Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 1, 2008

රනිල් පැන්නීම ඝෝෂාවක් විතරයිලු - ඡන්ද පරාජයට නායකයා නොව මන්තී‍්‍රන් වගකිව යුතුයි

විජයානි එදිරිසිංහ
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට එජාප මන්තී‍්‍ර කණ්ඩායමක් ගන්නා උත්සාහය පුස්සක් බවට පත්වෙමින් තිබෙන බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායමේ තිදෙනකු රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කරන යෝජනාව පසුගියදා ඒ මහතා මුණ ගැසී බාර දී ඇත.
නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා කිසිම මන්තී‍්‍ර කණ්ඩායමක ඉල්ලීමකට පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බව ඒ මහතාට සහාය දක්වන පැරණිතම එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ‘දිනමිණ’ ට පැවසීය.
ගෞරවාන්විතව පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි එම මන්තී‍්‍ර කණ්ඩායම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී තිබිණි.
නමුත් ඒ මහතා එම දැනුම් දීම කිසිම ආකාරයෙන් ගණන් නොගන්නා එකක් බවට පත් වූ බව ඉහත කී ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයා පැවසීය.
විපක්ෂ නායක පදවියෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් නොවුණොත් නීති මාර්ගයෙන් හෝ පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීමෙන් ඉවත් කිරීම සිදු කරන බව එම මන්තී‍්‍ර කණ්ඩායම පවසා තිබිණි.
මේ අතර පක්ෂ නායකත්වයට සුදුසු එජාප ප‍්‍රබල සාමාජිකයන් දෙදෙනකුගේ නම් ඔවුන් අතර යෝජනා වී තිබිණි.
රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ඔවුන් තීරණය කර තිබෙන්නේ ඒ මහතාගේ නායකත්වයෙන් යුත් කාලයේ එජාපය මැතිවරණ 18 කදී පරාජයට පත් වීම නිසයි.
මැතිවරණ පරාජයේ වගකීම බාර ගත යුත්තේ පක්ෂ නායකයා නොව එම ආසන නියෝජනය කරන මන්තී‍්‍රවරයා බවත් එම නිසා එජාපය අද තිබෙන ඇද වැටීමට සෑම මන්තී‍්‍රවරයකු ම වගකිව යුතු යැයි එම ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයා පැවසීය.
ආසන මට්ටමෙන් එජාපය පරාජයට පත් වන්නේ එම ආසනයේ ඡන්ද දායකයන් පළාත නියෝජනය කරන එජාප අපේක්ෂකයා කෙරෙහි විශ්වාසයක් නොතිබීම නිසයි.
එම නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කුමන්ත‍්‍රණය කිරීමට වඩා තම තමන්ගේ ආසන පරාජයට පත් වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම වඩා වටිනා බව එම මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

No comments: