Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, May 9, 2008

අඩම්පන් නගරය යුද හමුදාව යටතට. කොටි 15 ක් මැරුම් කති

මන්නාරම යුද පෙරමුණේ මෙහෙයුම් වල නිරත යුද හමුදා භට පිරිස් අද (මැයි 9) උදෑසන අඩම්පන් නගරයේ බලය අල්ලා ගැනීමට සමත් වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
අඩම්පන් නගරයේ බලය තමන් යටතට ගැනීමට හැකිවීම යුද හමුදාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් මෙන්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ලද විශාල පරාජයකි. අඩම්පන් ජයගත් හමුදා භට පිරිස් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් තව දුරටත් තම ඉදිරි මෙහෙයුම් වල නිරතව සිටී.
අඩම්පන් මුදා ගැනීමේ මෙහෙයුමේදී යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු තම ජීවිත මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ සටනට පූජා කළ අතර සෙබලුන් 7 දෙනෙකු තුවාල ලබා ඇත. මෙම සටනේදී කොටි ත්‍රස්තවාදීන් 15 දෙනෙකු මරා දැමීමට යුද හමුදාව සමත් වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.

No comments: