Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 21, 2008

වන්නරිකුලම් මුළුමනින් ම හමුදා අතේ

චන්ද්‍රිකා පෙරේරා භක්ති මෙන්ඩිස් හා වවුනියාව උතුර සමූහ
කිලිනොච්චි වන්නරිකුලම් ප‍්‍රදේශයේ බලය යුද හමුදාව පෙරේදා (19) සවස් වන විට සම්පූර්ණයෙන්ම අත්පත් කරගත්තේය. වවුනියාව විලප්පකට්ටිකුලම් හා කිලිනොච්චි මනියකුලම් ප‍්‍රදේශවලදී ද දවස පුරා යුද හමුදා සෙබළුන් හා ත‍්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් හටගෙන තිබුණු බව යුද හමුදාව පැවසීය.
ම් අනුව ඊයේ (20) පෙරවරුව වන විට 56 වැනි සේනාංකයේ භට පිරිස් විලප්පකට්ටිකුලම් හි තිබූ කොටි බංකර් පෙළක් ද අත්පත් කැර ගැනීමට සමත්ව තිබේ.
මෙසේ භට පිරිස් විසින් බලය තහවුරු කර ගනු ලැබූ වන්නරිකුලම් ප‍්‍රදේශය කිලිනොච්චියට කිලෝ මීටර් 25ක් පමණ ඊසාන ප‍්‍රදේශයේ පිහිටා ඇති බව ආරක්ෂක අංශ කීය. අක්කරායන්කුලම්, කිලිනොච්චි, මනියන්කුලම් හා වැලිඔය ආන්දන්කුලම් ප‍්‍රදේශවල එදින කළ සෝදිසිවලදී ත‍්‍රස්තවාදීන් සතු ටී 56 ගිනි අවි හතරක්, එම මැගසින් හා ජීව උණ්ඩ, පුද්ගලනාශක බෝම්බ 81ක්, මිලි මීටර් අසූ එක වර්ගයේ මෝටාර් බෝම්බ උණ්ඩවලට සවිකළ මර උගුල් හයක්, ගමන්මලු හා පානීය වතුර බෝතල් හතරක් 57, 58 හා 59 සේනාංකවල භට පිරිස් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ම් අතර ති‍්‍රකුණාමලය පනිරාසමලෙයි ප‍්‍රදේශයේ භූමි සෝදිසියක නිරත ගුවන් හමුදා භට පිරිස් විසින් ටී 56 ගිනි අවියක් මැගසින් පහක් හා ජීව පතොරොම් 42ක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

No comments: