Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, May 15, 2008

ඊපීඩීපී උපදේශිකාවගේ අවසන් කටයුතු කොළඹදී

මැයි 15 - වෙඩිතබා ඝාතනය කෙරුණු ඊ.පී.ඩී.පී. සංවිධානයේ උපදේශිකාවක වූ නීතිඥ මහේෂ්වරී වේලායුදන් මෙනෙවියගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
මේ වනවිට ඇයගේ දේහය කොළඹ උද්‍යාන පාරේ පිහිටි ඊ.පී.ඩී.පී සංවිධාන ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කර තිබේ.
යාපනයේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී පෙරේදා රාත්‍රි (මැයි 13) ඇය නාදුනන තුවක්කරුවන්ගේ වෙඩි පහරට ලක්වූවාය.
1953 ජූලි 17 වනදා යාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශයේදී උපත ලද මහේෂ්වරී වේලායුදන් මෙනෙවිය, යාපනය පේදුරුතුඩුව හින්දු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන හැදෑරූ අතර කොළඹ නිතී විද්‍යාලයෙන් නිතීඥවරියක ලෙස සිය අධ්‍යාපනය හමාර කළාය.
තමිල් අරසු පක්ෂයේ ක්‍රියාකාරිනියක ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ ක ඇය දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීම වෙනුවෙන්ද කැපිපෙනෙන සේවාවක නිරත විණි.
එම සේවාවන් වෙනුවෙන් ඉන්දියාවේ සංවිධාන 6 ක් එක්ව සිවනේරිසෙන් තමිල් සෙල්වි යන ගෞරවනාමයද ඇයට පිරිනැමූහ.

No comments: