Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 3, 2008

හොකොං තරගාවලියට සහභාගී වන්නේ හොඳම රගර් පිලයි- ශ‍්‍රී ලංකා රගර් විධායක අධ්‍යක්ෂ

2009 ලෝක කුසලාන රගර් සෙවන්ස් තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා හොංකොං හි පැවැත්වෙන තරගාවලියට ශ‍්‍රී ලංකාව ඉදිරිපත් කර ඇත්තේ වර්තමානයේ සිටින හොඳම කණ්ඩායම බව ශ‍්‍රී ලංකා රගර් සංගමයේ විධායක අධ්‍යක්ෂ ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා පවසයි.
“ශ‍්‍රී ලංකා කණ්ඩායම තරුණ කණ්ඩායමක්. පාසල් සිසුන් දෙදෙනෙකුත් කණ්ඩායමට ඇතුලත්ව සිටිනවා. විදෙස් තරග බිමේ වැඩිම පළපුරුද්දක් තිබෙන කී‍්‍රඩකයන් තිදෙනෙක් කණ්ඩායමේ ඉන්නවා.
අම්ජාඩ් බක්ස්, සාලිය කුමාර හා නායක ප‍්‍රදීප් ලියනගේ යන එම කී‍්‍රඩකයන් සමග තරුණ කී‍්‍රඩකයන් සංකලනය වුනු කණ්ඩායමකුයි අපි මේ තරගාවලියට ඉදිරිපත් කළේ.” ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා කියයි.
මෙවර කණ්ඩායමට මහනුවර කී‍්‍රඩා සමාජයේ කිසිදු කී‍්‍රඩකයකු ඇතුලත්ව නොමැත. මේ හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය අඩුවී ඇත්දැයි ඇසූ ප‍්‍රශ්නයකට ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
“මහනුවර කී‍්‍රඩකයින්ට පළපුරුද්ද තියෙනවා. නමුත් හැම කී‍්‍රඩකයෙකුටම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කරන්න අවස්ථාවක් ලැබිය යුතුයි. මෑතකදී නිත්තවෙල පැවැත්වුණු සිංගර් - ශ‍්‍රී ලන්කන් ගුවන් සේවා ජාත්‍යන්තර සෙවන්ස් තරගාවලියට මහනුවර කී‍්‍රඩා සමාජයෙන් කී‍්‍රඩා කළ අයගෙන් හොංකොං කණ්ඩායමේ නැත්තේ සංජීව ජයසිංහ පමණයි”
නිත්තවෙල පැවැති එම තරගාවලියේදී ප‍්‍රබල කොරියාව පවා පරදවමින් මෙවර සූරතාව දිනා ගත්තේ් මැලේසියාවයි. එම කණ්ඩායම පිරී තිබුනේ ෆීජී ජාතික කී‍්‍රඩකයන් ගෙනි. හොංකොංහි පැවැත්වෙන ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදීද මැලේසියානු කණ්ඩායම ජපානය හා කොරියාවට ප‍්‍රබල අභියෝගයක් වනු නොඅනුමානය.
ශ‍්‍රී ලංකාවටද එවැනි ක‍්‍රමයක් යොදා ගත නොහැක්කේ මන්දැයි කළ විමසීමකදී රගර් විධායක අධ්‍යක්ෂවරයා මෙසේ කියා සිටියේය.
“අපටත් විදෙස් කී‍්‍රඩකයන් යොදවන්න පුළුවන් නම් හොඳ බව මගේ පෞද්ගලික මතයයි. මේ ගැන කවුන්සලය මීට පෙරත් සාකච්ඡා කර ඇතත් ඊට අනුමැතිය දුන්නේ නැහැ. ලබන අවුරුද්දේත් අපි මේ ගැන සාකච්ඡා කරනවා.”
ජපානය, මැලේසියාව, හොංකොං හා අරාබි ගල්ෆ් වැනි කණ්ඩායම්ද තරග බිමට පිවිසෙන්නේ විදෙස් කී‍්‍රඩකයන් සමග බව ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා පෙන්නා දුන්නේය.
“ජාත්‍යන්තර රගර් මණ්ඩලයේ නීති රීතිවලට අනුව විදෙස් කී‍්‍රඩකයෙක් යම් රටක ජාතික කණ්ඩායම නියෝජනය කරන්න නම් ඔහු එම රටේ අවුරුදු තුනක් සිටිය යුතුයි. එම කාලය තුළදී ඔහුට ඒ රටින් පිටව සිටිය හැක්කේ දින අනූවක් පමණයි.
එහෙම නැත්නම් එම කී‍්‍රඩකයාගේ් මව හෝ පියා හෝ ආච්චි, සීයා එම රටේ උපත ලබා තිබෙන්න ඕන. එවැනි කී‍්‍රඩකයන් සිටිනවාදැයි සොයන්න අපි අන්තර් ජාලය ඔස්සේ කි‍්‍රයාකර තියෙනවා” යැයිද ඒ මහතා කියා සිටියේය.

No comments: