Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, November 21, 2008

ශ‍්‍රී ලංකාව කඩුලු 6කින් සිම්බාබ්වේ පරදවයි

‘තරගයේ වීරයා’ මුරලි ලකුණු 14ට කඩුලු 4යි
ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඊයේ හරාරේහි පැවැති පළමු ජාත්‍යන්තර එක්දින තරගය ශ‍්‍රී ලංකාව කඩුලු හයකින් ජය ගත්තේය.
ලකුණු 128ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම ඕවර 33. 2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය.
කුමාර් සංගක්කාර නොැදවී ලකුණු 47ක්ද මහේල උඩවත්ත ලකුණු 38ක්ද ලබා ගත් අතර ලකුණු 14කට කඩුලු 4 ක් බිඳ හෙලූ මුත්තයියා මුරලිදරන් ‘තරගයේ වීරයා’ විය.
ආරම්භක පිතිකරු උපුල් තරංග (0) පළමු ඕවරයේදීම දුවද්දී දැවී යෑමෙන් පසුව උඩවත්ත හා කුමාර් සංගක්කාර 2 වැනි කඩුල්ල සඳහා එක් වෙමින් ලකුණු 56ක් රැස් කළහ.
ශ‍්‍රී ලංකාව 12 වැනි ඕවරයේදී මුළු ලකුණු 50ත් 27වැනි ඕවරයේදී මුළු ලකුණු 100 ත් වාර්තා කළේය.
සිම්බාබ්වේ වෙනුවෙන් ආර්. ප‍්‍රයිස් ලකුණු 24කට කඩුලු 2 ක් බිඳ හෙලීය.
කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ගේ ආරාධනයෙන් පිටියට පිවිසි සත්කාරක සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ට වැඩි වේලා පිති ඔසවන්නට ඉඩ නොදුන් මුත්තයියා මුරලිදරන් සහ අජන්ත මෙන්ඩිස් ඔවුන්ගේ ඉනිම ඕවර 31 කට සීමා කළහ. ඒ වෙද්දී සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ රැස්කරගෙන සිටියේ ලකුණු 127 ක් පමණි.
පළමු කඩුල්ලේ සිටම ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පීඩනවලට නතු වීමට සිදු වූ සිම්බාබ්වේ පිතිකරුවන් අතුරින් තරමක් හෝ හිස ඔසවා පන්දුවට පහර දුන්නේ ටටේන්ද්‍ර ටයිබු පමණි.
ඔහු පන්දු 58 ක් පිටියේ රැඳී සිටිමින් 4 පහර 2 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස් කෙළේය. අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ටයිබුට සිදුවූයේ අනෙක් අන්තයෙන් අසරණ වන තම පිතිකරුවන් දෙස බලා සිටිමින් තම කඩුල්ල සුරක්‍ෂිත කර ගැනීමය.
සිම්බාබ්වේ ඉනිම ගොඩනැගීමට හොඳම කඩුලු සබඳතාව රැස් කෙළේ 3 වැනි කඩුල්ල වෙනුවෙන් චමු විබාබා සහ ටටේන්ද ටයිබු ය.
ඔවුන් දෙදෙනා පන්දු61 කදී ලකුණු 43 ක් තම කණ්ඩායමට එක් කළහ. විබාබා පන්දු 35ක දී හතරේ පහර දෙකක් සමග ලකුණු 25 ක් රැස් කෙළේය.
අනතුරුව 4 වැනි කඩුල්ල සඳහා ටයිබු ට එකතු වූ ස්ටුවට් මට්සිකෙන්යරි පන්දු 36 ක දී ලකුණු 41 ක් රැස් කිරීමට දායක විය. ඔහුගේ ඉනිම ලකුණු 20 ක දී අවසාන වීමත් සමග සිම්බාබ්වේ ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
අවසන් කඩුලු 7 ලකුණු 3කදී නැවත කී‍්‍රඩාගාරයට හරවා යැවීමට මුරලි සහ මෙන්ඩිස් සමත් වීම කැපී පෙණුනි. විසිඅටවැනි ඕවරයේ
පළමු පන්දුවේ සිට කඩුලු දඩයම ආරම්භ කළ මුරලි එම ඕවරයේ දී ස්ටුවට් මට්සිකෙන්යෙරි (21) එල්ටන් චිගුම්බුරා (0) සහ ටිම්සෙන් මරුම් (0) දවාලීමට සමත් වූයේය.
ඉන් අනතුරුව ඕවරය යැවූ අජන්ත මෙන්ඩිස් තම ප‍්‍රධාන පන්දු යවන්නාට දෙවෙනි නොවෙමින් එම ඕවරයේ දී නායක පෙ‍්‍රාප්සර් උට්සෙයා (0) සහ රේ ප‍්‍රයිස් (0) කිසිදු ලකුණක් නොදී කී‍්‍රඩාගාරයට හරවා යැව්වේය.
අනතුරුව 30 වැනි සහ 31 වැනි ඕවරයේ ටවාන්ද මුපර්වා (0) සහ කි‍්‍රස් එම්පොහු (0) පිළිවෙළින් කී‍්‍රඩාගාරයට යැවීමට මුරලි සහ මෙන්ඩිස් සමත් වූහ.
සිම්බාබ්වේ අවසන් පිතිකරුවන් 6 දෙනාට කිසිදු ලකුණක් ලබා නොදෙමින් කී‍්‍රඩාගාරයට යැවීමට මේ සුපිරි දඟ බන්දු යුගලය වැය කර තිබුණේ පන්දු 23 ක් පමණි.
සිම්බාබ්වේ ඉනිම නිමා වන විට මුරලිදරන් ඕවර 4 ක දී ලකුණු 14 කට කඩුලු 4 ක් දවාලමින් ද මෙන්ඩිස් ඕවර 6 ක දී ලකුණු 26 කට කඩුලු 3 ක් ද දවාගෙන තිබුණි.සිම්බාබ්වේ
හැමිල්ටන් මසකඩ්සා දුවද්දී දැවී ගියා (තරංග) 15
වුසි සිබන්ඩා ඇ. කපුගෙදර බෝ. කුලසේකර 9
වමු විබාබා ඇ. කුලසේකර බෝ.මහරුෆ් 25
ටටේන්ද ටයිබු නොදැවී 36
ස්ටුවට් මට්සි කෙන්යෙරි බෝ. මුරලිදරන් 21
එල්ටන් විගුම්බුරා කඩුල් මුවා කළා බෝ. මුරලිදරන් 0
ටිම්සෙන් මරුමා ඇ.කපුගෙදර බෝ. මුරලිදරන් 0
පෙ‍්‍රාප්සර් උට්සෙයා කඩුල්ල මුවා කළා බෝ. මෙන්ඩිස් 0
රේප‍්‍රයිස් ස්.සංගක්කාර බෝ. මෙන්ඩිස් 0
ටවාන්ද මුපරිවා ඇ. තරංග බෝ. මුරලිදරන් 0
කි‍්‍රස් වම්පොහු බෝ. මෙන්ඩිස් 0
අතිරේක 21
ඕවර 31.0ක දී සියලුම දෙනා දැවී 127
කඩුලු වැටීම :- 1 – 28 (සිබන්ඩා 7.5) 2 – 40 (මසකඩ්සා 10.6) 3 - 83
(විබාබා 21 .1 ) 4 – 124 (මට්සිකෙන්යෙරි 27 . 1) 5 – 124
(විගුම්බුරා 27.2) 6 - 124 (මරුම් 28.0) 7 – 125 (උට්සෙයා 28.2) 8 – 125
(ප‍්‍රයිස් 29.0) 9 – 126 (මුපරිවා 29.5) 10 – 127 (එම්පොහු 31.0 )
පන්දු යැවීම : මහරුෆ් 8 - 0 - 26 – 1 කුලසේකර 7 - 1 – 25 – 1
තුෂාර 6 – 0 - 28 – 0 මෙන්ඩිස් 6 – 0 – 26 – 3 මුරලිදරන් 4 – 1 – 14 - 4
ශී‍්‍ර ලංකාව
යූ. තරංග දුවද්දී දැවීගියා 0
එම්. උඩවත්ත ඇ. මට්සිකෙන්යෙර් බෝ. චිගුම්බුරා 38
කේ. සංගක්කාර නොදැවී 51
එම්. ජයවර්ධන බෝ. ප‍්‍රයිස් 12
සී. කපුගෙදර ඇ. චිබාබා බෝ. ප‍්‍රයිස් 16
ජේ. මුබාරක් නොදැවී 0
අතිරේක 14
එකතුව (කඩුලු 4ට, ඕවර 33.2) 130
කඩුලු බිඳ වැටීම - 1 – 0, 2 – 57, 3 – 95, 4 - 122
පන්දු යැවීම - මොෆු 8 – 1 – 28 – 0, මුසාරිවා 7 – 0 – 28 – 0,
චිගුම්බුරා 5 – 0 – 19 – 1, ප‍්‍රයිස් 7 – 1 – 24 – 2,
උට්සෙයා 6.2 – 1 – 28 - 0

No comments: