Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, October 13, 2008

අජන්ත මෙන්ඩිස් ශී‍්‍ර ලංකාවට ජය ගෙන දෙයි

ටොරොන්ටෝ
ශී‍්‍ර ලංකාව හා සිම්බාබ්වේ අතර සිකුරාදා පැවැති ඕවර 20/20 කි‍්‍රකට් තරගයේදී අජන්ත මෙන්ඩිස් කඩුලු 3 ක් බිඳ හෙලමින් ‘තගරයේ වීරයා’ බවට පත්වූ අතර ශී‍්‍ර ලංකාව කඩුලු 5 ක ජයක් වාර්තා කළේය.
තරගාවලියේ පළමු තරගය මෙය වු අතර මෙන්ඩිස් ඕවර 3 කදී ලකුණු 15 කට කඩුලු 3 ක් දවාලමින් සිම්බාබ්වේ මැද පිතිකරු පෙළ බිඳ දැමුවේය.
පිටියේ තෙත ගතිය හේතුවෙන් පිලකට ඕවර 17 කට සීමා කෙරුණු මේ තරගයේදී සිම්බාබ්වේ පිල කඩුලු 8 ක් දැවි ලකුණු 106 ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශී‍්‍ර ලංකාව ඕවර 16 කදි කඩුලු 5 කට ලකුණු 107 ක් ලබා ගත්තේය.
තිලකරත්න ඩිල්ශාන් හා මහේල උඩවත්ත යන ආරම්භක පිතිකරු යුගලය ඕවර 4 ක් තුළ ලකුණු 36 ක් රැස් කළහ.
සිම්බාබ්වේ කඩුලු 8 ට 106 (ඕවර 17)
එස්. මසකඩ්සා 22, ටී. ටයිබු නොදැවී 45 (මහරූෆ් 18 ට 2, තුෂාර 19 ට 2, මෙන්ඩිස් 15 ට 3)
ශී‍්‍ර ලංකාව: කඩුලු 5 ට 107 (ඕවර 16)
එම්.උඩවත්ත 25, ටී.ඩිල්ශාන් 33 සී.කපුගෙදර නොදැවී 18,, එම්. මහරූෆ් නොදැවී 13 (ප‍්‍රයිස් 9 ට 2)

No comments: