Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 18, 2008

පාපන්දු පිටියේ කළහකාරීන්ට දඬුවම් හෙට ගුවන් – යුද කී‍්‍රඩකයෝ ලකුණු සටහනේ පෙරමුණට

ප‍්‍රින්ස් ගුණසේකර
කළහකාරී සිද්ධියකින් නිමා වූ සෝන්ඩර්ස් හා රත්නම් පාපන්දු ගැටමු නැවැත පැවැත්වීම පිළිබඳ හා සිද්ධියට සම්බන්ධ කී‍්‍රඩකයන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග කමිටුව හෙට පස්වරු 5.00 ට රැස්වීමට නියමිතව ඇත.
තරග කමිටු සභාපති ගාමිණි රන්දෙණිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වන කමිටුවට එදින තරගය විනිශ්චය කළ ඩිලාන් පෙරේරා මහතා විසින් වාර්තාවක් මේ වන විටත් සපයා ඇත. එම වාර්තාවෙන් දක්වා ඇති කරුණු හා අනෙකුත් සාක්‍ෂි පදනම් කරගෙන තරග කමිටුව තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
කෙසේ වුවද වත්මන් පාපන්දු පිටියේ කළහකාරී සිදුවීම් නිතර නිතර ඇතිවීමේ ප‍්‍රවනතාවක් තිබෙන බැවින් කී‍්‍රඩා සමාජ දෙකට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පාපන්දු ප‍්‍රවීනයන්ගෙන් හා කී‍්‍රඩා ලෝලීන්ගෙන් දැඩි බලපෑමක් ඇතිව තිබෙන බවද වාර්තා විය.
රත්නම් හා සෝන්ඩර්ස් යන දෙපිලේම ආධාරකරුවන්ගේ හැසිරීම් රටාව වෙනත් ප‍්‍රදේශවල පාපන්දු තරග වලටද ලබාදුන් නරක ආදර්ශයක් බව පාපන්දු විචාරකයෝ පවසති. එහෙයින් මෙම කළහකාරී සිද්ධිය සම්බන්ධව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගන්නා කි‍්‍රයාමාර්ගය පිළිබඳ වැඩි අවධානයක්ද යොමුවෙමින් පවතී.
ඩයලොග් ප‍්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ සති අන්තයේ නිමාවූ තරග ප‍්‍රතිඵල අනුව ගුවන් හමුදාව හා යුද හමුදාව ඉදිරියට පැමිණීමට සමත් විය. ගුවන් හමුදාව ප‍්‍රසාද ලකුණු 15 ක් හා යුද හමුදාව ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණටම පැමිණියහ. ලකුණු සටහනේ ඉහලින්ම සිටි නිගම්බු යූත්, රිනවුන් පිල හමුවේ පරාජය වීමත්, රත්නම් පිලට ප‍්‍රසාද ලකුණු මේ සතියේ හිමි නොවීමත් යන හේතු පසුබෑමට බලපෑහ.
ගුවන් හමුදාව - ජුපිටර්ස්
කැළණියේදී පැවැති මෙම තරගයෙන් ගෝල් 3 – 1 ක ජයක් ගුවන් හමුදාව සතු විය. ගුවන් හමුදාව වෙනුවෙන් ආර්. ආර්. සිල්වා, ගෝල් 2 ක් ද එස්. සංජීව ගෝලයක් ද වාර්තා කළහ. ජුපිටර්ස් පිලේ එන්. සී. ප‍්‍රනාන්දු එක් ගෝලයක් ලබා ගත්තේය.
යුද හමුදාව - බ්ලුස්ටාර්
කළුතර බ්ලුස්ටාර් පිල මෙවර තරග වාරයේදී තෙවැනි පරාජයත් ලබා ගත්තේ යුද හමුදාව ඉදිරියේ ගෝල් 1 – 0 කිනි. යුද හමුදා කී‍්‍රඩා සමාජයේ එම්. ඩී. එල්. කුමාර ගෝලය වාර්තා කළේය.
රිනවුන් – නිගම්බුයූත්
මෙවර තරග වාරයේ අපරාජිතව සිටි නිගම්බු යූත් ගෝල් 3 – 1 කින් රිනවුන් පිලට පරාජය විය. මෙම පෙරළිකාර ජය ලැබූ රිනවුන් පිලේ එන්. සී. අබේසේකර, ඩී. පී. පෙරේරා හා එම්. සාහීන් ගෝල් වාර්තා කළහ.
නිගම්බු යූත් පිල වෙනුවෙන් ජී. පී. සී. කරුණාරත්න ගෝලයක් ලැබීය.
නිව්යංග්ස් - පෙළිකන්ස්
කුරුණෑගලදී පැවැති මෙම තරගයෙන් ගෝල් 1 – 0 ක ජයක් නිව්යංග්ස් පිලට හිමි විය. නිව්යංග්ස් පිලේ සම්පත් විජේකෝන් ගෝලයක් වාර්තා කළේය.

No comments: