා. ඉන්දියාව අතර අපේ රට අතර ඇති හොඳ හිත පළුදු කිරීමට ඇතැම් පිරිස් කුමන්ත‍්‍රණ කරනවා.
මේ කුමන්ත‍්‍රණ පරදා ජනතාවට ජයග‍්‍රහණ අත්කර දීමටයි රජය කි‍්‍රයා කරන්නේ. රජයේ මේ වැඩපිළිවෙලට සහයෝගය දීම රටට ආදරය කරන සෑම මහජන නියෝජිතයකුගේ වගකීමක් මෙය අපේ මිය යන තුවාල ලබන රණවිරුවන් සංඛ්‍යාව සොයන වේලාවක් නොවේ.
එම සංඛ්‍යා ලේඛන ඉල්ලන්නේ ත‍්‍රස්තවාදීන්ට උඩගෙඩි දීමටයි. මේ නිසා රටත් ජනතාවත් වෙනුවෙන් පටු දේශපාලන අරමුණු ඉවත දා කටයුතු කරන ලෙස හැමගෙන් ඉල්ලා සිටිනවා.
හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මත විය.
පාර්ලිමේන්තුව හෙට (06) ප.ව. 1.00ට යළි රැස්වේ.

No comments: