Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Saturday, May 10, 2008

ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ කඩුලු 9ක ජයක් ලබති

ආසියානු කුසලාන කාන්තා කි‍්‍රකට් තරගාවලියේ ඊයේ කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේ පැවැති ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශශය අතර තරගයෙන් කඩුලු 9ක ජයක් ලබාගැනීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

ලකුණු 121 ක ඉලක්කයක් පසුපස ගිය ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවන් ඕවර් 25.5 කදී එම ඉලක්කය සපුරා ගත්හ. එහිදී ආරම්භක පිතිකාරිනිය දේදුනු ද සිල්වා හතරේ පහර 12ක් සමග ලකුණු 61ක් ලබාගත්තාය.

ෂශිකලා සිරිවර්ධන නොදැවී ලකුණු 23ක් රැස්කරගෙන සිටියාය. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව නොදැවී ලකුණු 81කි.

කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලා දේශ පිලට ආරාධනා කළාය. අවසාන මහ තරගයේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම තුරුම්පුව වන දඟ පන්දු යවන්නියක් මෙම තරගයේදී දක්ෂ ලෙස තම වගකීම් ඉටු කළහ.

විශේෂයෙන්ම ජනකාන්ති මාලා දක්‍ෂ ලෙස කි‍්‍රයාත්මක වෙමින් බංග්ලාදේශ කඩුලු තුනක් දවාලුවාය. ඇය ඕවර 10 ට ලබා දුන්නේ ලකුණු 9 ක් පමණි.

ඊයේ (09) වෙලගෙදර කී‍්‍රඩාංගණය බංග්ලාදේශ කණ්ඩායමට එතරම් සුබදායක නොවූ අතර ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 120 ක් පමණි

සිවුවැනි ආසියානු කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය හෙට (11) කුරුණෑගල වෙලගෙදර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

පෙර තරගාවලියන් තුළදී මෙන්ම මෙම තරගාවලියේ ද අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාවයි. නිමා වූ සෑම තරගාවලියකදීම සූරතාව ඉන්දියාව සතු කර ගත්තද මෙවර එය වෙනස් කිරීමට උත්සාහ කරන බව ශ‍්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන ‘දිනමිණ’ට පැවසුවාය.

බංග්ලා දේශය - සියලු දෙනාම දැවී 120 (49.3)
අයේෂා අක්ටර් 30, සල්මා කාතුන් 19, ඔමේලි කාතුන් 19, ජනකාන්ති මාලා 9/3, ශෂිකලා සිරිවර්ධන 28/3

ශ‍්‍රී ලංකා පිල කඩුලු 1කට ලකුණු 123 (ඕවර් 25.5)
දේදුනු ද සිල්වා නොදැවී 66, ෂශිකලා සිරිවර්ධන නොදැවී 38

No comments: