Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 10, 2008

යොවුන් කි‍්‍රකට් නව ක‍්‍රමය හෙට විවාදයට

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර
මෙරට අන්තර් පාසල් කි‍්‍රකට් තරගමාලා අතුරින් ප‍්‍රමුඛතම තරගාවලිය වන වයස අවුරුදු 19 න් පහළ යොවුන් කි‍්‍රකට් තරගාවලිය නවතම ආකාරයකින් පැවැත්වීම ගැන විරෝධතා දක්වන පාසල්වලට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දීමට ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (11) සවස 3.00 ට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දී විරෝධතා දක්වන සියලු පාසල් කණ්ඩායම්වල නියෝජිතයන් කැඳවන බව සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා ඊයේ දහවල් “දිනමිණ” ට පැවසීය.
”අපිට මේ වන විට කිසිදු විරෝධතා ලිපියක් ලැබිල නෑ. තරගාවලියෙන් ඉවත්වන බවට ප‍්‍රචාරය යමින් තිබෙන කණ්ඩායම් කිහිපයක් ම අපිට දැනුම් දී තිබෙනවා ඔවුන් සංගමයේ තරග ක‍්‍රමයට සහ කාලසටහනට එකඟව කටයුතු කරන්න සූදානම් බව.
අපි මේ නවතම ක‍්‍රමය හඳුන්වා දීමට උත්සාහ කළේ වයස 19 න් පහළ තරගකාරීත්වය වැඩි කරන්න. ඒ වගේ ම පහළ සිටින කණ්ඩායම් ඉහළට ගෙන එන්න. ඕන කෙනෙකුට මේ ක‍්‍රමයට අකමැති වෙන්න පුලුවන්. නමුත් ඒ අකමැති වීම සාධාරණ විය යුතුයි” ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
වයස අවුරුදු 19 න් පහළ තරගාවලිය මීට පෙර වසරවලදී පාසල් කණ්ඩායම්වල අභිමතය පරිදි ප‍්‍රතිවාදී කණ්ඩායම් තෝරාගෙන පැවැත්වුණි.
නමුත් මෙම වසරේ සිට කාණ්ඩ දෙකකින් තරග බිමට පිවිසෙන මෙම කණ්ඩායම්වලට අනිවාර්ය තරග 7 ක් පාසල් සංගමය මගින් ලබා දී තිබේ.
ඊට අමතරව තම අභිමතය පරිදි කණ්ඩායම් 9 ක් සමග තරග වැදීමට ද ඔවුන්ට අවස්ථාව සලසා ඇත.
තරගාවලිය ප‍්‍රසාද ලකුණු මත පැවැත්වෙන අතර ඒ අනුව එළඹෙන වසරේ දී පහළ සිටින කණ්ඩායම්වලට ඉහළට පිවිසීමේ අවස්ථාව ද පාසල් සංගමය මගින් හඳුන්වා දී තිබේ.
”පාසල් සංගමය පසුගියදා මෙම තරග ක‍්‍රමය පිළිබඳ දැනුවත් කිරීමට කියා රැස්වීමක් කැඳවූවා. නමුත් එහි දී කිසිදු විමසීමකින් තොරව මෙම නව ක‍්‍රමය පැවැත්වීමට කුසපත් ඇද්දා.
අපි සාම්ප‍්‍රදායික තරග වැඩි ප‍්‍රමාණයක් පවත්වන පාසලක්. මේ ක‍්‍රමය නිසා එම ක‍්‍රමය මඟහැරෙනවා. අනිත් එක තවම “ටූනමන්ට් රූල්ස්” දැනුම් දීලා නෑ. අපි මහන්සි වෙලා ඉදිරියට පැමිණි කණ්ඩායමක්.
අනෙකුත් කණ්ඩායම්වලට ද ඒ අවස්ථාව ඒ විදිහට ම දිය යුතුයි. 19 න් පහළ කි‍්‍රකට් තරගකාරීත්වය වැඩි කරන්න මෙම ක‍්‍රමය ගෙන එනවයි කියනවා.
එහෙම නම් ඒ දවස්වල කොහොමද සනත් ජයසූරිය, නුවන් කුලසේකර, තිලාන් තුෂාර මිරැන්ඩෝ වගේ කී‍්‍රඩකයෝ බිහිවුණේ.
දක්‍ෂතා තියෙන කෙනා මොන ක‍්‍රමය ගෙන ආවත් ඉදිරියට එනවා. කුඩා පාසල් දියුණු කළ යුතුයි. ඒකෙ විවාදයක් නෑ.
ඒත් සංගමය මේ ප‍්‍රශ්නයේ දී ගැටලු හඳුනාගැනීමට උත්සාහ කරන්නෙ නෑ. අපිට තිබෙන ගැටලුව ඒකයි” මෙම නව ක‍්‍රමය පිළිබඳව විරෝධතා දක්වන පාසලක නිලධාරියෙකු අප සමඟ පැවසීය.
ඔහු පවසන ආකාරයට අදාළ ප‍්‍රසාද ලකුණු ලබා දීම අනුව කොතරම් හොඳ කණ්ඩායමක් වුවද පහතට වැටීමට ඉඩ තිබේ. ඒ කාලගුණ තත්ත්වයන් මත අතහැර දැමීමට සිදුවන තරග නිසා ය.
”සංගමය කියන්නෙ කැමැති නම් ගහන්න. අකමැති නම් නොගහ ඉන්න කියල. ඔවුන් එහෙම කියන්නෙ කොහොමද? අපි සංගමයේ සාමාජික පාසලක්.
අපිට මේ ගැටලුව කියන්න වෙනත් තැනක්නෑ. ඔවුන් මේ පිළිබඳව මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ඔහු එම අදහස් දැරුවද පාසල් කි‍්‍රකට් ක්ෂේත‍්‍රයට දක්‍ෂයන් රැසක් බිහිකළ කොළඹ ප‍්‍රදේශයේ උසස් පාසලක කි‍්‍රකට් නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ “ අපිට කොතැනත් එකයි.
මෙම ක‍්‍රමය මගින් ජීවිතේ්ට සෙල්ලම් කරන්න තියා හිතාගන්නවත් බැරි කණ්ඩායම් සමග කී‍්‍රඩා කිරීමේ අවස්ථාව කුඩා පාසල්වලට උදාවෙනවා. එය අගය කළ යුතුයි.
හැමදාම දුර්වල කණ්ඩායම් සමඟ තරග කරල ඉදිරියට එන කණ්ඩායම්වලට මෙම ක‍්‍රමය අතුල් පහරක්. ඒ නිසයි සමහරුන් මේ නව ක‍්‍රමයට බයවෙලා තියෙන්නෙ” යනුවෙනි.
”එක්කෙනෙක්, දෙන්නෙක්ගෙ වුවමනා එපාකම් අනුව ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් පද්ධතිය වෙනස් කරන්න බෑ. නව ක‍්‍රමය මගින් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාවට නව තරග ප‍්‍රවේශයක් එළැඹෙනවා.
අද විරුද්ධ වන කණ්ඩායම් හෙට මේ ක‍්‍රමයට එකතු වේවි. ඔවුන්ට ඒක වළකන්න බෑ. මොකද අකමැති පිරිසට වඩා කැමැති පිරිස වැඩියි” ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේය.

No comments: