Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, May 15, 2008

ටිල්වින් හඳුන්නෙත්ති පොලිසියට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන විමල් වීරවංශ සහ ඒ. එච්. මුසාමිල් යන මහත්වරුන් ගේ වාහන තුනක් පැහැර ගැනීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා පක්ෂ මහ ලේකම් ටිල්වින් සිල්වා හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් මිරිහාන පොලිසියේ කොට්ඨාස විශේෂ වංචා විමර්ශන අංශයට ඊයේ (14) කැඳවා තිබිණි.
ඒ අනුව එම මහත්වරුන් පැමිණිල්ල සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සඳහා නීතිඥවරුන් දෙදෙනෙකු සමග පැමිණි අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා සතු සොරකම් කර ඇතැයි කියන ඩබල් කැබ් රථය, වෑන් රථය සහ ඒ. එම්. මුසාමිල් මහතා සතු කැබ් රථය පිළිබඳ මන්තී‍්‍රවරුන් ගෙන් ප‍්‍රශ්න කර ඇත. ටිල්වින් සිල්වා මහතා මිරිහාන කොට්ඨාස වංචා විමර්ශන ඒකකය වෙත ප‍්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ තමාට විරුද්ධව කර ඇති පැමිණිල්ල පක්ෂය හා ලේකම් වශයෙන් තමා අපහසුතාවට පත් කිරීමටත් තමන්ගේ චරිත ඝාතනය සඳහාත් ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව පැමිණිලි කර ඇති සියලු චෝදනා ප‍්‍රතික්ෂේප කරන අතර අතුරුදන් වූවා යයි පවසන වාහන තම පක්ෂ කාර්යාලයේ නොමැති බවද පැවසීය.
ඉදිරියේ දී මෙම චෝදනාවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ද කටයුතු කරන බව ඒ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments: