Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, May 15, 2008

සුපිරි වාහන කොල්ලයක අටක් අසුවෙයි


සොරකම් කරන ලද සුඛෝපභෝගී වාහන 3 ක් ඇතුළු රුපියල් කෝටි එකහමාරක් වටිනා භාණ්ඩ සමග සැකකරුවන් 8 දෙනෙකු කොහුවල පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන ඇත.


නුගේගොඩ ආතර් පෙදෙසේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු සතු ෆ‍්‍රාඩෝ ජීප් රථයක්, ටවුන් ඒස් වර්ගයේ වෑන් රථයක් හා ටොයොටා කරීනා කාර් රථයක් ඇතුළු විදුලි උපකරණ රාශියක් සැකකරුවන් 8 දෙනා සමග අත් අඩංගුවට ගැනීම පොලිසියට හැකි වී ඇත.
ප‍්‍රධාන සැකකරු ව්‍යාපාරික නිවසේ රියදුරු වශයෙන් සේවයට පැමිණ ඇත්තේ ආබාධිත හමුදා සෙබළෙකු වශයෙන් ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කරමිනි. පසුව එම සැකකරුගේ මිතුරෙකුට ව්‍යාපාරික නිවසේ සුළු සේවකයෙකු ලෙස රැකියාවක් ලබා දී ඇත.
නිවෙස් හිමි ව්‍යාපාරිකයා හා පවුලේ සියලු අය මග්ගොන ප‍්‍රදේශයේ සංචාරයක් සඳහා නිවසින් බැහැර වන විට සැකකාර රියදුරාද නිවාඩු ලබා පිටවගොස් පසුව නැවත පැමිණ ඔහුගේ මිතුරා වන සුළු සේවකයා සමග වාහන හා නිවස මංකොල්ල කා ඇති බව පොලිසිය කල ප‍්‍රශ්න කිරිමේදි හෙළිකරගෙන ඇත.
ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් ලද තොරතුරු අනුව ප‍්‍රාඩෝ රථය හා වෑන් රථය මැනික්හින්න ප‍්‍රදේශයේදී හා පස්යාල ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර මෝටර් කාර් රථය අත් අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප‍්‍රදේශයේදි කළ විශේෂ වැටලීමකදී බවත් ප‍්‍රධාන සැකකරු මෝටර් රථය පදවාගෙන යමින් සිටියදි හඹාගොස් රෝද වලට වෙඩිතබා ඇත පසුව වාහනය අතහැර සැකකාකර රියදුරු පලායමින් සිටියදි අත් අඩංගුවට ගත් බව කොහුවල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යු. ඩී. අලවත්ත මහතා පැවසීය.
අත් අඩංගුවට පත් සැකකරුවන් අතර වාහන විකිනිම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින්ද වාහන මිලදි ගත් අයද සිටින බවත් මේ වනවිට රදවා ගැනීමේ නියෝග මත රදවා ප‍්‍රශ්න කිරීමෙන් පසු සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බවත් ඉතිරි සැකකරුවන් අද (15 දින) ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොහුවල පොලිස් ස්ථානාධිපති ප‍්‍රසන්න බ‍්‍රාහ්මනගේ මහතා වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි මහතාගේ උපදෙස් මත කොහුවල පොලිස් අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments: