Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, November 14, 2008

අයවැය ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කරනවා- ඇමැති ලක්‍ෂමන් යාපා

වෙල්ලස්සේ බණ්ඩාර
මෙවර අයවැය ස්ථිර වශයෙන්ම වැඩි ඡන්දයෙන් ජයග‍්‍රහණය කරන බව ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි.
පසුගිය වසරේ අය-වැය සම්මත වූ ප‍්‍රමාණයටත් වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයකින් මෙවර අය-වැය ඉතා පහසුවෙන් සම්මත කර ගැනීමේ හැකියාව රජයට තිබෙන බවද ඇමැතිවරයා පවසයි.
අය-වැය සම්මතවීමත් සමග රජය මැතිවරණ කිහිපයකට මුහුණ දීමට සූදානමින් සිටින බවද ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා මෙවර අය-වැය පරාජය කරන බවට කර ඇති ප‍්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කැර ඇති විකල්ප අය-වැය ලේඛනය තව අවුරුදු 20 කින් පසුව බිහිවෙන රජයකටවත් ප‍්‍රායෝගිකව ඉටු කළ නොහැකි පොරොන්දු අඩංගු අය-වැයක් බවත් මෙම මාධ්‍ය හමුවේදී හෙතෙම පෙන්වා දුන්නේය.
රජයේ සේවක වැටුප් රුපියල් 7500/- කින් ඉහළ දමන බවට එක්සත් ජාතික පක්ෂය සිය විකල්ප අය-වැයෙන් ඉදිරිපත් කර තිබුණු බව පෙන්වාදුන් ඇමැතිවරයා එවැනි යෝජනා කිසිසේත්ම කි‍්‍රයාත්මක කළ නොහැකි ඒවා බවද ප‍්‍රකාශ කළේය.
දේශපාලන විසඳුමකට ප‍්‍රධාන පක්ෂ දෙක හා ද්‍රවිඩ සන්ධානය එක්ව සාකච්ඡා කළ යුතුව ඇතැයි විපක්ෂ නායකවරයා පසුගියදා ප‍්‍රකාශ කැර තිබු බව මෙහිදී පෙන්වා දුන් ඇමැතිවරයා රජය සර්ව පාක්ෂික කමිටුවක් ඇතිකර ඕනෑම කෙනෙකුට අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ කඩ සලසා දී ඇතැයි ද සඳහන් කළේය.
ඉන්දීය රජය නැවත වතාවක් එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කිරීම ගැන ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් ඇමතිවරයා ඉන්දීය රජයට ස්තුතිය පළ කළේය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා පසුගියදා ඉන්දියාවට ගොස් මේ රටේ දෙමළ ජනතාවට රජය ලබාදෙන සුරක්ෂිත භාවය හා ඔවුන් ත‍්‍රස්තවාදයේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීම පිළිබඳව එරට නායකයින් දැනුවත් කළ බවද අබේවර්ධන මහතා විස්තර කළේය.
එල්. ටී. ටී. ඊ. ය සටන් විරාමයකට කැමැත්තෙන් පසුවෙන බව නඩේසන් නැමැති අයෙකු ප‍්‍රකාශ කර තිබුනත් එය ඔවුන්ගේ නිල ප‍්‍රකාශයක් ලෙස පිළිගත නොහැකියි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයනන්ද මූර්ති මහතා ඊළාම් ලැබෙන තුරු කොටි අවි බිම නොතබන බව පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර තිබේ. මේ අදහස් එකකට එකක් පටහැණි බවද ජනමාධ්‍ය ඇමැතිවරයා කීය.

No comments: