Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Sunday, May 11, 2008

නැඟෙනහිර ඡන්දය පසුබිමේ අන්තර්ජාතික දුෂ්ට බලවේග

නැඟෙනහිර පළාත් සභා ඡන්දය පැවැත්වීම කෙසේ හෝ වැළැක්වීමටත් එමඟින් එම පළාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම පමා කොට ත‍්‍රස්තවාදීන්ට තවත් අවස්ථාවක් ලබාදීමට සැලසුම් කොට තිබූ ද්‍රෝහී වැඩපිළිවෙළක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි. මේ සඳහා අන්තර්ජාතික දුෂ්ට බලවේගයක් කි‍්‍රයාකාරී සහයෝගය ලබාදී ඇති බවත් හෙළි වී .

හඳුනාගෙන ඇති පරිදි එම විදේශ දුෂ්ට බලවේග නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේදී රවුෆ් හකීම් මහතා හරහා දියත් කරවීමට සැලසුම් කොට තිබූ කඩාකප්පල්කාරී කි‍්‍රයාවන් පිළිබඳවද තොරතුරු ප‍්‍රකාශයට පත්වී ඇත.

එජාපය හා මුස්ලිම් කොංග‍්‍රසය නැඟෙනහිර පළාතේ සිංහල - දෙමළ - මුස්ලිම් යන ජන කොටස් වෙන වෙන ම ආමන්ත‍්‍රණය කරමින් එම ජනවර්ග අතර නො සන්සුන්තාවන් මතු කිරීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ ගෙන ඇති බවත් හෙළිවී ඇත. මුස්ලිම් ජාතිකයකු නැඟෙනහිර මහ ඇමැති ධූරයට පත් කැරගත යුතු බවට මුස්ලිම් කොංග‍්‍රස් නායකයා වර්ගවාදී හැඟීම් ප‍්‍රචාරය කරමින් සිටින අතර ම දෙමළ මන්තී‍්‍ර සංධානය හරහා දෙමළ ඡන්ද දිනා ගැනීමට ද තැත් කොට තිබේ.

එ.ජා.ප. ය ජයගතහොත් උතුරු හා නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවට යෝජනා කරන බවට ජනමාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියේ පළ කෙරුණු තොරතුරු මෙතෙක් ප‍්‍රතික්ෂේප කිරීමට එම පක්ෂය ඉදිරිපත්ව නැත. මේ අතර අවසන් මොහොතේ දී ප‍්‍රකාශයක් නිකුත් කළ දෙමළ මන්තී‍්‍ර සංධානය කියා ඇත්තේ නැඟෙනහිර පළාත් සභා ඡන්දයෙන් රජය පරාජයට පත් කළ යුතු බවයි. මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙන්නේ එ.ජා.ප. - මුස්ලිම් කොංග‍්‍රස් සහ දෙමළ මන්තී‍්‍ර සංධානය එකම න්‍යාය පත‍්‍රයක කටයුතු කළ බවයි. නැඟෙනහිර බහුතර ජනමතය රජයට වාසිදායක තත්ත්වයක පැවැති අතර මේ මැතිවරණයේදී සිංහල - දෙමළ - මුස්ලිම් යන ජන කොටස් වෙන වෙනම ආමන්ත‍්‍රණය කරමින් වර්ගවාදී දේශපාලන ව්‍යාපාරයක් මඟින් එම ඡන්ද පදනම වෙනස් කිරීමට විදේශ ගැති බලවේග රැසක් විවිධ ප‍්‍රයත්න දරා ඇති බවත් දැන ගන්නට ඇත.

No comments: