සුනිල් අභයවර්ධන
තරගකාරී මලල කී‍්‍රඩා පිටියෙන් තමා සමුගත්තත් ඉදිරියේදී මලල කී‍්‍රඩා පුහුණුකරුවෙක් වශයෙන් තමාගේ සේවය ලබාදීමට කැපවන බව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවීන ධාවන ශූරයෙක් වූ සුගත් තිලකරත්න සඳහන් කැර සිටියේය.
ආසියාතික රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න තරගකාරී කී‍්‍රඩා පිටියෙන් සමුගැනීම සනිටුහන් කරමින් චාම් උත්සවයක් පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාගාර ශ‍්‍රවනාගාරයේදී පැවැත්වින.
මීට වසර පහලොවකට පමණ කලින් සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තරග උලෙළකට හැටන් නෝටන් බි‍්‍රජ් විදුලිපුර විදුහල වෙනුවෙන් තරගවැදී මීටර් 200 ඉසව්ව දිනාගනිමින් මලල කී‍්‍රඩා ජීවිතයට පිවිසුනු තමාට ආසියාතික කී‍්‍රඩා උළෙලකදී රන්පදක්කම් දෙකක්ම දිනාගනිමින් ශ‍්‍රී ලංකාවට තමාට හැකි අයුරින් ගෞරව දිනාදීමට හැකිවීම ගැන සතුටට පත්වන බව සුගත් තිලකරත්න එහිදී සඳහන් කළේය.
කාලයක් ඇවෑමෙන් මීටර් 400 ජාතික ශූරයා බවට පත් වූ තමා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලවල් දෙකකටද සහභාගිවීමට අවස්ථාව ලැබූ බව සඳහන් කැර සිටියේය.
“මට එන්නට තිබුණේ තරමක දුෂ්කර ගමනක්. විදුලිපුර විදුහල අඹගමුව විදුහල හරහා ජාතික තලයට පැමිණ අන්තර් ජාතික මට්ටම දක්වා පැමිණීමේදී හමුවූ මුහුණ පෑමට සිදුවූබාධක එමටයි.
ඒ සියල්ල ජයගනිමින් ඉදිරියට ඒමේදී මට බොහෝදෙනෙක් උදව් කළා.
විශේෂයෙන්ම මගේ පුහුණුකරුවන්, එවකට සිටි කී‍්‍රඩා අමාත්‍ය එස්. බී. දිසානායක ඇමැතිතුමා මගේ ජීවිතයට ලොකු ශක්තියක් වුණා.
ඉන් අනතුරුව පැමිණි කී‍්‍රඩා අමාත්‍යවරුන්ද මලල කී‍්‍රඩා සම්මේලන නිලධාරීන්ද මට බොහෝ සේ උදව් කළා.’’
“මීට වසර දෙකකට පෙර මගේ පාදයේ ඇති වූ ආබාධයක් නිසා මට තරගකාරී කී‍්‍රඩාවට යොමුවෙන්නට ලැබුණේ නැහැ. දැන් නම් මගේ පාදයේ ආබාධය සුවවෙලා. ඒත් දැන් මට තරගයට දුවන්න බැහැ.
ඒ නිසා මම සිතාගත්තා තරගකාරී කී‍්‍රඩා පිටියෙන් සමුගන්න. මා තරගවලින් සමුගත්තත් ඉදිරියට මගේ පුුහුණු දැනුම වැඩිකරගෙන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ දක්වා මගේ කී‍්‍රඩා ජීවිතයට සහයෝගය දුන් බව සැමටම ස්තුති කරනවා” යැයි සුගත් හැඟුම්බර අයුරින් ඔහුගේ කතාව අවසන් කළේය.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment