Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Saturday, May 10, 2008

අද මැතිවරණය ඓතිහාසිකය

අපේක්ෂකයන් 1342ක්

දේශපාලන පක්ෂ 18ක්

ස්වාධීන කණ්ඩායම් 56ක්

අද මැතිවරණය ඓතිහාසිකයි


මුල්ම නිල ප‍්‍රතිඵලය අලුයම් කාලයේ

අභිනවයෙන් ස්ථාපිත නැඟෙනහිර පළාත් සභාවේ ප‍්‍රථම ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මධ්‍යස්ථාන 1070ක දී පැවැත්වේ.

උතුරු නැඟෙනහිර පළාත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් වෙන් කිරීමෙන් පසු නැඟෙනහිර පළාත් සභාව ස්ථාපිත කැරිණි.

නැඟෙනහිර පළාතේ පැවැති අන් කවර ඡන්ද විමසීමක දී නොවූ තරමේ ආරක්ෂාවක් මේ ඡන්ද විමසීම සඳහා යොදා ඇතැයි පොලීසිය කියයි.

ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමේ දිනයේ සිට සතියක කාල සීමාවක් තුළ පෙළපාලි පැවැත්වීම තහනම් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි.

මුල්ම නිල ඡන්ද ප‍්‍රතිඵලය හෙට (11) අලුයම නිකුත් කිරීමට දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීහු බලාපොරොත්තුවෙන් සිටිති.

නියමිත වේලාවට ඡන්ද පෙට්ටි සියල්ල ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ලැබුණහොත් කල්වේලා ඇතිව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඇරැඹීමට හැකිවනු ඇති බවත් ප‍්‍රථමයෙන් තැපැල් ඡන්ද ගණන් කරනු ඇති බවත් මැතිවරණ මහ ලේකම් කර්යාලය පවසයි.

ප‍්‍රසාද මන්තී‍්‍රවරුන් 2 ක් සහිතව මන්තී‍්‍රවරුන් 37 ක් තෝරාගැනේ. වැඩි ආසන ගණනක් දිනා ගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට ප‍්‍රසාද මන්තී‍්‍ර ධුර දෙක හිමිවේ. දේශපාලන පක්ෂ 18 කින් හා ස්වාධීන කණ්ඩායම් 56 කින් අපේක්ෂකයෝ 1342 ක් සඳහා තරග බිමට පිවිස සිටිති.

නිදහස් සාධාරණ හා නිවැරැදි ඡන්ද විමසීමකට සියල්ල සූදානම් බවත් හැකිතාක් උදෑසැනින් නියමිත ඡන්ද මධ්‍යස්ථාන වලට ගොස් ඡන්දය පාවිච්චි කළ යුතු බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.

කල්කුඩා, පදිරිප්පු හා මඩකළපුව යනුවෙන් මඩකළපු දිස්ති‍්‍රක්කය ඡන්ද ප‍්‍රදේශ තුනකි. එම ප‍්‍රදේශවල පිළිවෙළින් ඡන්ද දායකයෝ 94359ක්, 81830 ක් හා 154761 ක් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලැබ ඇත.

අම්පාර දිස්ති‍්‍රක්කයේ පොතුවිල්, කල්මුණේ, සමන්තුරේ සහ අම්පාර යනුවෙන් ඡන්ද ප‍්‍රදේශ හතරකි. එහි අනුපිළිවෙළින් 133765, 64316, 69057 සහ 142170 ක් ඡන්ද දායකයෝ ලියාපදිංචිව සිටිති.

ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ සේරුවිල, ති‍්‍රකුණාමලය හා පොතුවිල් යන ඡන්ද ප‍්‍රදේශ තුනේ 66690, 91598 සහ 84175 වශයෙන් ලියාපදිංචි ඡන්දදායකයෝ සිටිති.

ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍යස්ථාන 79ක් පිහිටුවන බව මැතිවරණ මහ ලේකම් කර්යාලය කියයි. දිස්ති‍්‍රක්ක මට්ටමින් ඒවා පිහිටුවන්නේ මේ ආකාරයට ය.

මඩකළපුව දිස්ති‍්‍රක්කය කල්කුඩා 7, මඩකළපුව 12, පදිරිප්පු 6 තැපැල් ඡන්ද 2 අවතැන් වූවන්ගේ ඡන්ද ගණන් කිරීමට 2, අම්පාර දිස්ති‍්‍රක්කය – අම්පාර 9, සමන්තුරේ 4,කල්මුණේ 4, පොතුවිල් 9, තැපැල් ඡන්ද 4 ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කය - සේරුවිල 4, ති‍්‍රකුණාමලය 6, මුතූර් 6, තැපැල් ඡන්ද 3, අවතැන්වූවන්ගේ ඡන්ද 1.

රජයේ සේවකයෝ දහසය දහසකට ආසන්න පිරිසක් ඡන්ද රාජකාරිවල නිරත වෙති. අම්පාර දිස්ති‍්‍රක්කයේ සේවයට යොදවන ගණන 6978 කි. ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ 3200 ක් පමණ වේ.

මඩකළපුව දිස්ති‍්‍රක්කයේ 5200 ක් පමණ සේවක පිරිසක් යොදවති. කොළඹින් නිලධාරීහු 778 ක් ද ඡන්ද රාජකාරි සඳහා සහභාගි වෙති.

ඊයේ සවස්වනවිට සියලුම ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද පොළවලට ගෙන ගිය බවත් දිස්ති‍්‍රක් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් තිදෙනාම පැවැසූහ. ඒ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාව සහිතව ලංගම බස්රථ යොදවා තිබිණි.

කර්තෘට ලියන්න |

No comments: