Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 13, 2008

විදුලි බලාගාර අවට විශේෂ හමුදා කණ්ඩායම් - ආරක්ෂක නිලධාරීන්ට හමුදා පුහුණුව

සුභාෂිනී සේනානායක
විදුලි බලාගාර අවට විශේෂ හමුදා කණ්ඩායම් යෙදවීමටත් ලංකා විදුලි බල මණ්ඩලයේ සියළුම ආරක්ෂක නිලධාරීන්ට විශේෂ හමුදා පුහුණුවක් ලබා දීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත.
දිවයිනේ පිහිටි සියළුම විදුලි බලාගාර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට සහ ඒ සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහාය ලබාගන්නා බවද විදුලිබල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. මේ සම්බන්ධව පසුගියදා ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බවද ඇමැතිවරයා පැවසීය.
දැනට ඉදිවෙමින් පවතින ඉහළ කොත්මලේ හා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ඇතුළු දිවයිනේ ඇති සියළු බලාගාර මෙම ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ ආරක්ෂා කෙරේ.
මේ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක ආරක්ෂක භටයින් සිය දෙනෙකු යෙදවීමටද ඇමැතිවරයා තීරණය කර ඇත. බලාගාරවල සේවය කරන සමාගම්වල කොන්ත‍්‍රාත්, උපකොන්ත‍්‍රාත් සේවකයින් පිළිබඳ තොරතුරු ලබාගෙන විශේෂ විමර්ශනයකට ලක්කරන බවද අමාත්‍යාංශය පවසයි.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා විදුලි බල ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ, අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. සී. ප‍්‍රදිනාන්දු, මේජර් ජෙනරාල් රන්ජිත් සොයිසා ඇතුළු යුද හමුදාවේ සහ අනෙකුත් අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

No comments: