Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, May 14, 2008

රනිල් පරාජය කෙරුවැයි

රනිල් පරාජය කෙරුවැයි මුස්ලිම් ජනයාගෙන් හකීම්ට තුති

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික‍්‍රමසිංහ මහතා 18 වෙනි වතාවටත් පරාජයට පත් කිරීම පිණිස මෙවර මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතාද දායකත්වය දීම පිළිබඳව ඒ මහතාට සමස්ත මුස්ලිම් සමූහයා වෙනුවෙන් ජනාධිපති උපදේශක ඒ. එච්. එම්. අස්වර් මහතා ස්තුතිය පළ කර සිටී.

නැෙඟනහිර පළාත් සභා මැතිවරණය ගැන නිවේදනයක් නිකුත් කරන අස්වර් මහතා මෙසේද කියා සිටී.

නැඟෙනහිර පළාත කවදත් එක්සත් ජාතික පක්ෂයට බර වි සිටි ප‍්‍රදේශයකි. දිවංගත නායක එම්. එච්. එම්. අෂ්රෆ් මහතාගෙන් පසුව එම පළාතේ මුස්ලිම්වරු වැඩියෙන් ඡන්දය දුන්නේ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයටයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා තම අලියාගේ පිට උඩ රවුෆ් හකීම් මහතා නැග්ගුවේත් එක්සත් ජාතික පක්ෂයේ සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ඒකාබද්ධ ඡන්ද වැඩි සංඛ්‍යාවක් තමන්ගේ පෙට්ටියට පුරවා ගැනීම සඳහායි.

ඉතාමත් කනගාටුදායක ලෙසින් මෙම මැතිවරණ තුරුම්පුවේදී ද රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජයට පත්වී සිටී.

”නටන්නට බැරි මිනිසා පොළොව ඇදැයි කියනවා” සේ දූෂණය භීෂණය ආයුධ ආදී වශයෙන් දේශපාලන නිදිමරන්නන් කටමැත දෙඩීමට රනිල් - රවුෆ් ඇතුළු එ.ජා.ප.යේ ප‍්‍රකාශකයන් ආරම්භ කර ඇත. කඩියන් කෑ මිනිස්සු සේ කෑගසමින් ඔබ මොබ දුවති.

එහෙත් විජාතික බලවේගයන් සමඟ එක්වී රනිල් රවුෆ් හවුල උතුරත් නැඟෙනහිරත් නැවත යා කිරීමට ගත් වෑයම නැෙඟනහිර පළාතේ ඡන්දදායකන්ගේ බුද්ධියෙන් හා ශක්තියෙන් නිෂ්ප‍්‍රභා කර ඇති බව මුළු ලෝකයාටම දැන් පෙනී යන සත්‍යයකි.

එ.ජා.ප. යට මේ තරම්වත් ඡන්දය ලැබුණේ ඒකාබද්ධ එල්.ටී.ටී. ද්‍රවිඩ ජාතික සංවිධානයේ බල මහිමයෙන් බව දැනට ඔප්පු වී ඇත. තම ද්‍රවිඩ අපේක්ෂකයන් දෙදෙනාටත්, රවුෆ් හකීම් මහතාටත් ඡන්දය දෙන ලෙස ද්‍රවිඩ ජාතික සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා නියෝග කළේය.

ආණ්ඩුව පැරදවීමට එ.ජා.ප. මුස්ලිම් කොංග‍්‍රසයට ඡන්දය දෙන ලෙස එම සංවිධානයේ ලේතම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා මහතාද ප‍්‍රසිද්ධියේ කියා ඇත.

මෙම ප‍්‍රකාශයන් රවුෆ් හකීම් මහතා ප‍්‍රතික්ෂේප කරනවාදැයි ඔහුගෙන් ඇසීමට කැමැත්තෙමි. කොටි සහ ද්‍රවිඩ සංවිධානයේ ද්‍රවිඩ ඡන්දදායකයන්ගෙන් ලැබුණ වැඩිපුර ඡන්ද නිසාම රවුෆ් හකීම් මහතාට ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කය දිනා යාන්තමින් ඇඟ බේරා ගැනීමට හැකිවී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ද්‍රවිඩ ටී.එම්.වී.පී. පක්ෂයේ ඡන්ද කටයුතු ඉතාමත්ම සාමකාමීව පැවැත්වුනු බව ති‍්‍රකුණාමලයේ ඡන්ද ව්‍යාපෘති කටයුතුවල යෙදුන මා හට නොපැකිලවම කිව හැක.

විශේෂයෙන්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාර එස්. අලවි මව්ලාන මැතිතුමා සහ මාද සමන්තුරේ ඡන්ද කටයුතුවල යෙදුන එම ආසනයේ එකදු ප‍්‍රචණ්ඩකාරී සිද්ධියක්වත් වාර්තා නොවූ බව අපට කෙළින්ම ප‍්‍රකාශ කළ හැක.

No comments: