නැඟෙනහිර මැතිවරණයේදී රජය ජාතිවාදය ඇති කිරීමට ක්‍රියා කළ බව එක්සත් ජාතික පක්ෂය කරන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. රජය කිසිදු විටෙක ජාතිවාදී ලේබලය යටතේ ක්‍රියා නොකළ අතර රජයේ කිසිදු අපේක්ෂකයෙකු ඒ ආකාරයෙන් කටයුතු නොකළ බව අභිමානයෙන් යුතුව පැවසීමට හැකියාව ඇතැයි ද ඒ මහතා අවධාරණය කළේය. අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ කුමන ජාතිකයෙකු වුව ද ශ්‍රී ලාංකීය අනන්‍යතාව අනුව කටයුතු කළ යුතු බවයි. විමල් වීරවංශ මහතාගේ නව පක්ෂය එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වන්නේ නම් එය හොඳ ප්‍රවේශයක් බව ද ඒ මහතා සඳහන් කළේය. සිය පක්ෂය එජාපයට හා ශ්‍රීලනිපයට අභියෝගයක් වන්නේ යැයි වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Thursday, May 15, 2008
රජය ජාතිවාදය ඇති කිරීමට ක්‍රියා කළ බවට වන චෝදනා අසත්‍යයි
නැඟෙනහිර මැතිවරණයේදී රජය ජාතිවාදය ඇති කිරීමට ක්‍රියා කළ බව එක්සත් ජාතික පක්ෂය කරන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. රජය කිසිදු විටෙක ජාතිවාදී ලේබලය යටතේ ක්‍රියා නොකළ අතර රජයේ කිසිදු අපේක්ෂකයෙකු ඒ ආකාරයෙන් කටයුතු නොකළ බව අභිමානයෙන් යුතුව පැවසීමට හැකියාව ඇතැයි ද ඒ මහතා අවධාරණය කළේය. අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ කුමන ජාතිකයෙකු වුව ද ශ්‍රී ලාංකීය අනන්‍යතාව අනුව කටයුතු කළ යුතු බවයි. විමල් වීරවංශ මහතාගේ නව පක්ෂය එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වන්නේ නම් එය හොඳ ප්‍රවේශයක් බව ද ඒ මහතා සඳහන් කළේය. සිය පක්ෂය එජාපයට හා ශ්‍රීලනිපයට අභියෝගයක් වන්නේ යැයි වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment