Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 11, 2008

ඇමැති ඩග්ලස් ඝාතන තැත :කොටි කත උපන්ගමේ ග‍්‍රාම නිලධාරියා ගෙන්වා ගැනීමේ වෑයම ව්‍යාර්ථ වෙයි

රන්ජිත් පද්මසිරි
ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමේ අරමුණින් සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍යාංශය තුළ දී බෝම්බය පුපුරුවා ගත් වේගාවනම් සුජාන්ත නැමැති මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදී කාන්තාව පදිංචිව සිටි මුලතිව් දිස්ති‍්‍රක්කයේ කුලියන්කුලම ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා නිලධාරියා ගෙන්වා ගැනීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වී ඇතැයි රහස් පොලිසිය ඊයේ (10) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
ඇමැති දේවානන්ද මහතා ඝාතනය කිරීමට තැත් කළ එම අවස්ථාවේදී ඒ මහතා ගේ සම්බන්ධීකරණ නිලධාරි ස්ටීවන් පීරිස් මහතා මියගිය අතර ඒ පිළිබඳව සිදුකරන විමර්ශනයේ ප‍්‍රගතිය වාර්තා කරමින් මේ බව දන්වා සිටි රහස් පොලිසිය මරාගෙන මැරෙන බෝම්බකාරිය හඳුනා ගැනීම සඳහා ඇයගේ ළඟම ඥාතීන්ගෙන් ලබාගත් ලේ ආදර්ශක සමඟ ඩී. එන්. ඒ. පරීක්ෂණයක්ද පැවැත් වූ බවත් ඒ අනුව බෝම්බකාරිය ගේ හඳුනා ගැනීම තහවුරු කර ඇති බව දන්වා සිටියේය.
අතිරේක මහේස්ත‍්‍රාත් රවීන්දු පේ‍්‍රමරත්න මහතා හමුවේ මේ බව දන්වා සිටි රහස් පොලිසිය මුලතිව් දිස්ති‍්‍රක්කයේ ශ‍්‍රීරාම් පුරම් කත්තසින්නකුලම මහරම්බයිකුලම පදිංචිකරුවන් වන ගනේෂ් මල්ලිකා හා ගනේෂ් සුලෝචනා යන දෙදෙනාගේ ලේ ආදර්ශක සමඟ ඩී.එන්.ඒ. පරීක්ෂණය පවත්වා ඇති බවත් දන්වා සිටියේය.
මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු අවසන් නොමැති බවත් විමර්ශනයට අදාළව මරාගෙන මැරෙන බෝම්බකාරිය කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා ඇය විසින් භාවිත කළ ජාතික හැඳුනුම්පතට අනුව ඇය කුලියන්කුලම ප‍්‍රදේශයේ තැනැත්තියක් බවත් එහෙත් ඒ පිළිබඳව තහවුරු කර ගැනීමට ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා නිලධාරියා ගේ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහු කැඳවූවත් මෙම ප‍්‍රදේශය මුදානොගත් ප‍්‍රදේශයක් නිසා කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවසරයක් නොමැතිව මෙම නිලධාරියාට සාමාන්‍ය ප‍්‍රදේශවලට පැමිණීමට නොහැකි වී ඇති බව එම ප‍්‍රදේශය අයත් මුලතිව් ප‍්‍රදේශයේ සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරයා දැනුම් දී ඇති බව රහස් පොලිසිය තවදුරටත් දන්වා සිටියේය.
බෝම්බකාරිය සන්තකයේ තිබූ භාණ්ඩ නාරාහේන්පිට පොලිසිය මගින් අධිකරණය වෙත භාරදී ඇති බවත් විමර්ශන කටයුතු සඳහා එම භාණ්ඩ නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය වී ඇති බව දන්වා සිටි රහස් පොලිසිය උප පොලිස් පරීක්ෂක කුමාරසිරි මහතාට එම භාණ්ඩ නැවත පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
මෙම බෝම්බකාරිය අමාත්‍යාංශයට පැමිණි තී‍්‍රරෝද රථය පිළිබඳ තවදුරටත් විමර්ශන පවත්වන බවත් අනාවරණය වූ තොරතුරු මත තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත් රහස් පොලිසිය සඳහන් කළේය.
නඩු භාණ්ඩ නැවත පරීක්ෂා කිරීම සඳහා රහස් පොලිසියට අවසර දුන් අතිරේක මහේස්ත‍්‍රාත් පේ‍්‍රමරත්න මහතා විමර්ශනයේ ප‍්‍රගතිය ලබන 21 වන දින වාර්තා කරන ලෙසට රහස් පොලිසියට නියම කළේය.

No comments: