Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, May 14, 2008

ජනපති ගෙන යන වැඩපිළිවෙළට නැඟෙනහිර ජය විශාල රුකුලක

ජනපති ගෙන යන වැඩපිළිවෙළට නැඟෙනහිර ජය විශාල රුකුලක්

අස්ගිරි මහ නා හිමියෝ පවසති

නැගෙනහිර පළාත් සභා මැතිවරණය සාර්ථකව පැවැත්වීමට හැකි වීම පිළිබඳව මහා සංඝරත්නයේ ප‍්‍රසාදය ජනාධිපතිතුමාට හිමි වන බව අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහානායක හිමියෝ ප‍්‍රකාශ කරති.

සබරගමුව පළාත් සභාවේ මහ ඇමැති මහීපාල හේරත් මහතා පෙරේදා (12) උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවෙන් අනතුරුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු දක්වමින් නාහිමියෝ එසේ කීහ.

උතුරු නැගෙනහිර මෙන්ම මුළු රටේම දියුණුව පතා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මෙම ජයග‍්‍රහණය විශිෂ්ඨ රුකුලක් බවද උන්වහන්සේ පැවසූහ.

ජනාධිපතිතුමා ඇතුළු රජය තම ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. පළාතේ ජනතාවට යම් සේවාවක් ඉටු කර ගැනීමට නම් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු වැඩපිළිවෙළ වේගවත් කළ යුතුයි යන හැඟීම ඇතිවයි ජනතාව ඡන්දය පාවිච්චි කොට තිබුණේ.

ඒ ජනතාව ගත් තීරණය බුද්ධිමත් එකක් බවද උන්වහන්සේ පවසා සිටියහ. මහීපාල හේරත් මහතා ප‍්‍රධාන පිරිස ඊයේ (13) මහා සංඝරත්නය විෂයෙහිලා සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වූහ.

No comments: