Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 21, 2008

වාලච්චේන බස් නැවතුම් පොළේ ක්ලේමෝ බෝම්බයක්

භක්ති ධර්මප‍්‍රිය
වාලච්චේන බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි වෙළඳසල් දෙකක් අතර තිබී කිලෝ තුනහමාරක් පමණ බරැති ක්ලේමෝ බෝම්බයක් වාලච්චේන පොලීසිය විසින් ඊයේ (20) උදෑසන සොයාගෙන ඇත.
මෙම ස්ථානයේ බෝම්බයක් ඇති බවට ඊයේ (20) අලුයම 4.00 ට පමණ වාලච්චේන පොලිසියට තොරතුරක් ලැබී ඇති බවත් පසුව පොලීසිය බෝම්බය සොයාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවසීය.
ක්ලේමෝ බෝම්බය කොටි විසින් ආරක්‍ෂක අංශ සාමාජිකයින් ඉලක්ක කර තබා ඇතැයි පොලිසිය සැක කරයි.
බෝම්බ නිෂ්කී‍්‍රය අංශය කැඳවා පොලිසිය බෝම්බය නිෂ්කී‍්‍රය කර ඇත. වාලච්චේන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

No comments: