
එ. ජා. මානව හිමිකම් කවුන්සලයට ශී‍්‍ර ලංකාව ඇතුලු වීම වැළැක්වීම සඳහා එ.ජා.ප.ය හා කොටි හිතවාදි සංවිධාන දැවැන්ත මෙහෙයුමක් ගෙනගිය බව පැවසු ඇමතිවරයා ඒ එසේ වුවද මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහකට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වූ බව ද පැවසීය.
ශී‍්‍ර ලංකාව ඡන්ද 101ක් ලබාගත් අතර මානව හිමිකම් කවුන්සලයට තේරී පත් වූ රටවල් අතරින් අඩුම ඡන්ද ප‍්‍රමාණය ලබාගත් පකිස්ථානය ශී‍්‍ර ලංකාවට වඩා ලබාගත්තේ ඡන්ද 13ක් පමණක් බවද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා මෙසේ පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී ඊයේ (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිණි.
ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල්යේ ඡන්ද විමසීමේදී මෙ තරම් දැවැන්ත ප‍්‍රහාරයකට ලක් වූ එකම රට ශී‍්‍ර ලංකාව පමණක් වූ බවත් එල්.ටී.ටී.ඊ. යේ වුවමනාව පිට මේ සියල්ල සිදු වු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ත‍්‍රස්තවාදයට එරෙහිව කි‍්‍රයාකරන හැම රටකටම මෙවැනි බාධාවන් එල්ල වන බව කී ඇමැතිවරයා විශේෂයෙන්ම විදේශ මුදලට වැඩකරන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන වල පැවැත්ම මෙවැනි කි‍්‍රයා මාර්ග මත පවතින බවත් පැහැදිලි කළේය.
මේ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී එ.ජා.ප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂමන් කිරිඇල්ල මහතා මානව හිමිකම් කොමිසමෙන් ශී‍්‍ර ලංකාව ඉවත් කිරීමට කටයුතු කරන බවට ප‍්‍රකාශයක් කොට ඇතැයි පැවසීය.
තම රට මෙසේ අප කීර්තියට පත්කරන්නකු රට වෙනුවෙන් කරන සේවය කුමක්දැයි ප‍්‍රශ්ණ කළ ඇමතිවරයා තම රට නියෝජනය කරමින් එය අපකීර්තියට ලක්කිරීමට උත්සහ දැරීම ඉතා කණගාටුදායක කරුණක් බව ද පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සඳහා වු ඡන්ද විමසීමේදී ඡන්ද 101ක් ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකි වූයේ මෙවැනි විවිධ බාධා කිරීම් මධ්‍යයේ බව සඳහන් කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රටක සිදුවන රජයකට පාලනය කිරීමට නොහැකි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ දී රට අපකීර්තියට පත් කිරීම විරුද්ධ පක්‍ෂයේ කාර්යභාරයක් නොවන බවයි.
No comments:
Post a Comment