Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, November 13, 2008

අවසන් තරගය කඩුලු 7කින් ජය ලබා ශ‍්‍රී ලංකාව තරගාවලිය ජය ගනී

ශ‍්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති පස්වැනි හා අවසන් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගය කඩුලු 7කින් ශ‍්‍රී ලංකාව ජයගැනීමත් සමග තරගාවලියේ ජයද තරග 3 - 2 කින් ශ‍්‍රී ලංකාව සතුවිය.
කොළඹ ආර්. පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ පැවැති අවසන් එක්දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩිකාවෝ ලකුණු 120ක් ලබාගත්හ.
ශ‍්‍රී ලංකා කාන්තා කී‍්‍රඩිකාවෝ තිදෙනෙකු පමණක් දැවී ජයග‍්‍රාහී ලකුණු සංඛ්‍යාව වාර්තා කළහ.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායිකා ශෂිකලා සිරිවර්ධන තරගාවලියේ හොඳම කී‍්‍රඩිකාවට හිමි සම්මානය දිනාගත්තේ ඊයේ තරගයේදීද ලකුණු 32 ක් ලබාගෙනය. ඇය පන්දු යැවීමේදී ලකුණු 7කට කඩුලු 1 ක් යැවීමට සමත්වූයේ ඕවර 7කදී නිලකුණු ඕවර් 4ක් ද වාර්තා කරමිනි.
ආරම්භක පන්දු ප‍්‍රහාරිකාව වූ දේදුනු සිල්වා ලකුණු 30 ක්ද එස්. කුමාරිහාමි ලකුණු 22ක් ද වාර්තා කිරීම හේතුවෙන් ඕවර් 37.1 ක දී ජයග‍්‍රහණය වාර්තා විය.
කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා පිල පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළේය.
ඕවර් 44.4ක් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩිකාවන් අතරින් එස්. ඩොටීන් ලකුණු 31ක්, එස්. ආර්. ටේ‍්‍රලර් ලකුණු 26ක් හා අගුලේරියා ලකුණු 28ක් වාර්තා කළහ. ශ‍්‍රී ලංකා පිලේ වමතින් දඟපන්දු යවන ස්විනී අල්විස් ලකුණු 25කට කඩුලු 4ක් බිඳහෙළීමට සමත් වූවාය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 120 (44.4)
එස්. ආර්. ටේ‍්‍රලර් 26 එස්. ඩොටින් 31, එම්. ආර්. අගුලේරියා 20 (ස්වනී ද අල්විස් 25/4 ශෂිකලා සිරිවර්ධන 7/1)
ශ‍්‍රී ලංකා පිල කඩුලු 3කට ලකුණු 121 (37.1)
දේදුනු සිල්වා 30, එස්. කුමාරිහාමී 22, හිරුකා ප‍්‍රනාන්දු නොදැවී 12, ශෂිකලා සිරිවර්ධන 32 (ඒ. මොහොමඩ් 14/2)

No comments: