Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, May 7, 2008

අදත් නායකයා වීරවංශයි

තනතුරුවලින් තවමත් ඉවත් කර නැති නිසා
ජ. වි. පෙ.පාර්ලිමේන්තු කණ්ඩායමේ
අදත් නායකයා වීරවංශයි
ඉවත් වූ දස දෙනා වෙනම කණ්ඩායමක් ලෙසින් එති

අජිත් අලහකෝන්

විමල් වීරවංශ මහතා තවමත් ජනතා විමූක්ති පෙරමූණේ තනතුරුවලින් ඉවත් කර නොමැති නිසා අද (06 දා) පාර්ලිමේන්තුවේදී අසූන් ගනූ ලබන්නේත් පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වශයෙන් යැයි විමල් වීරවංශ කණ්ඩායමේ ප්රකාශකයෙක් "දිවයින"ට කීය.

ජනතා විමූක්ති පෙරමූණේ තීරණ මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේදී ප්රකාශයට පත් කළේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විමල් වීරවංශ මහතා විසිනි.

එහෙත් වීරවංශ මහතා පකෂයෙන් ඉවත් වීමත් මෙතෙක් ජනතා විමූක්ති පෙරමූණෙන් කණ්ඩායම් නායකයකු අලුතෙන් පත් නොකිරීමත් නිසා පකෂයේ තීන්දු තීරණ පාර්ලිමේන්තුවේදී ප්රකාශ කරද්දී ගැටලු මතුවිය හැකි බවද පකෂ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

වීරවංශ මහතා ඇතුළු ජනතා විමූක්ති පෙරමූණෙන් ඉවත්ව ගිය මන්තී්රවරු දස දෙනා වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේදී අසූන් ගන්නා බවටද මීට පෙර ප්රකාශ කර තිබිණි.

නමූත් ජනතා විමූක්ති පෙරමූණ පසූගියදා ප්රකාශ කළේ විමල් වීරවංශ මහතා තවමත් ජනතා විමූක්ති පෙරමූණේ සාමාජිකයකු බවය. එපමණක් නොව තවමත් ජනතා විමූක්ති පෙරමූණේ ප්රචාරක ලේකම්වරයා වන්නේද වීරවංශ මහතා බවත්, දෑරූ තනතුරුවලින් ඔහූ ඉවත්කර නොමැති බවත් එම පෙරමූණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසූගියදා මාධ්යයට ප්රකාශ කළේය.

ඊයේ (5 දා) කොළඹ ජාතික පූස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජනතා විමූක්ති පෙරමූණේ පාර්ලිමේන්තු මන්තී්ර අනූර කුමාර දිසානායක මහතා, ප්රකාශ කරන ලද්දේ විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු මන්තී්ර කණ්ඩායමේ නායකත්වය පිළිබඳ තීරණයක් ගනූ ලබන්නේ ඉදිරියේ පැවැත්වෙන පකෂයේ මධ්යම කාරක සභා රැස්වීමේදී බවය.

ජනතා විමූක්ති පෙරමූණ ප්රජාතන්ත්රවාදය ඉහළින් ගරු කරන පකෂයක් බවත්, වෛරයෙන් යූක්තව කිසිදු තීරණ නොගන්නා බවත් කී අනූර කුමාර දිසානායක මහතා පකෂයට මහා විනාශයක් කළා යැයි කියා විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් කේන්තියෙන් හෝ වෛරයෙන් තීරණ නොගන්නා බවත් ප්රකාශ කළේය.

විමල් වීරවංශ යනූ ජනතා විමූක්ති පෙරමූණේ තීරණ පාර්ලිමේන්තුව තුළදී කථානායකට දෑනූම් දුන් පූද්ගලයා පමණක් බවත් මෙවැනි තීන්දු තීරණ ප්රකාශ කිරීම සඳහා ජනතා විමූක්ති පෙරමූණ විසින් හැකි ඉක්මනින් මන්තී්රවරයකු පත් කිරීමට කටයූතු කරනූ ඇති බවත් අනූර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය.

මේ අතර විමල් වීරවංශ මහතාට සහාය දක්වන මන්තී්ර කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්තී්ර පියසිරි විජේනායක මහතාගෙන් මෙම කරුණ පිළිබඳ "දිවයින" විමසූ අවස්ථාවේදී ඔහූ ප්රකාශ කළේ තවමත් ජනතා විමූක්ති පෙරමූණේ පාර්ලිමේන්තු මන්තී්ර කණ්ඩායමේ නායකයා වන්නේ විමල් වීරවංශ මහතා බවයි.

කණ්ඩායම් නායකයා වශයෙන් පාර්ලිමේන්තුවේදී තීන්දු තීරණ ගැනීමේ අයිතිය විමල් වීරවංශ මහතාට ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනූව ජනතා විමූක්ති පෙරමූණෙන් මෙතෙක් කණ්ඩායම් නායකයෙක් පත් කර නොමැති නිසා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවන්හිදී පකෂයේ ඇතැම් තීන්දු තීරණ ප්රකාශ කිරීමේදී ගැටලු මතුවිය හැකි බවද හෙතෙම තවදුරටත් ප්රකාශ කළේය.

No comments: